ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා

ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා


ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරුණා

(25.04.2024 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන ‘ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය’ අද (25) විවෘත කෙරුණා.

ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ‘ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය’ ඉන්දියානු ITC සමාගම ඉන්දියාවෙන් පිටතදී සිදුකළ විශාලතම ආයෝජනය වනවා.

ගාලු‍ මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86 ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48 කින් සමන්විත වන අතර, එහි උස මීටර් 224 ක්.

එය අධි සුඛෝපභෝගි කාමර 352 කින් සමන්විතයි.

මෙහි සුවිශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55 ක දිගකින් යුත් ‘ස්කයි බ්‍රිජ්’ හෙවත් ‘අහස් පාලම’කින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාලමයි.

මෙම ‘අහස් පාලමේ’ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක් (2) ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාරපාන ලබා ගැනීමට අහස නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර, එම ස්ථානයට ගාලු‍ මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.

‘ITC රත්නදීප ව්‍යාපෘතිය’ අති නවීන අංගෝපාංගවලින් සමන්විත අලංකාර උත්සවශාලා 5 කින් ද සමන්විතයි.

+

+++++++++

සේයාරූ

+

+


රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය යයි

(25.04.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

මදුරන්කුලිය – මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ ‘රෝග සුව කරන මධ්‍යස්ථානය’කට ප්‍රතිකාර සඳහා ගිය කාන්තාවක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (24) ජිවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් තිබුණේ මුන්දලම – විල්පොත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි දෙදරු මවක්.

ඇය දීර්ඝ කාලක සිට මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිට පසුගියදා දිවයිනට පැමිණ ඇති අතර පසුව ඇති වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම කාන්තාව මෙම මධ්‍යස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී ඇයට ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීමට ලබාදී ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත්තේ. එහිදී ඇය මියගොස් ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදු කිරීමට නියමිතයි ෴


වාරණ නියෝග මැද නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පස්වරුවේ

(25.04.2024 – 08:33 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් සහ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් අද නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල සඳහන් කළා.

ඔහු කියා සිටියේ කොළඹ, ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ෴


උපුල් ශාන්ත සන්නස්ගල ගුරා අත්අඩංගුවට

(25.04.2024 – 13:48 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල, කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට පත්වී ඇත ෴

මූල්‍ය වංචා චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇපමත නිදහස් කර තිබෙනවා. ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴


‘උමා ඔය’ ටර්බයිනයට නම වැටුනු ‘දසුනි’, පලමුවරට මාධ්‍යයට කතා කරයි (24.04.2024)

+


මෛත්‍රීපාල සිරිසේනට වසර හතක (7) සිරදඬුවම්? විපක්ෂය, බුද්ධි අංශ විවේචනය කලාට ගම්මන්පිලට මල පනී (25.04.2024)

+


30 වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති තහනම්

(25.04.2024 – 10:38 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පංති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 06 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 ක දී පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව, විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම්.

කිසියම් පුද්ගලයෙකු මෙම නියෝග කඩ කරන්නේ නම් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා ෴


දඹුල්ල නගරය මැදට වන අලි කඩාපනී

(25.04.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල නගරයට කඩා වැදුණ වන අලි තිදෙනකු (3) නිසා දඹුල්ල නගරය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පෙරේදා (23) රාත්‍රීයේ නගරයට පැමිණි මෙම වන අලින් තිදෙනා පළවා හැරීම සඳහා පැය 24 ක කාලයක් ගත වූ බවයි.

හදිසියේම කඩා වැදුණු මෙම වන අලි නිසා ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, සීගිරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය මත මෙම වන අලින් කිරලව, මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++

+


පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශ වල පුද්ගල ඝාතන වලට සම්බන්ධ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(25.04.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala)

පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පුද්ගලයින් 04 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 06 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධි වලට සම්බන්ධ හිටපු හමුදා සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ 42 හැවිරිදි සැකකරු යුද හමුදාවේ පළා ගිය සෙබළෙකු බවයි. සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින අතර දැනට ඔහුගේ මුල් පදිංචිය අම්බන්ගොඩ – තෙල්වත්තයි.

මොහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ඡාවාරම් සහ මනුෂ්‍ය ඝාතන සැලසුම් කිරීම ආදි අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට හෙළි ව තිබෙනවා. සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *