නීතිවිරෝධී ලෙස දුරකථන සහ ‘පෙන්ඩ්‍රයිව්’ රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස දුරකථන සහ ‘පෙන්ඩ්‍රයිව්’ රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(17.05.2024 – 11:42 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධි ලෙස ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද ජංගම දුරකතන තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම සිදුකර තිබුණේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින්.
නීති විරෝධි ලෙස විවිධ වර්ගයේ ජංගම දුරකතන 1,081 ක් හා Pen Drive 200 ක් සමග සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 59 වයස්වල පසුවන කොළඹ 12 හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
පොලිසිය පවසන්නේ වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ගුවන්තොටුපොළ රේගු නිලධාරින් වෙත භාරදීමට නියමිත බවයි ෴
තද සුළං පිළිබඳව නාවික සහ ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්
(17.05.2024 – 12:15 +0530 – hirunews.lk/sinhala)
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට පැයට කිලෝමීටර් (60-70) දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
+
සරසවි අනධ්‍යයන සේවකයින් 16 වන දිනටත් වර්ජනයේ
(17.05.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)
වැටුප් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනය අද (17) දින වනවිට 16 වන දිනටත් ක්‍රියාත්මක බව ‘විශ්වවිද්‍යාල වෘත්තීය සමති ඒකාබද්ධ කමිටුවේ’ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළා.
වැඩිදුරටත් ඔහු පවසා සිටියේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීමද කල් යනු ඇති බවයි.
+
මේ අතර, තම ගැටලු සදහා විසඳුම් ලබාදීමට රජය තවදුරටත් කටයුතු නොකරන්නේ නම් එලඹෙන 27 වනදා අඛන්ඩ වැඩවර්ජනයකට අවතීර්ණය වන බව ‘ග්‍රාම නිලධාරී සංගම්’ ප්‍රකාශ කළා.
+
එමෙන්ම, මෙරට ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට ආණ්ඩුව කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බවත් එසේ නොමැති නම් සියලු ගුරුවරු ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවයි ‘ලංකා ගුරු සංගමයේ’ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ෴
කුසල්ට අමෙරිකානු වීසා නොලැබුණු හේතුව මෙන්න
(17.05.2024 – 13:27 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ‘විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය’ සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමට අවශ්‍ය කරන වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැහැදිලි කළේ, කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කර නොමැති නමුත් මේ වන විට එය සකස් කෙරෙමින් පවතින බවයි.
තව ද කුසල්ට ඉදිරි දින දෙක (2) තුළ වීසා ලැබෙනු ඇතැයි ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් එහි දී විශ්වාසය පළ කළා.
කෙසේ නමුත් අමෙරිකානු තානාපති කාර්යාලය විසින්, අදාළ කටයුතු සඳහා කුසල්ගේ අමතර තොරතුරු ඉල්ලා ඇති බව පවසනවා.
මේ අතර, ආරංචි මාර්ග සඳහන් කරන්නේ, 2020 වසරේ දී පානදුර ප්‍රදේශයේ දී කුසල් මෙන්ඩිස් අතින් සිදු වූ රියඅනතුර සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තොරතුරු ඉල්ලා ඇති බවයි ෴
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවයි
(17.05.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)
කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවා තිබෙනවා.
එහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ලෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපළේදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවනවා.
ඒ විදේශයක සිටින තම පුත්‍රයා බැලීම සඳහා සිය බිරිඳ ගුවන් තොටුපලට ඇරළවීම සඳහා ගොස් තිබූ අවස්ථාවේදී.
එහිදි රාජ්‍ය ඇමති ගිනි අවි රැගත් සිය ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ ගුවන් තොටුපලට ඇතුළුවීමට උත්සහ ගෙන ඇති අතර ගිනි අවි රැගෙන ගුවන් කොටුපලට ඇතුළුවීමට අවසර දිය නොහැකි බවට ආරක්ෂක අංශ නිලධාරීන් පවසා තිබුණා.
එහිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ආරක්ෂක අංශ නිලධාරීන්ට බැණ වැදි ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපල පරිශ්‍රය තුළදි එහි භාණ්ඩ රැගෙන යන පෝටරයෙකුට ද පහරදි තිබෙනවා.
රාජ්‍ය ඇමතිගේ බිරිඳ රැගෙනවිත් තිබු ගමන්මලු කිහිපයක් ප්‍රවාහනය සඳහා අදාළ පෝටරයාට ගෙවූ මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබෙනවා.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය ඇමති අද (17) ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.
++++++++++
+
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් නිදොස් කොට නිදහස්
(17.05.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු (3) ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට (4) එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.
මීට වසර 11 කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 09:30 ට ප්‍රකාශයට පත් කෙරිණ.
ගම්පහ නැදුන්ගමුවේ පිහිටි ‘වෙනිග්‍රොස්’ කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගල ජලය අපවිත්රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් (5) පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා (01) යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීය.
එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු (2) ඇතුළු තිදෙනකු (3) මිය ගිය අතර තවත් පාසල් සිසුන් 10 කට ආසන්න ගණනක් ඇතුළු 50 ක පමණ පිරිසක් තුවාල ලැබුවා.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පැමිණිලි කළා. ඉන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ (2) අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්. තිසේරාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදුකළා.
විමර්ශන වලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් (4) අත්අඩංගුවට ගනු ලැබූහ. විශේෂත්වය, යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද සීඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් ඉදිරිපත් කර තිබුණු අතර සාක්කිකරුවෝ ද 70 කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබිණි. කෙසේවෙතත් නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිපදෙනකු පමණි. එසේම මෙම නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් වුණා.
නඩුවේ තීන්දුව මීට පෙර ලබාදීමට නියමිතව තිබූ දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියකු පැමිණ නොසිටි අතර, ඔවුන් ලිඛිත දේශන ලබාදීමට ද ප්‍රමාද වූ බව චූදිතයන්ගේ නීතිඥවරු දැනුම් දුන්නා.
රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
+
ලංකාව ඇතුලේ ගෙවීම් ඉන්දියානු රුපියල්වලින්
(17.05.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)
රැකියා හෝ සංචාර සදහා මෙරට පැමිණෙන ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ එම ක්‍රියාවලියට අදාළ නියාමන හා මාර්ගෝපදේශ හඳුන්වා දීමට මහ බැංකුව පියවර ගන්නා බවයි.
‘ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව’ විසින් හදුන්වා දී ඇති ගෙවීම් පියවීම් සදහා වන ජංගම් යෙදවුමක් වන UPI හරහා බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.
+
සා/පෙළ විභාගයේ දී සිදු වූ තවත් අක්‍රමිකතා රැසක් එළියට
(17.05.2024 – 14:26 +0530 – hirunews.lk/sinhala)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ගැටලුකාරී තත්ත්වයන් රැසක් වාර්තා වූ අතර නියමිත පටිපාටියෙන් බැහැරව ප්‍රශ්න සකස් කිරීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීමද ඒ අතර වුණා.
කෙසේ වෙතත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සිසුන් ‘මානව හිමිකම් කොමිසම’ට පැමිණ ඇතත් ඔවුන්ට සිදුව ඇත්තේ පැය 4 කට ආසන්න කාලයක් රැඳී සිට හිස් අතින් යළි නිවෙස් බලා යාමටයි.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට සහායකයින් දෙදෙනෙකු (2) සඳහා අවසර හිමිව තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි (2) කොටස සඳහා එම පහසුකම ලබා නොදුන් බවට පැමිණිලි කිරීම සඳහා එම සිසුවා මානව හිමිකම් කොමිසමට පැමිණියා.
එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී ත් විශේෂ අවශ්‍යතා සහිත දැරියකට විෂයයන් 4 කට පෙනීසිටීමට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලැබී තිබුණා.
ඒ අනුව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් විභාග ශාලාධිපතිවරයාට අදාළ සහන නිර්දේශ කරමින් ලිපියක්ද යොමුකර තිබුණා.
කෙසේවෙතත්, එම දැරියට ද අදාළ පහසුකම් යටතේ විභාගයට පෙනීසිටීමට අවස්ථාව හිමි නොවූ බව පවසමින් ඇයගේ මව්පියන් අද (17) මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴