අදත් (08) ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

අදත් (08) ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්


අදත් (08) ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

(08.04.2026 – 07:19 +0530 – sinhala.adaderana.lk)

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය.

ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩාමාදුව සහ පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් මෙලෙස ජල සැපයුම් සීමා කිරිමට පියවර ගෙන තිබේ ෴

+++

හෙට (09) වතුර කැපෙන තැන්

(08.04.2026 – 11:39 +0530 – sinhala.adaderana.lk)

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මධ්‍යස්ථානය නිවේදනය කළේ, හෙට (09) උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොල්ගස්ඕවිට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය.

මේ අතර, අද (08) රාත්‍රී 8 සිට හෙට (09) උදෑසන 8 දක්වා හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම, පාදුක්ක පාර – ගොඩගම සිට ලියන්වල පාලම, අතුරුගිරිය පාර ගොඩගම සිට හබරකඩ, දාම්පේ හොරගල පාර, මාදුලාව හොරගල පාර, සෝමරත්න මාවත, ආටිගල පාර, ඇඹුල්ගම පාර, රනාල හබරකඩ පාර, මොරගහහේන පාර, පුවක්වත්ත පාර ප්‍රදේශ වලට පැය 12 ක ජල කප්පාදුවක් සිදුවෙනු ඇත.

අද (08) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ ෴


ලංකා IOC ඩීසල් වර්ග කිහිපයක මිලත් ඉහළට

(08.04.2026 – 08:26 +0530 – sinhala.adaderana.lk)

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව,

  • XtraMile ඩීසල් ලීටරයක මිල රු. 551 සිට රු. 590 දක්වා ද ,
  • ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු. 572 සිට රු. 600 දක්වා ද,
  • XtraGreen ඩීසල් ලීටරයක් රු. 588 සිට රු. 620 දක්වා ද ඉහළ දමා තිබේ ෴

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම ජනතා අයිතියට

(08.04.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.

පර්යන්ත දෙකකින් (2) සමන්විත එහි නවීකරණ කටයුතු රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදු කෙරෙනවා.

බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කර තිබෙනවා.

+++

+++

+


ප්‍රමිතියෙන් තොර ක්‍රීම් ජාවාරමක් වටලයි

(08.04.2026 – hirunews.lk)

ස්වභාවික රූපලාවන්‍ය ආලේපන බව අඟවමින් ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ ආයතනයක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම නිෂ්පාදන දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කුළුබඩු උද්‍යානය (spice garden) වෙත ලබා දී අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මෙම නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී අද (07) වටලනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිසිදු ප්‍රමිතියකින් තොර ක්‍රීම් වර්ග අධික මිල ගණන් යටතේ විදේශිකයින්ටද අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මාවනැල්ල ප්‍රදේශයේ කුළු බඩු ආශ්‍රිත ස්ථානයක් වැටලීමෙන් පසුව ලද තොරතුරකට අනුව මෙම කර්මාන්තශාලාව වැටලීමට පියවර ගෙන තිබුණා.

+++

බාල රු. 250 ට දෙන ක්‍රීම් රු. 60,000 ට සුද්දන්ට විකුණලා – මාතලේ නිෂ්පාදනාගාරයක් පාරිභෝගිකයෙන් වටලයි (08.04.2026)

+


ඊයේ (06) ලංකාවේ තැන් 45 ක කරන්ට් එක කපලා – මම හරියටම කිව්වා සති දෙකකට (2) කලින් කිව්වා කරන්ට් කපනවා කියලා – ඩී.වී. චානක (07.04.2026)

+


ජපානයේ ඉන්න ව්‍යාපාරිකයෙකුත් රවට්ටලා හොර සහතික හදලා ජපන් යවපු ජාවාරම්කාරයෝ (07.04.2026)

+


බාල ගල් අඟුරු පාඩුව රු. බිලියන 30 ක් 40 ක් වෙයි | වගකීම බාරගෙන වහාම ඇමැතියි ලේකමුයි ගෙදර යන්න (08.04.2026)

+


ටිල්වින් මහත්තයෝ, බංකර 10 ක හැංගුණත් මිනිස්සු පැලවත්ත වටලනකොට පැනලා යන්න බැරිවෙයි | සුගීශ්වර කියයි (08.04.2026)

+


රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

(08.04.2026 – 11:44 +0530 – sinhala.adaderana.lk)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවා නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස ‘1930’ ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළිදක්වා ඇත.

ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළි දැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය වන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) එම දෙපාර්තමේන්තුවේදී සිදු විය.

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම තොරතුරු ලබාගත හැකි, පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සේවය සහ මහජනයා අතර පවතින සන්නිවේදන පරතරය හේතුවෙන් බොහෝ දෙනා අතර මැදියන්ගේ ග්‍රහණයට හසුවන බවත්, එය ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු ඇති කරන බවත් මෙහිදී අනාවරණය විය.

1930 අංකය සහ නව වෙබ් අඩවිය හරහා නිවැරදි තොරතුරු සෘජුව ලබා දීමෙන් එවැනි වංචනික ක්‍රියාකාරකම් බැහැර වන විනිවිද පෙනෙන සේවාවක් සැපයීමට පියවර ගෙන තිබේ.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට දරු උපත් ලියාපදිංචිය, විදේශිකයන් සමඟ විවාහ වීම සහ දේපළ කටයුතු වලදී මුහුණ දෙන ගැටලු වලට මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය සහ වෙබ් අඩවි හරහා විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සිදුවන නව තාක්ෂණික පරිවර්තනයක ආරම්භයක් සනිටුහන් කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි ෴


හොඳ පචයක් කිව්වොත් තමයි නින්ද යන්නේ – මමත් අවුරුදු 30 කට වැඩිය ජේවීපී; බාල කුමාරයාව දැකලා නෑ; කොහෙන් ආපු එකෙක්ද? – විමල් වීරවංශ (08.04.2026)

+


බලා සිටියදීම ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ එන්ජිමක් ගිනි ගත් හැටි (08.04.2026)

+


විදේශ රැකියා ජාවාරමකින් කෝටියක් මුදල් වංචා කළ කතුන් දෙදෙනකු (2) ඇතුළු 3 ක් දැලේ

(08.04.2026 – hirunews.lk)

ඇල්බේනියාව, කැනඩාව සහ ජපානය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමියෙකු (1) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම ප්‍රදේශයේදී ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් පවත්වාගෙන යමින්, ඒ මුවාවෙන් ඇල්බේනියාවේ සහ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් (1) මුලින්ම අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය මෙම ආයතනය වටලා රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, මීරිගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට ලද පැමිණිලි 3 ක් මත තවත් වැටලීමක් සිදුකර කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

එහිදී කාර්යාංශ නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා මෙම ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් ව තිබුණා.

මීරිගම වැටලීමේදී මිනුවන්ගොඩ පදිංචි කාන්තාවක් (1) සහ ජාඇල පදිංචි පිරිමියෙකු (1) අත්අඩංගුවට ගත් අතර, අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

එහිදී පළමු සැකකාරිය ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, දෙවන සැකකරු ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියෝග කර තිබුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *