රුසියානු යුද බිමට ගිය සෙබළුන්ගේ ඥාතීන් කොළඹට

රුසියානු යුද බිමට ගිය සෙබළුන්ගේ ඥාතීන් කොළඹට


රුසියානු යුද බිමට ගිය සෙබළුන්ගේ ඥාතීන් කොළඹට

(14.05.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

තම ඥාතීන් හැකි ඉක්මණින් නැවත මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් රුසියානු යුද බිමේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ ඥාතීන් මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය වෙත අද (14) ලිපි භාර දුන්නා.

අනතුරුව ඔවුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත ලිපියක් භාරදීමට පියවර ගත්තා.

රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම වෙනත් සිවිල් පුරවැසියන්ද රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ හමුදා සේවයට යොමු කරන ජාවාරමක් පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා රැසකදී අනාවරණ කළා.

කෙසේ වෙතත් එලෙස ගොස් ඇති ශ්‍රී ලාංකිකයින් පිරිස මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර බොහෝ පිරිසකගේ ජීවිත යුදබිමේදී අහිමි වී ඇති බවටත් තොරතුරු වාර්තා වුණා.

රුසියාව බලා ගොස් මාස 2 ක සිට කිසිදු තොරතුරක් නොමැති විශ්‍රාමික හමුදා සෙබලෙක් පිළිබඳ තොරතුරු බණ්ඩාරවෙල වටගමුව ප්‍රදේශයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශයට’ වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

තිදරු පියෙක් වන ප්‍රේමසිරි අබේකෝන් වසර 22 ක කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ සෙබලෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය අයෙක්.

‘කුරුණෑගල ප්‍රදේශයේ සිටින විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක්’ මාර්ගයෙන් රුසියාවේ රැකියා අවස්ථා පිළිබඳ ඔහු දැනුවත් වී ඇති අතර පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ රුසියාවට යාමට ඔහු තීරණය කර තිබෙනවා.

ඒ අනුවයි පසුගිය පෙබරවාරි 08 වැනිදා ප්‍රේමසිරි රුසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

+

+


බන්ධනාගාර බසය හැපෙද්දී පනින්න හැදූ සිරකරුවෝ

(14.05.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ඌර්කාවතුරේ නාරත්තන පාරේදී බන්ධනාගාර බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඊයේ (13) යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මේ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයේ සිරකරුවන් 11 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක් බසයෙන් බැස පලා යාමට උත්සහ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව බස් රථයේ සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී පැනයාමට තැත්කළ සිරකරුවන්, නිලධාරීන් භාරයට ගෙන වෙනත් වාහනයකින් යාපනය බන්ධනාගරය වෙත පිටත්කර තිබෙනවා.

බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයක පිටුපස ගැටීම නිසා මේ අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් වැන් රථයේ සිටි රියදුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා ෴


කැලණිය සිට රාගම මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි

(14.05.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala)

කැලණියේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පවසනවා ෴


ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

(14.05.2024 – 21:38 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ අද (14) කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ රස පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නැවත සිහි කැඳවීමක් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴


ආරච්චිකට්ටුව පොලිසියට චෝදනාවක්

(14.05.2024 – 22:48 +0530 – hirunews.lk/sinhala)

හලාවත විජයකටුපොත ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් හලාවත ‘ආරච්චිකට්ටුව පොලිසිය’ විසින් අත්අඩංගුවට ගත් දරුවන් තිදෙනෙකුට (3) අමානුෂික ලෙස පහර දුන් බවට ඔවුන්ගේ දෙමාපියන් චෝදනා කරනවා.

අත්අඩංගුවට ගත් දරුවන් තිදෙනාට (3) පොලිසිය පහර දුන් බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ‘හලාවත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ විශේෂ පරීක්ෂණයක් සිදුකරන අතර, පහරකෑමට ලක්වූ දරුවන් හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා ෴


පනිරෙන්ඩාව රක්ෂිතයෙන් තවත් බිහිසුණු අබිරහසක් එළියට

(14.05.2024 – 23:35 +0530 – hirunews.lk/sinhala)

අමානුෂික ලෙස ඝාතනය කර කුලියාපිටිය පනිරෙන්ඩාව මහා රක්ෂිතයට ගෙනැවිත් දමා තිබූ කුලියාපිටියේ ‘සුසිත් ජයවංශ’ නමැති තරුණයාගේ දිය වී ගිය මළසිරුර අසලම තිබී තවත් පුද්ගලයෙකුගේ දියවී ගිය මළ සිරුරක කොටස් හමු වී තිබෙනවා.

හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති එම සිරුර සහිත ඇටකටු කාගේදැයි මෙතෙක් අනාවරණය වී නැති බව හලාවත කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරය පවසනවා.

මෙම මිනිස් ඇටකටු සොයාගෙන ඇත්තේ, මීට මාස 7 කට පෙර ය. එනම් 2023 ඔක්තෝම්බර් 26 වන දා ය.

එමෙන් ම, මෙම සිරුර සහිත ඇටකටු තිබී ඇත්තේ පසුගිය දා සොයාගත් ‘සුසිත් ජයවංශ’ගේ සිරුරට ආසන්නවයි.

මාදම්පේ පොලිස් වසමේ පිහිටි පනිරෙන්ඩාව රක්ෂිතය තුළ මිනිසෙකුගේ මළ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත හලාවත කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් පනිරෙන්ඩාව රක්ෂිතයට ගොස් විමර්ශන කරද්දී මිනිස් සිරුරක් දියවී ගොස් ඇටකටු බවට පත්ව ඇති අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

එම ඇටකටු සහිත සිරුර ද තිබී ඇත්තේ ‘සුසිත්’ගේ සිරුර හමු වූ ස්ථානයට නුදුරින් මහෝගනී ගසක් මුල ය.

මියගිය පුද්ගලයා දිගු කලිසමක් ඇඳ සිට ඇති අයුරු නිරීක්ෂණය වන අතර කලිසමේ පහළ කොටස පෙනෙන්නට නොවූ අතර දෙපාවල ඇටකටු මතුවී ඇත.

එම පුද්ගලයා ඇඳ සිටි කලිසමේ පටිය ඒ අසලම සහ ඔහු පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන සෙරෙප්පු දෙක තවත් තැනක ද තිබී ‘සොකො’ නිලධාරීන් සොයාගෙන ඇත.

උකුල් ඇටය සහිත ශරීරයේ පහළ අස්ථි වෙන ම දක්නට ඇත. හැඳ සිටි බවට විශ්වාස කරන ටී ෂර්ට් එක තවත් තැනක තිබී සොයාගෙන තිබූ අතර ඒ අසලම බෑගයක් ද දක්නට ලැබී තිබෙනවා.

මොහු වස පානය කළ බවට තොරතුරක් සොකො නිලධාරීන්ට අනාවරණය නොවීය. ඒ බවට ආඝ්‍රාණය වන දුගඳක් ද නොමැති බව නිලධාරීන් පවසනවා.

මහෙස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර නිරීක්ෂණය කළ අතර පසුව එම ඇටකටු සහිත සිරුර හලාවත ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඇටකටු හමුවීම සම්බන්ධයෙන් දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථාන දැනුවත් කළ ද මේ වනතුරු කිසිදු පුද්ගලයෙකු එම ඇටකටු සහිත සිරුර හඳුනාගැනීමට පැමිණ නැත. ඇටකටුවල ඇති කලිසම සහ කමිසයෙන් කිසියම් පුද්ගලයෙකු අතුරුදන් වූයේ නම් එය හඳුනා ගැනීමට හැකිවුවත් එවැන්නක් ද මෙතෙක් සිදුවී නොමැත.

රක්ෂිතයට ඇතුළු වන මහපාරේ සිට ඇටකටු සොයාගෙන ඇති ස්ථානයට දුර මීටර 100 ක් පමණ ඇතැයි ද කියති. සිරුර රක්ෂිතයේ වෙසෙන සතුන් විසින් කා දමා ඇතැයි පොලිසිය කියයි. මොහුගේ ඇටකටු හමු වූ ස්ථානය ආසන්නයේ තිබී පසුගියදා සොයාගැනුණු මරා දමන ලද කුලියාපිටිය තරුණයාගේ මලසිරුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ කළ නිලධාරීන් විසින් ම මෙම ඇටකටු සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වනු ලබා තිබෙනවා ෴


නාඋලින් හමුවන ඉපැරණි නටබුන් (14.05.2024)

+


ආසියාවේ දිගම ගල් පාලම කැලෑවට ගිහින් වල් බිහිවෙලා (14.05.2024)

+


කළින්ම ලෙඩ වූ ග්‍රාම නිලධාරීන් – එයාලා ස්ට්‍රයික් කළාට තැලෙන්නේ අපි (14.05.2024)

+


ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් නියාමකවරියක ඝාතනය කිරීමට කොන්ත්‍රාතුවක් දීලා

(14.05.2024 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එහි සේවය කරන බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාතුවක් ලබාදුන් බව කියන සිදුවීමක් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

විවිධ අපරාධ මත ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවි කාන්තාවකට සැකකාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාතුව ලබා දී ඇති බව බන්ධනාගාර නියාමකවරියගේ පැමිණිල්ලේ වන බවයි පොලිසිය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

රැඳවි කාන්තාව බන්ධනාගාර ගතව ඇත්තේ පාතාලයේ ගිනිඅවි ආරක්ෂා කිරීම සහ ළග තබාගැනීම යන චෝදනා මතයි.

උසස්වීමට බාධා කිරිමේ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදි ඇති බව පොලිසිය පවසනවා.

ගාල්ල බන්ධනාගාරය මගින් ද මේ පිළිබද විමර්ශනයක් ආරම්භකර ඇති අතර ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරනවා ෴


“පුරවැසියාට ආයු බොහෝ වෙන්න සුබ සාධන රාජ්‍ය රැකගත යුතුයි” සජිත් ප්‍රේමදාස කියයි

(14.05.2024 – 17:43 +0530 – hirunews.lk/sinhala)

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය රැකගත යුතු බවත් එය රැකෙන්නේ රාජ්‍ය අරමුදලින් බවත් ඒ සඳහා ආර්ථිකය වර්ධනය විය යුතු බවත් රටේ ආර්ථිකය සැමට සෙත සැලසෙන ආකාරයට වර්ධනය කරන සැමටම බෙදාගත යුතු බව විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හුස්ම’ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ රාගම මහා රෝහලට රුපියල් 2,843,800 වටිනා Portable Sucker 10 ක් හා Infusion Pump 10 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

2016 ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාවලට අනුව රටේ ආදායමෙන් 52% ක් බුක්ති විඳින්නේ පෙහොසත්ම 20% බවත් දුප්පත්ම 20% භුක්ති විඳින්නේ රටේ ආදායමෙන් 4-5% පමණක් බවත් මෙය සාධාරණ වර්ධනයක් නොවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සුබසාධන රාජ්‍ය රකින ගමන් අලුත් ක්‍රමවේද අනුගමනය කල යුතු බවත් පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ කැපකිරීම් පවා අවශ්‍ය බවත් මේ සුබසාධන රාජ්‍ය රැකිය යුත්තේ යාවත්කාලීන හා නවීකරණය වෙමින් බවයි ෴


රුසියානු – යුක්‍රේන යුද්ධයට බිලිවන ලාංකිකයන්ගේ ඉරණම ගැන අනාවරණයක් (14.05.2024)

+


ස්වර්ණවාහිනී සිද්ධියට වගකියන්න ඕන නිවේදක බුද්ධික, තෙල් පුච්චන් ගිහින් ඡන්ද දෙකක් දාපු මම මෝඩයෙක් – සුදා

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *