උමාඔය යටතේ ‘සුලෝචනා’ සහ ‘දසුනි’ටත් ඉරාන ජාතිකයින් කළගුණ දක්වයි
උමාඔය යටතේ ‘සුලෝචනා’ සහ ‘දසුනි’ටත් ඉරාන ජාතිකයින් කළගුණ දක්වයි
(22.04.2024 – 21:25 +0530 – hirunews.lk/sinhala)
උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින යන්ත්‍ර දෙක (2) හරහා මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙනවා.
එම ටර්බයින යන්ත්‍ර දෙක සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කිරීම විශේෂත්වයක්.
මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කම්කරුවන්ට සහය වෙමින් තේ පැන් ආදිය සකසා දුන් ‘සුලෝචනා’ සහ ‘දසුනි’ යන සේවිකාවන් දෙදෙනාට (2) ගෞරවයක් ලෙසයි ඉරාන ජාතිකයින් ඔවුන්ගේ නම් එම යන්ත්‍ර දෙකට (2) තබා ඇත්තේ.
එක් සේවිකාවගේ නම ‘සුලෝචනා’ වුවත් ඉරාන ජාතිකයින්ගේ උච්චාරණය අනුව එය නම් කර ඇත්තේ ‘චුලෝචනා’ ලෙසයි.
මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා (24) දිවයිනට පැමිණෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (22) තහවුරු කළා.
ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ යුදමය වශයෙන් ඉරානය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති පසුබිමකයි.
දශක ගණනාවක ඉරාන – ඊශ්‍රායල සීතල යුද්ධය පුපුරා යෑමත් සමග මේ වනවිට මැදපෙරදිග කලාපය යුදමය වශයෙන් උණුසුම් වී තිබෙනවා.
ඒ, ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගයි.
ඉරාන කඳවුර සහ ඊශ්‍රායල කඳවුර වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු වූ අතර ඉරාන ජනපතිගේ විදෙස් සංචාර පිළිබඳවත් මතුව තිබුණේ අවිනිශ්චිත තත්ත්වයක්.
කෙසේවෙතත් ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පෙරවරුවේ පාකිස්ථානයට පැමිණියේ එවන් පසුබිමකයි.
ඉරාන ජනපතිගේ පාකිස්ථාන සංචාරය අතරතුර එරට අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ඇතුළු ඉහළ පෙළේ නායකයින් හමුවීමට නියමිත අතර වෙළෙඳ, දේශපාලනික මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳවත් එහිදී අවධානය යොමු කරනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළා.
ඉරාන ජනාධිපතිගේ මෙරට සංචාරයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.
උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පිළිබඳ සාකච්ඡාවක් අද (22) පැවැත්වුණු අතර ඊට වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මෙරට ඉරාන තානාපතිවරයා මෙන්ම ඉරාන ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණා.
+
දියතලාව අනතුරට හේතුව සංවිධායක මණ්ඩලයේ නොසැළකිල්ල ද?
(22.04.2024 – 18:16 +0530 – hirunews.lk/sinhala)
දියතලාව ෆොක්ස් හිල්හිදී ඊයේ (22) සිදු වූ අනතුර පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින් අද (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ විමර්ශනවලට අනුව මෝටර් රථ රියැදුරන් දෙදෙනෙකq (2) අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම මෙම තරගාවලිය තුළ යම් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු වෙලා තිබෙනවාද යන්න පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරන බවද ඔහු සඳහන් කළා.
මෙම රියැදුරන් මේකට සහභාගී වී තිබෙන්නේ කෙසේද යන්න සොයා බලන අතර මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදෙව්වාද යන්න සොයා බැලීමේ අවශ්‍යතාවයක් ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම තරගාවලියක් තුල වුවත් යම් නීති රීති මාලාවක් තිබිය යුතු බවත් එම කරුණු නිසි පරිදි අනුගමනය කර නොමැති නම් ඔවුන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා කරන බවත් එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මහජනතාවගේ අරක්ෂාව පිළිබඳව සංවිධායක මණ්ඩලය අවධානය යොමු කර තිබුනා නම් මෙවැනි අනතුරකින් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන බවයි.
එමෙන්ම යුධ හමුදාව මෙම තරගය සංවිධනාය කළ ද එය විමර්ශනවලදී අදාළ නොවන බවත් යම් අඩුපාඩුවක් සිදු වී ඇත්තන්ම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
+++++++
+++++++
දියතලාව අනතුර ගැන ආරම්භක ‘ෆොක්ස් හිල්’ තරගයේ වීරයාගෙන් ‘හිරු’ට අනාවරණයක්
(22.04.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)
දියතලාව – නරියාකන්ද ධාවනපථයේ පැවති ‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ තරගාවලියේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් තරග සංවිධායකයින්ට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.
මෙම අනතුර සම්බන්ධයෙන් 1993 වසරේ සමාරම්භක ’ෆෝක්ස්හිල්’ තරගාවලියේ ශූරයා වන ‘ශේන් ගුණවර්ධන’ ‘හිරු ප්රවෘත්ති’ අංශය සමග දුරකථන සංවාදයක එක් වුණා.
ඔහු කියා සිටියේ ධාවන පථය අවශ්‍ය පරිදි තෙතමනය කර නොමැති වීම තුළ ඇති වූ දූවිලි හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.
කෙසේ වෙතත් තරගාවලිය සංවිධානය කළ පාර්ශවයක් වන ‘ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්’ හි සභාපති ‘අශ්හර් අමීන්’ ගෙන් ද ‘හිරු ප්රවෘත්ති’ අංශය කරුණු විමසා සිටියා.
ඔහු සදහන් කළේ මෙම අනතුර ප්‍රේක්ෂකයන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූවක් බවයි.
ඊයේ (21) සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අතර 18 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
ඉන් 11 දෙනෙකු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව හතක් (07).
ඉන් දෙදෙනෙකුගේ (02) තත්වය බරපතල බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කළේ.
අනතුරින් මියගිය පිරිස අතර වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (02), මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (02), සීදුව සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් එක් (01+01) අයෙකු බැගින් ද සිටිනවා.
එමෙන්ම දැනට යුද හමුදා සේවයේ යෙදෙන සෙබළෙකු (01) ද මියගිය පිරිසට අයත්.
මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සදහා අවශ්‍යතාවය මත උපකාර කිරීමට ඔවුන්ගේ ප්‍රදේශයන්වල ළගම යුද හමුදා කදවුර දැනුවත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළා.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා (02) ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
36 සහ 47 යන වයස්වල පසුවන මාතර සහ පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ධාවකයින් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනුනේ අද (22) උදෑසනයි.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවල අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
තරගය පැවැත්වෙන අවස්ථාවේදී ආරක්ෂක වැට අසළට නොපැමිණෙන ලෙස යුද හමුදා නිලධාරීන් විසින් නරඹන්නන්ට කිහිප අවස්ථාවකදී උපදෙස් ලබාදී තිබුණා.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනතුර සම්බන්ධයෙන් කොළඹ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා (02) බීමතින් සිටියේද යන්න පිළිබඳව විමර්ශනක් සිදු කරන බවයි.
++++++++++
‘ෆොක්ස් හිල්’ රියැදුරන්ගෙන් මහේස්ත්රාත්වරයාට ප්‍රකාශයක්
(22.04.2024 – 23:19 +0530 – hirunews.lk/sinhala)
දියතලාව ‘ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී සිදු වූ අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනා (2) ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළා.
ඒ අතර දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් එම දෙදෙනා (2) ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුකරනු ලැබුවා.
එහි දී එක් රියදුරෙක් පවසා සිටියේ මෙවැනි අදහසක් :
“වාහනේ මම දැක්කේ නෑ පෙරළිලා තියෙනවා. වාහන දෙකක් (2) විතර එකට ගියා. මම තමයි දකුණු පැත්තෙන් ගියේ. කාර් දෙකම (2) ඇඳිලා ගියා දකුණු පැත්තට. එච්චරයි මතක. මම ඇස් වහ ගත්තා.”
මෙම අනතුරෙන් හත්දෙනෙකුට (7) දිවි අහිමි වුණා.
ඒ අතරට වැලිමඩ පදිංචි 08 හැවිරිදි ශිව කුමාර් දිනුෂිකා සහ ඇයගේ සීයා වන 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර් ද අයත්.
මියගිය සෙසු පිරිස අතර පිළිමතලාවේ පදිංචි රසික අබේනායක, සීදුව පදිංචි චමත් නිරෝෂන්, අකුරැස්ස පදිංචි අසේන් හීනටිගල, මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන සහ ශාන්ත උපාලිගමගේ යන අය වනවා.
අනතුරින් ජීවිතක්ෂයට චමත් නිරෝෂන් සහ අසේන් හීනටිගල පිළිවෙලින් 19 හැවිරිදි සහ 20 හැවිරිදි වියෙහි පසුවු තරුණයින් දෙදෙනෙක් (2).
අනතුරින් මියගිය මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන සහ ශාන්ත උපාලි ගමගේ තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම අනතුරින් මියගිය එක්දරු පියෙකු වූ රසික අබේනායක යුද හමුදා සාමාජිකයෙක් වන අතර ඔහු යුධ හමුදා රගර් කණ්ඩායම ද නියෝජනය කළා.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු මෙම තරගාවලිය සංවිධාන කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බවයි හිරු ප්රවෘත්ති කළ විමසීමකදී යුද හමුදාව සඳහන් කළේ.
මෙම අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් තිදෙනෙකු (3) ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
සෙසු 18 දෙනාගෙන් 11 දෙනෙකු දියතලාව මූලික රෝහලේත් 7 දෙනෙකු බදුල්ල රෝහලේත් ප්‍රතිකාර ලබන අතර බදුල්ල රෝහලේ සිටින දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේ බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා දියතලාව රෝහල වෙත අද (22) පෙරවරුවේ පැමිණියා ෴
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන්කර සිටියා ෴
+++++++++
+
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴