ප්‍රසන්න රණවීර කටුනායක ගුවන්තොටුපොළේ දී ඇති කරගත් අප්‍රසන්න ගැටුමට හේතුව

ප්‍රසන්න රණවීර කටුනායක ගුවන්තොටුපොළේ දී ඇති කරගත් අප්‍රසන්න ගැටුමට හේතුව


ප්‍රසන්න රණවීර කටුනායක ගුවන්තොටුපොළේ දී ඇති කරගත් අප්‍රසන්න ගැටුමට හේතුව

(16.05.2024 – 19:03 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටරයෙකුට ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය’ ප්‍රසන්න රණවීර පහරදී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය ඇමති විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

එහිදී රාජ්‍ය ඇමති ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය ඇමතිට පවසා තිබේ.

ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.

අනතුරුව රාජ්‍ය ඇමතිගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටරයාට රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

සේවා සපයන පෝටරයෙකුට රුපියල් 1,000 ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය ඇමති විසින් ඔහුට රුපියල් 700 ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙයි.

පෝටරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමති ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණි.

එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.

සිදුවීම සම්බන්ධයෙන් අප රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගෙන් විමසීමක් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර :

“මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත.”

+


සා/පෙළ අසාධාරණවලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

(16.05.2024 – 22:06 +0530 – sinhala.adaderana.lk)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය වෙන අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි (2) කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ අවශ්‍යතා සහිත දැරියකට එම පහසුකම යටතේ විෂයයන් 4 කට පෙනීසිටීමට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලැබී තිබුණි.

ඒ අනුව විදුහල්පතිනිය කර තිබූ ඉල්ලීමට අනුව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් විභාග ශාලාධිපතිවරයාට අදාළ සහනයන් ඇතුළත් ලිපියක්ද යොමුකර තිබුණි.

කෙසේවෙතත්, එම දැරියට ද ප්‍රශ්න පත්‍ර හතරටම (4) එම පහසුකම් යටතේ පෙනීසිටීමට විභාග පරීක්ෂකවරු අවස්ථාව ලබානොදුන් බවට චෝදනා කරමින් ඇයගේ මව්පියන් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

+

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සිසුන් දෙදෙනකුටත් (2) පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.

ඊයේ (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණි.

මෙවන් පසුබිමක මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රය හා සිතියම කොටස ලබා නොදුන් බවට එම සිසුන් චෝදනා කරයි.

+

+


‘සෝල් බීච්’ හෝටලයේ අධ්‍යක්ෂවරයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

(16.05.2024 – 17:22 +0530 – sinhala.adaderana.lk)

තම හෝටලය කඩා ඉවත් කිරීම පසුපස යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වන බව ‘දෙහිවල සෝල් බීච් හෝටලයේ’ අධ්‍යක්ෂවරයා පවසයි.

අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘සෝල් බීච්’ හෝටලය ඉවත්කරන්නේ නම් දෙහිවල මුහුදු වෙරළට මුහුණලා ඇති අනෙක් හෝටල් 52 කට ආසන්න ප්‍රමාණයද කඩා ඉවත් කළ යුතු බවය.

FCIDය හමුවේ තමන් මුදල් ඉපැයූ ආකාරයත්, තමන්ට ඇති ව්‍යාපාර පිළිබඳවත් නිසි පරිදි අනාවරණයක් කළ බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එසේම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා තමන් විසින් සියලුම රජයේ ආයතන හරහා ලබාගතයුතු නිත්‍යානුකූල ලියකියවිලි ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී ඔහු දැක්වූ අදහස් :

++++++++++

+

+


ඉන්දියාවේ PhonePe ලංකාවේ වැඩ අරඹයි

(16.05.2024 – 16:19 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ ක්‍රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (15) කොළඹදී සිදුකෙරුණි.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සහ මෙරට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ක්‍රමය මගින් ඉන්දියානු සංචාරකයින්ට මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කළ හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා :

“ඔබ බොහෝ දෙනා දන්නා ආකරයට ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සහකරුවා. අපි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවට විශාලතම සෘජු විදේශ ආයෝජන සිදුකළ මුලාශ්‍ර ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට ඉන්දියාව දායක වී තිබෙනවා.

ඒ වගේම UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ මෙරටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා සහායවීමට අපි අපේක්ෂා කරනවා.

UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා UPI පද්ධතිය යොදාගත හැකියි.

එමගින් ඉන්දියානු සංචාරකයින්ට පහසුවක් සැලසෙනවා පමණක් නෙවෙයි. මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයටද උත්තේජනයක් ඇති කරනවා… වගේම දෙරටේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ලබනවා.

ශ්‍රී ලංකාවේ සුවිශේෂි ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා ද ඉන්දියාව සහාය වනවා.

ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් ඇත්නම් මට ඔබට කියන්න තියෙන්නේ… සයිබර් ආරක්ෂාව සහ තොරතුරු දත්ත ආරක්ෂාව පිළිබඳ අපේ පළපුරුද්ද මෙන්ම විගණනය, වගවීම සහ වලංගු කිරීම සඳහා අප යොදාගන්නා පද්ධති සැලකුවිට ඔබට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවයි.”

+


මන්ත්‍රීවරු පත්වෙනකොටම හොඳ වැටුපක් සහ හොඳ වාහනයක් ලබාදෙන්න ඕනේ | ගම්මන්පිල කියපු අමුතු කතාව (16.05.2024)

+

ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය තිබ්බොත් වෙන දේ ගම්මන්පිල කියයි | කවුරුත් නොහිතන සිද්ධියක් මේක (16.05.2024)

+


විජේදාස කිව්ව කතාව පත්තුවෙයි | විජේදාස මේ කිව්ව කතාව ඇත්තදක්ද? | මෙන්න ඩලස් කිව්ව කතාව (16.05.2024)

+

ලැජ්ජ නැද්ද රනිල් මේ වගේ වැඩකරන්න | ආණ්ඩුවේ නිරුවත ඩලස් එළියට ගනී | ආණ්ඩුව දාපු සෙල්ලම් එළියට (16.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *