‘හිරු බලය’ දේශපාලන වැඩසටහනේ දී නලීන් හේවගේ කළ ප්‍රකාශයට විරෝධය

‘හිරු බලය’ දේශපාලන වැඩසටහනේ දී නලීන් හේවගේ කළ ප්‍රකාශයට විරෝධය


‘හිරු බලය’ දේශපාලන වැඩසටහනේ දී නලීන් හේවගේ කළ ප්‍රකාශයට විරෝධය

(29.04.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පැලවත්තේ පිහිටි ‘ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානය’ ඉදිරිපිට අද (29) උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ, පසුගියදා පැවැති ‘හිරු බලය’ දේශපාලන වැඩසටහනේදී ‘ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ’ කළ ප්‍රකාශයකට විරෝධය දැක්වීම සඳහායි.

එම ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහා මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ ‘නව ජනතා පෙරමුණ’ විසින්.

+


රංගන ශිල්පී ජගත් මනුවර්ණට හදිසි අනතුරක්

(29.04.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

චිත්‍රපටයක වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීමක දී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වී තිබෙනවා.

වෙඩි පිපිරවීම සිදුකළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වන්නේ.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ රෝහල කරා රැගෙන විත් තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට සුළු තුවාල කිහිපයක් පමණක් සිදු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴


බයක් සැකක් නැතුව බසයේම කරගෙන ගිය ජාවාරමක් කොටුවෙයි

(29.04.2024 – 12:30 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකින් නීති විරෝධී මත්වතුර ලීටර් 48 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ධර්මපුරම් පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති අතර එම බස් රථය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එක් ගමන් මල්ලක තිබී මෙම විරෝධී මත්වතුර තොගය සොයාගෙන තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තවත් පුද්ගලයෙකු (1) සිය ගමන් මල්ලද රැගෙන බස්රථයෙන් බිමට බැස පලා යාමට උත්සහ කල අවස්ථාවේදී පොලීසිය ඔහුව ලුහුබැඳ ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් නීති විරෝධී මත්වතුර තොගයක් සොයාගෙන ඇතිබවයි අප වාර්තාකරු පැවසුවේ ෴


ශාන්තිකර්මයට බෑ කීවාට ‘පොලිස් නාකොටිකයා’ කපුවාට පහරදීලා

(29.04.2024 – 12:55 +0530 – hirunews.lk/sinhala)

= ශාන්තිකර්මයට බෑ කීවාට නාකොටික් සැරයන් කපුවාට පහරදීලා =

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ විහාරයක පවත්වාගෙන යනු ලබන දේවලයක සේවය කරනු ලබන කපු මහතෙකුට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බවට පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ මිතුරෙකු සැකපිට ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට අනුයුක්තව සේවය කරන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකාර සැරයන්වරයා සහ ඔහුගේ මිතුරා ශාන්තිකර්මයක් කර ගැනීම සඳහා මෙම දේවාලයට පැමිණ දේවාලය භාර මෙම කපුවා හමුවී තිබෙනවා.

එහිදී මෙම කපුවා එම ශාන්තිකර්මය සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති අතර, මෙම ආරවුලට මැදිහත් වූ කපුවාගේ බිරිඳට ද පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරුව සැරයන්වරයා සහ ඔහුගේ මිතුරා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන, ගලෙන්බිඳුණුවැව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා (2) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මෙරට ශ්‍රම බළකායේ පහළ යෑමක්

(29.04.2024 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට ශ්‍රම බළකාය පහළ යෑමක් දක්නට ලැබෙන බව ‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව’ නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

2022 වසරේදී මිලියන 8.54 ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය 2023 වසරේ දී මිලියන 8.40 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.

49.8% ක් වූ 2022 වසරේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2023 වසර වන විට 48.6% දක්වා පහත වැටී තිබෙන බව ‘ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව’ නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

සේවා වියුක්ති අනුපාතිකය 2022 වසර වසර හා සැසඳීමේදී 2023 වසරේ දී ද සියයට 4.7 ක් ලෙස නොවෙනස්ව පැවති බව එහි දැක්වෙනවා.

2022 වසරේදී මිලියන 8.1 ක් වූ සේවා නියුක්ත ජනගහනය 2023 වසර වන විට මිලියන 8 ක් දක්වා පහත වැටී තිබෙනවා.

2022 වසරේදී මිලියන 8.54 ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය 2023 වසරේ දී මිලියන 8.40 ක් දක්වා පහත වැටී ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

+


බකමූණේ දිරාපත්වන වී ඇඹරුම් සංකීර්ණය

(29.04.2024 – 13:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණන් මහජන මුදල් වැය කරමින් ඇරඹෙන ඇතැම් ව්‍යාපෘති බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් අභාවයට යාම ඛේදජනක තත්ත්වයක්.

පොළොන්නරුව ඇලහැර විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ පාලනය වන අයත් බකමූණ ප්‍රදේශයේ පිහිටි වී ඇඹරුම් සංකීර්ණය ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවින්ගේ වී අස්වැන්න සහල් බවට පත්කිරීමේ අරමුණින් 1991 වසරේදී ඉදිකෙරෙනවා.

විශාල මුදලක් වැය කරමින් ඉදි කළත් මෙහි සේවය ප්‍රදේශයේ ගොවීන්ට ලබා ගැනීමට හැකිවන්නේ වසර 10 ක පමණ කාලයක් පමණයි.

ඉන් අනතුරුව කිසිදු බලධාරියෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුනොවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට වී ඇඹරුම් සංකීර්ණය දිරාපත් වෙමින් පවතිනවා.

මීට අමතරව මෙහි වී පෙඟවීමට යොදාගත් කොන්ක්‍රීට් ටැංකි සහ අනෙක් ගොඩනැගිලි ද වල් බිහිවෙමින් පවතින අතර, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වී ඇඹරුම් සංකීර්ණයේ විවිධ අපචාර ක්‍රියාද සිදුවන බවටයි.

හැකි ඉක්මනින් මෙම වී ඇඹරුම් සංකීර්ණය භාවිතයට ගත හැකි ලෙස ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

+


දෙහි සහ අමු ඉඟුරු මිල ඉහළට

(29.04.2024 – 14:03 +0530 – hirunews.lk/sinhala)

‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය’ට ලැබෙන එළවළු තොග මිල පහත වැටුණද දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ දෙහි කිලෝවක් රුපියල් 1000 ත් 1,200 ත් අතර, මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම, අමු ඉඟුරු කිලෝවක් රුපියල් 3,000 ත් 3,200 ත් ඉහළ මිලකට මේ වනවිට අලෙවි වනවා.

කෙසේ වෙතත් ‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය’ට වැඩි වශයෙන් එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන් එහි පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ.

මේ වනවිට අමු මිරිස්, වම්බටු තක්කාලි, කැකිරි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 ත් 40 ත් අතර, පවතින නමුත් ඒවා අලෙවි කරගැනීමට අපහසු වී ඇති බව සඳහන්.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 160 ත් 180 ත් අතර, මිලකටත් බෝංචි කිලෝවක තොග මිල රුපියල් 200 ත් 220 ත් අතර, මිලකටත් අලෙවි වනවා.

මේ අතර, අනුරාධපුර සතිපොලේද එළවළු මිල විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබුණද, ඒවා මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාවගේ පැමිණීම අඩු වී ඇති බව වෙළඳුන් කියා සිටියා ෴


ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නව කරඳගොල්ලේ නායයෑමේ අවදානම පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කඩිනම් වාර්තාවක් ඉල්ලයි

(29.04.2024 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නව කරඳගොල්ලේ පසුගිය දා ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ කඩිනමින් පරීක්ෂා කර සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ‘ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්’ උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

+++++++++++

28-04-2024

+


ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

2024 අප්‍රේල් මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය (2024 අප්‍රේල් මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.)

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව සහනැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ දකුණු පළාත්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ලංකාවේ ජනගහනය සෘණ වේ; රට වැඩිහිටි නිවාසයක් වන ලකුණු – උදය ගම්මන්පිල (29.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *