ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්

(07.04.2026 – 17:23 +0530 – sinhala.adaderana.lk)

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ ‘සරත් කෝන්ගහගේ’ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ‘දේවප්‍රිය අබේසිංහ’ යන අය මෙමස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අද (07) අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32 ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට (2) චෝදනා එල්ලව ඇත ෴


මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23 ක් හඳුනා ගැනේ

(07.04.2026 – 07:10 +0530 – sinhala.adaderana.lk)

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින් දිගටම දායකත්ව ලබා දුන් අතර එය සියල්ලන්ම දන්නා ප්‍රසිද්ධ රහසක් වන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“අපි වැටලීම් දිගින් දිගටම කරනවා.. සංවිධානාත්මක අපරාධකරුවන්ට දිගින් දිගටම දායකත්වය ලබා දුන්නේ දේශපාලනඥයින්.. ඒක ප්‍රසිද්ධ රහසක්.. ඒක කවුරුත් දන්නවා.. මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළින්ම ඉන්නේ මේ සංවිධානාත්මක අපරාධකරුවෝ.. මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු හඳුනාගෙන තියෙනවා.. සියලු දෙනාම මේ වන විට විදෙස්ගත වෙලා ඉන්නේ.. මේ සියලු දෙනා ගැනම අපි හොඳ අධ්‍යනයකින් ඉන්නවා.”

මේ අතර කුඩා කාලයේ ශාරීරික සහ මානසික හිංසනයන්ට ලක්වන ළමුන් ප්‍රචණ්ඩතවයට නැඹුරු වීම ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ එවැනි දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ද පවතින බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය මේ බව සදහන් කළාය ෴


කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රුපියල් ලක්ෂ 30 ක් වටිනා ETX නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

(07.04.2026 – hirunews.lk)

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහා ගිලන් රථයක් ආකාරයට සකස් කරන ලද ETX වර්ගයේ නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයක් ඊයේ (06) පරිත්‍යාග කර තිබෙනවා.

CodeGen ව්‍යාපාරයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත CodeGen ආයතනයේ සභාපති වෛද්‍ය හර්ෂ සුභසිංහ විසින් මෙම නවීන විද්‍යුත් ත්‍රීරෝද රථය නිල වශයෙන් බාරදීම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සහ විකලාංග සේවා පරිශ්‍රයේ දී පැවැත්වුවා.

මෙම නවීන විද්‍යුත් ත්‍රීරෝද රථයේ නවීනතම පහසුකම් සහ හදිසි අනතුරු රෝගී ප්‍රතිකාර ප්‍රවාහන සේවාවන් සඳහාම සකස් කර කර ඇති පහසුකම් පිළිබඳව CodeGen ආයතනයේ නිලධාරීන් මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරිමට ද පියවර ගනු ලැබුවා.

ETX යනු ශ්‍රී ලංකාවේ Vega Innovations සමාගමට අනුබද්ධ Elektrateq ආයතනය විසින් දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කරන ලද නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයකි.

රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුත් මෙම ETX නවීන ත්‍රීරෝද රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් (Full charge) කිලෝමීටර් 150 ක පමණ දුරක් ධාවනය කළ හැකි අතර මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 70 ක් පමණ වෙනවා.

සාමාන්‍ය විදුලි පේනුවකින් (Standard plug) ආරෝපණය (Charging) කළ හැකි අතර, වේගවත් ආරෝපණ (Fast charging) තාක්ෂණය මඟින් පැයකට අඩු කාලයකදී 80% දක්වා ආරෝපණය කළ හැකි අතර, මෙහි දියර මඟින් සිසිල් කරන ලද (Liquid-cooled) ආරක්ෂිත LiFePO₄ බැටරි පද්ධතියක් භාවිතා කළ හැකි බවයි පවසන්නේ.

කිලෝමීටරයක් ධාවනය සඳහා වැය වන්නේ රුපියල් 5 – 7 ක් වැනි ඉතා අඩු මුදලක් බවත් මෙහි වායුසමීකරණ (A/C) පද්ධතියක්, නවීන ශබ්ද පද්ධතියක් සහ ආරක්ෂිත දොරවල් 4 ක් අඩංගු වන බව CodeGen ආයතනයේ නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට හදිසි අනතූරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය, CodeGen Inteational ආයතනයේ නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුලු පිරිසක් එක්ව සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *