රුසියානු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් අයෙක් අල්ලයි
(16.05.2024 – 13:56 +0530 – hirunews.lk/sinhala)
රුසියානු යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලු සැකකරුවන් 5 දෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (16) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.
තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙලෙස රිමාන්ඩ් කර සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා කුරුණෑගල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 08 වනදායි.
මේ අතර මෙලෙස මුදල් ලබා දී රුසියාවට ඇතුළු වීමට නොහැකිව යළි මෙරටට පැමිණි විශ්‍රාමික හමුදා සෙබළුන් මුදල් ලබා ගත් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකුගේ මොණරාගල – දඹගල්ල ප්‍රදේශයේ නිවසට අද (16) උදෑසන ගොස් තිබුණේ ඔහු යළි දිවයිනට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුවයි.
කෙසේ වෙතත් පසුව දඹගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිසියට භාර දී තිබුණා.
මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා ෴
+
ශ්‍රී ලාංකිකයන් රුසියානු හමුදාවට යැවු ඒජන්සියක හිමිකරුවෙකු සහ කළමනාකරු අත්අඩංගුවට
(16.05.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ නුගේගොඩ ස්ටෑන්ලි තිලකරත්න මාවතේ පිහිටා ඇති විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමණාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එමෙන්ම අදාළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්රයද තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා යොමු කරන බව පවසමින් මෙම ආයතනය එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති නමුත් ඔවුන් රුසියානු යුක්රේන යුද පෙරමුණට යොමු කර ඇති බව සඳහන්.
මෙම විදේශ රැකියා නියෝජිතායතනය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 7 ලැබී ඇති අතර මේවන විට අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වංචා කර ඇති බව යි ෴
+
ලාංකිකයන් මිනිස් ජාවාරම්වලට හසුවෙද්දී මොස්කව් නගරයේ තානාපති පුටුව හිස්
(16.05.2024 – 17:26 +0530 – hirunews.lk/sinhala)
යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
තවත් පිරිසක් ආබාධිතව රෝහල්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.
මොස්කව් නුවර තානාපති කාර්යාලයේ තානාපතිවරයෙකු හෝ නියෝජ්‍ය තානාපතිවරයෙකු පවා නොමැති බවයි වාර්තා වන්නේ.
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15) පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.
මේවැනි පසුබිමක රුසියානු – යුක්රේන යුද්ධයට එක් වූ මෙරට හමුදා සෙබළුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට දූත පිරිසක් රුසියාව බලා යෑමට නියමිතයි.
ඒ අනුව, ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රුසියාවේ හිටපු තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් රුසියාවට යන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසන්නේ ෴
බිරිඳ ඇරලවන්න කටුනායක ආ රාජ්‍ය ඇමති ගුවන් තොටුපොලේ යකා නටයි
(16.05.2024 – 16:28 +0530 – hirunews.lk/sinhala)
ආණ්ඩුවේ ප්‍රබල දේශපාලයෙකු පෙරේදා (14) අලුයම් කාලයේ දී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වනවා.
මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත්තේ ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය’ ප්‍රසන්න රණවීර බවයි වාර්තා වෙන්නේ.
එසේ හැසිරුණු රාජ්‍ය ඇමති ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා රැගෙන යන සේවකයෙකුගේ (පෝටරයෙකුට) පහර දී ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට බැන තර්ජනය කර ඇති බවත් වාර්තා වනවා.
රාජ්‍ය ඇමතිගේ බිරිඳ ඇතුළු කිහිප දෙනෙක් විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන් ඇරලවීමට ඔහු ආරක්ෂකයින් සමඟ ගුවන්තොටුපළට පැමිණ තිබූ අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර එම අවස්ථාවේ දී ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ නමුත් එම අවස්ථාවේ දී සිදු වූ කථාබහ දුරදිග ගොස් මෙම කලහකාරී තත්ත්වය ඇති වූ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි ඇල්ල – වැල්ලවාය මාර්ගයත් වැසේ
(16.05.2024 – 16:34 +0530 – hirunews.lk/sinhala)
ඇල්ල වැල්ලවාය මාර්ගය හෙට (17) පෙරවරු 6 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට මොණරාගල සහ ඇල්ල ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතින බැවින් කරදගොල්ල සහ රාවණා ඇල්ල අතර මාර්ගයට වැඩි වශයෙන් පස් කදු සහ ගල් කඩා වැටී ඇති බවයි.
එසේම ඇල්ල වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ පසුගිය දිනවල සක්‍රීය වී තිබූ නායයෑමේ අවධානම යළි සක්‍රීය වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස සඳහන් කළා.
බදුල්ල, කලුතර, මහනුවර, කැගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරය දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවධානම් පවතින අතර හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවාස කිහිපයකටද පස් කදු කඩා වැටී තිබෙනවා.
මේ අතර පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
රුපියල් කෝටි 08 ක මුදලක් කොල්ලකෑම සඳහා පොලිසියේ දෙදෙනෙක් (2) ඇතුළු 04 ක් ගැසූ ‘මාස්ටර් ප්ලෑන’
(16.05.2024 – 17:09 +0530 – hirunews.lk/sinhala)
කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 08 ක මුදලක් කොල්ලකෑම සඳහා පොලීසියේ දෙදෙනෙක් (2) ඇතුළු හතරදෙනෙක් (4) එක්ව සිදුකළ සැළසුමක් හසුකර ගැනීමට මහනුවර පොලිසිය සමත්ව තිබෙනවා.
මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු මෑතකදී රුපියල් කෝටි 08 ක මුදලකට නිවසක් විකුණා ඇති බවත් එම මුදල කොල්ලකෑම සඳහා මෙම පිරිස එක්ව සැලසුමක් දියත්කර ඇති බවත් මහනුවර පොලිසියේ ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා ‘හිරු ප්රවෘත්ති’ වෙත පැවසුවා.
එම ව්‍යාපාරිකයා සතුව රුපියල් කෝටි 08 ක මුදලක් නොමැති බවත් එම මොහොතේ ඔහුගේ නිවසේ ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක මුදලක් බවත් දැනගත් කොල්ල කල්ලිය, පසුව එම එම රුපියල් ලක්ෂ 80 ක මුදල කොල්ලකෑම සඳහා සැලසුම් කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 80 ක මුදලට ව්‍යාජ මුදල් නෝට්ටු දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී, මුදල් කොල්ලකෑමට මොවුන්ගේ මූලික සැලසුම වී තිබූ බව ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ, මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමටයි සැලසුම් කර තිබූ බවයි.
ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටුවලට මාරු කිරීමට ගෙන ආ බව කියන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙන අතර සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවයි මහනුවර ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් අපවෙත සඳහන් කළේ ෴
ශ්‍රී ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා අවසන් ගමන් යයි
(16.05.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)
පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මින් මැඳුරක ඇති කළ ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා ඊයේ (15) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පසුගිය කාලයේ මෙම අපූරු මත්ස්‍යා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිව තිබුණා.
මාළුවාගේ හිමිකරුවා පවසන්නේ මෙම මාළුවා අඩි අටක් (8) දිග වන අතර, වයස අවුරුදු 13 ක් පමණ වන බවයි.
ආහාර සඳහා මෙම මාළුවාට කුඩා මුහුදු මත්ස්‍යයින් දිනපතා කිලෝ ගණනින් මිල දී ගෙන ලබා දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
+
හබරණ තුන් (3) නිවුන් මවට නව නිවසක්
(16.05.2024 – 18:57 +0530 – hirunews.lk/sinhala)
තුන් (3) නිවුන් දරු උපතක් සිදුකළ හබරණ පුවක්පිටිය මහ වන මැද කටු මැටි නිවසක ජීවත් වූ මවට කඩිනමින් නිවසක් ලබාදෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබාදී තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට එම උපදෙස් ලබා දී තිබෙන බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චිට උපදෙස් ලබාදී ඇත්තේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තා දැකීමෙන් පසුව බවයි පවසන්නේ.
ඒ අනූව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ අදාල පවුලට නිවසක් ලබාදීමට කටයුතු කරන බවයි.
ඊට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් දී තිබෙනවා.
තුන් (3) නිවුන් දරු උපතක් සිදුකළ මව පවුලේ අය සමග දිවා කාළයේ කටු මැටි නිවසේත් රාත්‍රියට ගසක් මත සිටින බවයි වාර්තා වී තිබුණේ ෴
“මොන පිස්සුද අනේ” රනිල්ගේ කතාවකට මහින්දගෙන් ප්‍රතිචාර
(16.05.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් අද (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති පැවසුවේ, ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවයි.
පොහොට්ටුව මහ මැතිවරණයක් ඉල්ලන්නේ කොටස් වෙළඳපොළ වාසි ගැනීමට යැයි පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපති “මොන පිස්සුද අනේ.. ඒක පිළිගන්නෙ නෑ” ලෙස පිළිතුරු දුන්නා.
අද (16) කොළඹ පැවති වැඩසටහනකින් අතතුරුවට හිටපු ජනාධිපති සඳහන් කළේ රට වෙනුවෙන් ආණ්ඩුවේන් ඉවත් වීමටද සූදානම් බවයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴