මියගිය පාතාල නායක ‘මාකදුරේ මධූෂ්’ගේ සෙල්ලම් දිගටම කළ අයෙකු කොටුවෙයි
මියගිය පාතාල නායක ‘මාකදුරේ මධූෂ්’ගේ සෙල්ලම් දිගටම කළ අයෙකු කොටුවෙයි
(07.05.2024 – 18:34 +0530 – sinhala.adaderana.lk)
කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි සැකකරු විශේෂකාර්ය බළකා නිලධාරියෙකු ද අනතුරට ලක්කර මෝටර් රථයෙන් පළායාමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් අදාළ මෝටර් රථයේ ටයරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් සැකකරු හට මෝටර් රථය ධාවනය කරවීමට නොහැකිව තිබේ.
එහිදී සැකකරු මෝටර් රථයෙන් බැස පළායාමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පාතාල නායක ‘මාකදුරේ මධූෂ්’ගේ අපරාධ ජාලය තවදුරටත් මෙහෙයවීමේ නිරතවූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක’ හෙවත් ‘මාකොළ සුද්දා’ නැමති අයෙකු බව සඳහන් වෙයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අදාළ මෝටර් රථයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 650 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 22 ක් සමග තවත් පුද්ගලයෙකු (1) ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඔවුන් සතුව තිබී සොයාගත් ‘අයිස්’ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් (1,40,00,000) පමණ වන බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ වෙත භාරදී තිබේ ෴
++++++++++
+
මැතිවරණයක් ළඟ තියාගෙන සමාජය සුන්නද්දූලි කරන්න හදන්නේ (07.05.2024)
+
සංජය මහවත්ත අල්ලස් කොමිසමට (06.05.2024)
+
ඉරානය ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් Mahan ගුවන් සේවය ආරම්භ කිරීමට සූදානම්
(08.05.2024 – 10:13 +0530 – hirunews.lk/sinhala)
ඉරානය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කරමින් Mahan ගුවන් සේවය ආරම්භ කිරීමට ඉරාන රජය සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා ෴
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීයා CIDට
(08.05.2024 – 11:36 +0530 – hirunews.lk/sinhala)
ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ‘වෛද්‍ය විජිත් ගුණසේකර’ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවටයි වාර්තා වන්නේ ෴
“මහාපරිමාණ වෙළදුන් අල්ලන්න ප්‍රතිපාදන නැහැ” – පාරිභෝගික අධිකාරිය කෝප් කමිටුවට කියයි
(08.05.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)
මහා පරිමාණ වෙළෙඳුන් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැලිකමක් දක්වන බව කෝප් කමිටුවේදී අනාවරණ වුණා.
කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ මහා පරිමාණ වෙළෙඳුන් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවයි.
කෝප් කමිටු රැස්වීම සදහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති හා බලගැන්වීම් අංශයේ සහකාර අධ්යක්ෂ ගයනි රණසිංහ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් හා විමර්ශන අංශයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කලුතරආරච්චි සහ එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එල්.සී. බණ්ඩාර එක්ව සිටියා ෴
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීම සඳහා නව මෙහෙයුමක්
(08.05.2024 – 15:32 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරනවා සේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීම සඳහා ද නව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
එම දීපව්‍යාප්ත පුනරුත්ථාපන වැඩසටහන අද (08) ආරම්භ කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ද සහභාගිත්වයෙන්
‘සුවසාර කැදැල්ල ප්‍රජා පාදක පුනරුත්ථාපන වැඩසටහන’ නමින් මෙය නම් කර තිබෙනවා.
ඒ යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 11 ක් සහ දිවයින පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 256 ක් ස්ථාපනය කිරීමට නියමිතයි.
+
කබලෙන් ලිපට වැටුණු මින්නේරියේ ගොවීන්
(08.05.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)
මෙවර යල කන්නය යටතේ මින්නේරිය රොටවැව මාතලාවැව ගොවි සංවිධානය යටතේ කුඹුරු අක්කර 340 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කර තිබෙනවා.
එම වී වගාවන් සඳහා මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් රජයේ පොහොර සහනාධාරය මෙතෙක් නොලැබීමෙන් එම ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුවකටයි.
ගොවිතැන වෙනුවෙන් මේ වනවිටත් විශාල මුදලක් වියදම් කර ඇති පසුබිමක වී වගාව සදහා පොහොර මිළදී ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවයි ගොවීන් පවසන්නේ.
මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ව්‍යාපාරයේ රජඇල ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් මහ කන්නය යටතේ වගා කල එළවළු වගාවන්හි අස්වනු මේ දිනවල නෙලමින් පවතිනවා.
බණ්ඩක්කා, මෑ කරල්, මිරිස්, කරවිල ඇතුළු එළවළු වගාවන්ගෙන් ගොවීන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට සමත්වුවද එළවළු මිල විශාල වශයෙන් පහළ යාම හමුවේ එම ගොවිජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි ෴
‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ආපසු කැඳවයි
(08.05.2024 – 17:50 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ ‘ඇස්ට්‍රාසෙනිකා’ ආපසු ගෙන්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
‘ඉන්දියාවේ සීරම් සමාගම’ සමග එක්ව මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ නමින්.
කෙසේ වෙතත් එය ලබා ගත් ඇතැම් පුද්ගලයන් අතුරු ආබාධ වලට සහ රුධිරය කැටිගැසීමේ තත්ත්වයන්ට මුහුණ දුන් බව ‘ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ’ පර්යේෂකයන්ගේ වාර්තා අනුව බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේද පසුගියදා අනාවරණය වුණා.
කෙසේ වෙතත් වාණිජ හේතුන් මත ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් යළි කැඳවන බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ ෴
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා හෙට COPF හමුවට
(08.05.2024 – 18:51 +0530 – hirunews.lk/sinhala)
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා (2) හෙට (09) දිනයේ කැඳවීමට නියමිත බවයි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන්කර සිටියේ.
හර්ෂ ද සිල්වා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සිය X ගිණුමේ සටහනක් තබමින්.
එම සටහනේ දැක්වුණේ දැනට සිදුවෙමින් පවතින වීසා ලබාදීමේ අසාර්ථකත්වය පිළිබඳ සමබර පරීක්ෂණයක් සඳහා මෙම කැඳවීම සිදුකරන බවයි ෴
‘විදුලිබල පනත් කෙටුම්පත’ට එරෙහිව තවත් පෙත්සමක්
(08.05.2024 – 16:41 +0530 – sinhala.adaderana.lk)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
‘ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින්’ වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ද නම්කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි.
මේ නිසා විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය.
එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති බවත් එය මහජන සුබසාධනයට එතරම් යහපත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන බවත් ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.
ඊට අමතරව මෙම පනත් කෙටුම්පතට පාදක වන විදුලිබල විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටද අයත් විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළහ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴