‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලිය අතරතුර බිහිසුණු අනතුරක් : 07 ක් මරුට, 23 කට තුවාල

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලිය අතරතුර බිහිසුණු අනතුරක් : 07 ක් මරුට, 23 කට තුවාල


‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලිය අතරතුර බිහිසුණු අනතුරක් : 07 ක් මරුට, 23 කට තුවාල

(21.04.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

‘දියතලාව නරියා කන්දේ’ දී පැවැත්වෙන ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලිය’ අතරතුර බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5 කට පසුවයි.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවුණා.

ඒ අනුව වසර 5 ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා වුණා.

මෙම අනතුරින් මිය ගිය පිරිස අතර විදේශිකයෙකු (1), වයස අවුරුදු 8 ක දැරියක් (1) සහ ‘ට්‍රැක් මාෂල්වරු’ සිව් දෙනෙක් (4) ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරගාවලියේ 17 වැනි ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ SLH 2000cc ධාවන ඉසව්වේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අනතුරට පත් ව ඇත්තේ ‘සුබාරු ලෙගසි’ වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුර හේතුවෙන් ‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ තරගාවලියේ පැවැත්වීමට තිබූ ඉදිරි තරග සියල්ල ම ද අත්හිටුවීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

+++++++++++

+

+

+

+

+


සීයා, මුණපුරා සහ මිණිපිරියට මරු කැද වූ මාරාන්තික අනතුර

(21.04.2024 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – අවිත්තාව මාර්ගයේ කැටපල පල්ලිය ආසන්නයේදී එකම පවුලේ 5 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝදරථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරාන්තික අනතුරක් සිදුවුණා.

ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ ඊයේ (20) සවස 02:00 ට පමණයි.

එම අනතුරින් තිදෙනෙක් (3) ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68 ක් වන තිදරු පියෙක් සහ ඔහුගේ මිණිපිරිය සහ මුණුපුරායි.

එම දරුවන් දෙදෙනා (2) අවුරුදු 07 සහ අවුරුදු 10 යන වයස්වල පසුවන අය බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු සමග තවත් පස් දෙනෙකු (5)ගමන්කර ඇති අතර ලොරි රථයේ මගීන් අටදෙනෙකු (8) ගමන් කර ඇති බවයි සඳහන් වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *