“තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය දන්නවා ” – ටිරාන් අලස්

“තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය දන්නවා ” – ටිරාන් අලස්


“තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය දන්නවා ” – ටිරාන් අලස්

(07.05.2024 – 22:28 +0530 – hirunews.lk/sinhala)

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් තරුණයෙකු ගුවන් තොටුපලේදී කළ විවේචනය පිටුපස ඇති දේශපාලන හස්තය පිළිබඳව තමන් දන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ තරුණයාට එරෙහිව මෙවැනි කටයුත්තකදී සිදුකෙරෙන නීතිමය කටයුතු සිදු කෙරෙන බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් පැනනැගුණු බවයි වාර්තා වන්නේ.

එහිදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නව වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

නව වීසා ක්‍රියාවලිය සංශෝධන නොකරන්නේ නම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හරීන් ප්‍රනානදු අමාත්‍යවරයාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබා දී තිබුණා.

පසුව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ විදේශිකයින් මෙරටට පැමිණීමේදී දින 30 ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ අමෙරිකානු ඩොලර් 50 ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටයි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් සඳහා මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් එහිදී තීරණය වී තිබෙනවා.

විදේශිකයෙකු මෙරටට ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර මෙම වීසා ගැටලුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසක්ද අදහස් පළ කළා ෴

+++++++++

මෙරට වීසා ලබා දීම පවරා ඇත්තේ නරේන්ද්‍ර මෝඩිගේ ගජමිතුරාගේ VFS Global සමාගමටයි..

(07.05.2024 – 15:50 +0530 – lankacnews.com)

වීසා නිකුත් කිරීමේ පරම අයිතිය මෙරට නීතිය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබියදී එය තුට්ටුවකට හෝ මායිම් නොකර ‘රනිල් රාජපක්ෂ’ ආණ්ඩුව On Arrival Visa සහ Online Visa ලබා දීමේ බලය ඉන්දීය අග්‍රාමාත්‍ය ‘නරේන්ද්‍ර මෝඩි’ගේ ගජ මිතුරෙකු වන ‘සුබින් කර්කාරියා’ (Zubin Karkariya) ට අයත් VFS Global නමැති සමාගමට පවරාදීමට දැඩි විරෝධය පළ කරන බව කී ‘ජාතික නිදහස් පෙරමුණේ’ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එම තීරණය වහාම ආපසු හරවන ලෙස ආණ්ඩුවට බල කර සිටියේය.

ඒ මහතා පිටකෝට්ටේ පිහිටි ‘ජාතික නිදහස් පෙරමුණේ’ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ සඳහන් කළේය.

මෙසේ කවර හෝ දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගමකට වීසා පහසුකම් ලබාදීමේ බලය පවරාදීම ආගමන විගමන පනතට පටහැනි නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එවැනි තීරණයක් ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුව පළමුව කළ යුතුව ඇත්තේ ආගමන විගමන පනත සංශෝධනය කිරීම බවත් එවැන්නකට එල්ල වන ජනතා විරෝධය යටපත් කිරීමට ඔවුන් මෙවැනි පියවරක් හොර රහසේම රැගෙන ඇති බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය.

යම් තැනැත්තකුට ශ්‍රී ලංකාවට පැමිණ, එහි රැඳී සිටීමට අවශ්‍ය නීතිමය අවසරය අද ලබා දෙන්නේ ඉන්දියානු සමාගමක් විසින් නම් එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවනවා පමණක් නොව එය රාජ්‍යවිරෝධී ක්‍රියාවක් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය

එපමණක් නොව මෙසේ වීසා පහසුකම් සැපයීමේ අවස්ථාව පෞද්ගලික සමාගමකට පැවරීම මගින් ශ්‍රී ලංකාවට වසරකට අහිමි වන ආදායම ඩොලර් මිලියන හැටක් (60) පමණ වන බැවින් ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව’ ගන්නා ලද මෙම තීරණයෙන් ආර්ථික අපරාධයක් සිදුවන බවට ද සමරවීර මහතා චෝදනා කළේය.

එසේම මෙම සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඩොලර් 25 ක සේවා ගාස්තුවක් ද අය කිරීම සංචාරකයන්ගේ ප්‍රසාදයට හේතුවක් නොවන බවත් ලොව පුරා රටවල් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට වීසා ගාස්තු අය නොකිරීමට තීරණ ගනිද්දි මේ ආණ්ඩුව මෙවැනි අමනෝඥ තීරණ ගනිමින් මෙරට සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල කර ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා පැවසීය.

මෙසේ ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ද ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් ද රටට ආර්ථික අපරාධයක් සිදු කරමින් ද සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල කරමින් ද මෙවැනි තකතිරු තීන්දුවක් ගැනීමට ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව’ පෙළඹී ඇත්තේ තම න්‍යාය පත්‍රයේ අංක එකට ඇත්තේ ‘ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සපුරා ඒකාබද්ධකරණයකට ලක්කිරීම’ නිසා බව ද මහතා වැඩිදුරටත් පැවසීය.

මුදල් ඒකක ඒකාබද්ධකරණය, විදුලි බල පද්ධති හා ඉන්ධන නල පද්ධති ඒකාබද්ධකරණය හෙවත් බලශක්ති ඒකාබද්ධකරණය, දෙරට රේගු ඒකාබද්ධකරණය, මූල්‍ය හා බදු ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය (එට්කා ගිවිසුම අත්සන් කිරීම ඇතුළුව), ගුවන් තොටුපළ හා වරාය ඒකාබද්ධකරණය, දෙරට අතර පාලම්, දුම්රිය මාර්ග හා මහා මාර්ග ඉදිකිරීම මගින් භෞතික ඒකාබද්ධකරණය යන ‘ඉන්දු ශ්‍රී ලංකා සය (6) වැදෑරුම් ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකට’ 2023 ජූලි 23 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ එකඟ වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් එම වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරියට ගෙනයන බව ද සමරවීර මහතා මෙහිදී මාධ්‍ය හමුවේ දීර්ඝ වශයෙන් අනාවරණය කළේය.

ඉහත කී ඒකාබද්ධකරණ වැඩපිළිවෙළ හා සමගාමීව වීසා පහසුකම් සැපයීමේ බලය ඉන්දියානු සමාගමකට පවරාදීමේ තීන්දුව මෙම පරගැති ආණ්ඩුව විසින් රැගෙන ඇති බව කී ජයන්ත සමරවීර මහතා අවසානයේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව නුදුරේදීම ‘ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය’ බවට පත්වනු ඇති බවට ද අනතුරු ඇඟවූවේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

++++++++++

කටුනායක වීසා පලහිලව්ව අතයට ගනුදෙනුවක්ද?

(07.05.2024 – divaina.lk)

කටුනායක ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීම ‘වී.එෆ්.එස්.’ නමැති ඉන්දියානු සමාගමකට පවරා දීම මඟින් ශ්‍රී ලංකා රජයට ඩොලර් ආදායම පාඩු කිරීම සහ එම ගනුදෙනුවෙන් ප්‍රබල පුද්ගලයන්ට අල්ලස් මුදල් ලැබී තිබේදැයි පරීක්ෂණයක් ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (06 දා) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2012 වර්ෂයේ සිට ඔන්ලයින් වීසා පහසුකම් ලබාදීම ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළත්, අදාළ ඉන්දියානු සමාගම මඟින් ඩොලර් 25 ක් වැඩිපුර අය කිරීම නිසා සංචාරක පැමිණීම අඩුවී රටට ලැබිය යුතු ඩොලර් ආදායම අඩුවීමේ තර්ජනයක් ඇතැයි එම සංවිධානය සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

එමෙන්ම ඉන්දියානු සමාගමකට මෙම වීසා ලබාදීම පැවරීමෙන් බලවත් පුද්ගලයන්ට අල්ලස් දීමක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව විමර්ශන සිදුකර අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන ලෙස ද එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ‘ජාමුනි කමන්ත තුෂාර’ ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

සුජීව තත්සර

++++++++++

++++++++++

+

+

+

+

+


වැලිකඩ සිට කාන්තාවක් කළ නීතිවිරෝධී වැඩේ එළියට

(07.05.2024 – 17:24 +0530 – sinhala.adaderana.lk)

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කාන්තාවක් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇයට එරෙහිව විභාග වන නඩුවේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඊට අදාළ නඩුව කැස්බෑව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ‘ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශයේ’ නිලධාරීන් විසින් මේ බව අධිකරණය වෙත දැනුම්දී තිබේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව මැයි මස 20 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කරන ලෙසටය.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට බව පවසා ඊට අදාළ චෝදනා එල්ලවූ පුද්ගලයින් ගෙන් මුදල් ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.

මෙහිදී සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඇය අප්‍රේල් මස 20 වනදා පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඇයගේ තාවකාලික නිවහන තුළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය මගින් සජීවී නිරුවත් වීඩියෝ සහ වෙනත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ මුදලට අලෙවි කිරීමේ සිද්ධීන්ට අදාළ සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුකරයි.

එවැනි චෝදනා එල්ලවූ සැකකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම නැවතීමට පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට යැයි පවසා මෙම කාන්තාව මෙලෙස මුදල් වංචා සිදුකර ඇති බවට හෙළිවී තිබේ ෴


කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් ලිට්‍රෝ ගෑස් සමාගම විවෘත කරයි

(07.05.2024 – 13:14 +0530 – sinhala.adaderana.lk)

කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා :

“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000 ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2 ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම (2) වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.”

ප්‍රශ්නය : ඔබතුමාලා මේ විදිහට ආයෝජනය කරලා මේ ව්‍යාපාරය පුළුල් කරනකොට විපක්ෂය චෝදනා කරනවා මේක විකුණන්න යනවා කියලා?

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා : “අපේ ඍජු දායකත්වයක් නැහැ. වගකීම් පැවරුණු කමිටුවක් ඉන්නවා. ඒ අයගෙන් අහන එක තමයි සුදුසු උත්තරයක් දෙන්න අපිට දන්නේ නැහැ.”


මාමඩුව OICගේ පක්ෂපාතී බව ගැන කියමින් කාශ්‍යප හිමිගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (07.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Visa issue. The young man is absolutely correct. Alles looking for a scapegoat for his corrupt misdemeanors with VFS Global. Rotten Sri lankan politicians and their corrupt practices, the scourge of this country. Good that most young people are leaving this rotten hell, hopefully never to return until these parasites are swept away or locked up for life.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *