වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට

වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට


වැලිගම මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් මරුට

(04.05.2024 – 22:02 +0530 – sinhala.adaderana.lk)

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් (3) මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (04) දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනා (3) මෙලෙස අනතුරට ලක්වී ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

ඉන් තරුණයින් දෙදෙනෙකු (2) ගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබේ.

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය විසින් මේ මස 06 වන දින තෙක් මුහුදේ දිය නැමෙන් වළකින ලෙස අනතුරු අඟවා තිබියදී මෙම තරුණයින් දිය නෑමට ගොස් තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වැලිගම කොලේදණ්ඩ, ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් භාෂිත් නමැති 20 හැවිරිදි තරුණයෙකි.

ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි ෴

+++++++++

+


පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවාට සහ සිසුවියට ‘මැරසාදු’ පහරදෙයි

(04.05.2024 – 20:14 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති ‘මැරසාදු’ විසින් අමානුෂික ලෙස පහර දෙනු ලැබ ඇති බව අදාළ සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරයි.

ඒ හේතුවෙන් එම සිසුවාට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද පැවසෙයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ ‘මැරසාදු’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක් පසුගිය 25 වනදා විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් තිබුණි.

පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව පවසා ගොස් ඇති බවද වාර්තා විය.

එහිදී උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට සිය මිතුරියක් සමග ගොස් තිබේ.

එහිදී අදාළ විහාරස්ථානයේ විහාරාධිපති ‘මැරසාදු’ විසින් එම සිසුවාට හා ඔහු සමග ගිය මිතුරියට ඉදලකින් පහරදී තිබුණි.

පහරකෑමට ලක්වූ සිසුවිය :

“අපි දෙන්නා පන්සලට ගියා. විහඟ ඉදලක් අරන් ආවා අතුගාන්න. හාමුදුරුවෝ ආවා එද්දි මම අතුගගා හිටියේ. ඉදල අරන් හාමුදුරුවෝ විහඟට ගැහුවා. විහඟ දිව්වා ඉස්සරහට මමත් දිව්වා. අපි ඇහුවා ඇයි හාමුදුරුවනේ අපි දෙන්නට ගැහුවේ කියලා ? අපි වැරදි විදිහට හිටියේ නැහැනේ කිව්වා. ඊට පස්සේ මටත් කතා කරලා පහර දුන්නා.”

පහරකෑමට ලක් වූ සිසුවා අනතුරුව මාතර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා :

“දරුවාගේ ශරීරය අභ්‍යන්තරයේ කොටසකට හානි වෙලා. සැත්කමකට ගන්න ඕනේ කියලා වෛද්‍යවරුන් කිව්වා. සැත්කමට අරන් හිටියේ දැඩිසත්කාර ඒකකයේ. නෝනා කිව්වා දරුවාට ගහපු පාරක් තියෙනවා කියලා. දොස්තරලා කිව්වා… වැටුණු පාරක් නෙවෙයි ගහපු පාරක් කියලා.”

පසුව පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණි.

පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා :

“පොලීසියට කිව්වා. වැලිගම පොලීසිය එක්ක පන්සලට ගියා. හාමුදුරුවෝ හිටියේ නැහැ.”

“දරුවාට තවම කන්න බොන්න බැහැ. 6 වනදා විභාගේ. ඒක කරගන්න විදිහක් නැහැ. ඇඳට වෙලා ඉන්නවා ලෙඩෙක් වෙලා. දරුවා තවම ළමයෙක් ඔය වයසට ඔයවගේ වැඩ කරනවා. අපිට දැනුම්දෙන්න තිබුණා. මරන්න වගේ පාරක් ගහන එක නෙවෙයි යුතුකම. දරුවාට සාධාරණය කරන්න නම් උපරිම නීතිමය දඬුවම් දෙන්න.”

+++++++++++

+


ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වෙලා ද ?

(04.05.2024 – 19:13 +0530 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට ‘සංචාරක නියෝජිත ආයතන සම්මේලනය’ ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය.

1949දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි.

1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත.

නමුත් 2012 දී ‘ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය’ නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ඇරඹුණි.

ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වනවිට මෙරටට පැමිණෙන එක් (1) සංචාරකයෙකුගෙන් අය කළ වැඩිම මුදල අමෙරිකානු ඩොලර් 60 කි.

2012 සිට 2024 අප්‍රේල් අවසානය දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදුවිය.

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර VFS GLOBAL නම් පෞද්ගලික සමාගමට ලබාදීමට ආණ්ඩුව පසුගියදා පියවර ගෙන තිබුණේ, කැබිනට් අනුමැතියෙනි.

ඒ අනුව ප්‍රථමයෙන්ම ඔන්ලයින් පහසුකම ඔස්සේ වීසා පහසුකමත් පසුව ON ARRIVAL වීසා පහසුකමත් එම පෞද්ගලික සමාගම වෙත පැවරුණි.

ඒ සමග මෙතෙක් ON ARRIVAL වීසා පහසුකම සැපයූ www.eta.gov.lk නම් රජයේ වෙබ් අඩවිය අක්‍රීය කර ඒ වෙනුවට https://www.srilankaevisa.lk/ නම් පෞද්ගලික ආයතනයට අයත් නව වෙබ් අඩවියක් හඳුන්වා දුනි.

මේ යටතේ මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට හිමිවන දින 30 ක වීසා බලපත්‍රය වෙනුවෙන් මෙතෙක් අය කළ ඩොලර් 60 මුදල ඩොලර් 100.5 දක්වා ඉහළ දමා තිබේ.

එම ඩොලර් 100.5 න් ඩොලර් 75 ක් රජයට හිමිවන අතර ඉතිරි ඩොලර් 25.5 පෞද්ගලික සමාගමටත් හිමිවෙයි.

එමෙන්ම 2012 – 2024 අතර කාලය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ සංචාරය කරන වයස අවුරුදු 12 ට අඩු ළමයින්ගේ වීසා ගාස්තුව අය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

නමුත්, එම ප්‍රතිපත්තිමය තීරණය ද වෙනස් කරමින් ළමයෙකුගෙන්ද ඩොලර් 100.5 ක වීසා ගාස්තුවක් අයකිරීමට නව ක්‍රමවේදය ඔස්සේ තීරණය කර තිබේ.

ඒ අනුව මව, පියා සහ දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුත් විදේශීය පවුලක් මෙරටට පැමිණීමේදී වීසා ගාස්තු ලෙස ඩොලර් 400 ට අධික මුදලක් ගෙවීමට සිදුවෙයි.

මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ යම් සංචාරකයෙක් ඔන්ලයින් ඔස්සේ වීසා පහසුකම ලබාගැනීමේදී එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවත් On Arrival ක්‍රමවේදය ඔස්සේ මෙරටට එන සංචාරකයෙක්ට ලබාදෙන වීසා පහසුකම දෙපාර්තමේන්තුවට පළමු අවස්ථාවේදීම වාර්තා නොවීමය.

මෙම තත්ත්වය 1949 අංක 18 දරණ පනතට පටහැනි බවට ද වාර්තා වෙයි.

මෙවැනි පසුබිමක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ගණනාවකින් සැදුම්ලත් SLAITO හෙවත් ‘සංචාරක නියෝජිත ආයතන සම්මේලනය’ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලයේ වීසා ලබාදෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරඟකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත් වී ඇති බවය ෴

++++++++++

+

+


පාරිභෝගික ඇස් වසා කුණු දොඩම් විකුණන ජාවාරාම – ‘හිරු CIA’ කොටුකර ගත් හැටි (04.05.2024)

+


සිරිපා කරුණාව අවාරේ තහනම් වෙයි (04.05.2024)

+


ඖෂධ ආනයනයේ දී තවමත් වංචා – අලිබබා ඇතුලේ තවමත් පොඩි හොරු එළියේ (04.05.2024)

+


ලෙඩවුණු අනුරපුරේ වකුගඩු ඒකකය – තව තවත් පීඩා විඳින රෝගීන් (04.05.2024)

+


පදියතලාව පොලිස් OIC ට පිරිසක් පහරදෙයි

(04.05.2024 – 16:24 +0530 – sinhala.adaderana.lk)

පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා පහරකෑමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී ඇති බව වාර්තා වෙයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර ස්ථානාධිපතිවරයාට පහර දුන් පුද්ගලයෙකු මහියංගනය පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

++++++++

අනියම් ප්‍රේම සබඳතාවක් නිසා ගුටි කෑ OIC (04.05.2024)

+


වාද්දුව මොල්ලිගොඩ වෙඩිතැබීමට හේතුව හෙළිවෙයි

(04.05.2024 – 15:32 +0530 – sinhala.adaderana.lk)

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුකළ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා පොලීසිය එලෙස වෙඩිතබා ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස වෙඩිවැදී ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ සමාන්තර පාරේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදුකරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබේ.

එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා තිබෙන බව සඳහන් ය.

ඔහුව පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිවී තිබේ.

පසුව පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

+++++++++++

+


ලාල් කාන්ත කිව්ව කතාව හොඳටම පත්තුවෙයි | ලාල් කිව්ව කතාව කරන්න පුලුවන් වෙයිද? | නීතිඥයා කිව්ව සැරකතාව (04.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *