ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා : උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා : උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
(08.06.2026 – hirunews.lk)
2026 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම, 2026 අ.පො.ස උසස් පෙළ විභාගය 2026 අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය සැප්තැම්බර් මස 05 වැනිදා තෙක් පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴
හොරණ බැංකු කොල්ලයේ නඩු භාණ්ඩ අධිකරණයට; මුදල් පරිපාලන වාර්තාවක් කැඳවයි
(08.06.2026 – hirunews.lk)
හොරණ රාජ්‍ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5 ක කොල්ලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව එම බැංකුවේ මුදල් පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම අද (08) එම බැංකුවේ කළමණාකරුට නියෝග කළා.
මෙම බැංකු කොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව විධිමත් මුල්‍ය ක්‍රියා පටිපාටියක් අවශ්‍යව ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.
මෙහිදී සැකකරු විසින් බැංකුවේ යකඩ රාක්කයක් හා බිත්තිය අතර සඟවා තිබී සොයාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දාහක (17,47,000) මුදල සහ බෑගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට භාර දීමද සිදුකෙරුණා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ උප පොලිස් පරීක්ෂක ජූඩ් යන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා ෴
Derana 360 | අචාර්ය හර්ෂ ද සිල්වා සමග| With Harsha De Silva | Ada Derana ((08.06.2026)
+
Hiru TV Salakuna Live | Maithri Gunaratne, Rajith Keerthi Tennakoon | Episode 532 | 2026-06-08
+
රණවිරුවන්ට වෛර කරන ජේවීපී ත්‍රස්ත වදකයෝ (08.06.2026)
+
පුංචි පවුල රත්තරන් කියලා, කෙළියා නේද මුලු රටේම පවුල්වලට (08.06.2026)
+
සලේට කැත විදියට සලකන අයට ඒවා ඉදිරියේදී නොවැරදීම ලැබෙයි (08.06.2026)
+
දන්සල් පෝලිමේ මිනිස්සු මරපු රියැදුරාට මරණ දඬුවම දෙන්න පුළුවන්. මේක හිතාමතාම කරපු මිනීමැරුමක් (08.06.2026)
+
කෝටි ගණන් ඩොලර් ගෙනල්ලා ගහන්න ගිය ගේම හෙළිවෙයි! පොලීසියක්ම මාරුකර යවයි! (08.06.2026)
+
ඔරිජිනල් ජෙප්පො පව් (08.06.2026)
+
සුරේෂ් සලේ සහ විමල් කල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය (08.06.2026)
+
වීරයා දීනයා කර දීනයා වීරයා කරවන, මාලිමාවේ සමාජ මාධ්‍ය මෙහෙයුම (08.06.2026)
+
කොටස් පහකට රට කඩන මාලිමාවේ උත්සාහය ! (08.06.2026)
+
පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සඟවා හමුදාව පිට වරද පැටවීමේ කුමන්ත්‍රණයක් (08.06.2026)
+++
සලේ රණවිරුවා යුද්දෙන් අපිව බේරගන්න වැසි කීයක තෙමෙන්න ඇද්ද ? (08.06.2026)
+++
නානා නිදැල්ලේ – සලේ ඇතුළේ? – සර්වජන නීතිඥයෝ පොයින්ට් එකටම කියයි (09.06.2026)
+
ඩොලර් මිලියන 2.5 ක කොල්ලය ඔඩු දුවයි – “මේකේ තියෙන සමහර දේවල් මහ බැංකු අධිපති පිළිගන්න ලෑස්ති නෑ” (09.06.2026)
+
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 99 වැනි වියට පා තබයි
(09.06.2026 – hirunews.lk)
ලාංකීය කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක, පරිසරවේදිනියක ලෙස ගරු බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය අද (09) සිය ජීවන ගමන් මගේ 99 වැනි වියට පා තබනවා.
1927 ජුනි මස 09 වැනිදා රුවන්වැල්ලේදී උපත ලැබූ ඇය, ‘අයිරාංගනී රොක්සානා මීදෙණිය’ වූ අතර විවාහයෙන් පසු ‘අයිරාංගනී සේරසිංහ’ නම් වූවා.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (B.A.) උපාධිය හිමිකරගත්තා.
රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ ඇය, පසුව ‘ටයිම්ස්’ පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කර තිබෙනවා.
1950 දශකයේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, 1955 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකින් සිනමාවට පිවිසියා.
ඉන් අනතුරුව ලෙස්ටර්ගේම සුවිශේෂී සිනමා නිර්මාණයක් වූ ‘රේඛාව’ චිත්‍රපටයේ ‘කතිරිනා හාමි’ චරිතය නිරූපණය කරමින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමටද සමත් වුණා.
අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන් ‘කලාකීර්ති’ ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ ‘වෝටර්’ (Water) චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයා තිබෙනවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴