“යුක්තිය සඟවන්න බැහැ – රඟ දැක්වීම් නවත්වන්න” කාදිනල් හිමිගෙන් රජයට චෝදනා

“යුක්තිය සඟවන්න බැහැ – රඟ දැක්වීම් නවත්වන්න” කාදිනල් හිමිගෙන් රජයට චෝදනා


“යුක්තිය සඟවන්න බැහැ – රඟ දැක්වීම් නවත්වන්න” කාදිනල් හිමිගෙන් රජයට චෝදනා

(21.04.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය සැඟවිය නොහැකි අතර, පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සියලු‍ කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන වූ සාධාරණ වූ සහ සත්‍යවාදී වූ විමර්ශනයක් යළි ආරම්භ කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර 05 ක් සපිරෙන අද (21) ඒ වෙනුවෙන් පැවති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින්.

පාස්කු ඉරිදා දිනය කතෝලික බැතිමතුන්ට වඩාත් පූජනීය වූ දිනයක් වනවා.

එම පූජනීය දිනය සැමරීමට මීට වසර 05 කට පෙර අදවන් ඉරිදාවක දේවස්ථාන වෙත පැමිණි අවස්ථාවේ නොසිතු අයුරින් ජීවිත 269 ක් අහිමිව ගියා.

වසර 05 ක් ගත වී ඇතත් එම ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න ඊට ගොදුරු වී වින්දිතයින් වී සිටින ජනතාවට තවදුරටත් ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

එම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ අඳුරු මතකයට පස් වසරක් (5) සපිරෙන අද (21) ප්‍රධාන දිව්‍ය පුජාව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ එදා පළමු (1) බෝම්බ ප්‍රහාරය සිදුවු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදීයි.

එම අවස්ථාවට සර්වාගමික නායකයින්, මෙරට වතිකාන තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් ඇතුළු තානාපතිවරුන් මෙන්ම කතෝලික ජනතාවද එක්ව සිටියා.

එහිදි දේවස්ථානය අවට ආරක්ෂාවද තර කර තිබුණා.

පාස්කු ප්‍රහාර මාලාවේ ආරම්භය සිදුවු උදෑසන 08:45 ට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක් පැවත්වීමෙන් අනතුරුව දේව මෙහෙය ආරම්භ කරනු ලැබුවා.

ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීමද මෙහිදි සිදු කෙරුණා.

ප්‍රධාන දේව මෙහෙය සිදුකිරීමේ අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදි සඳහන් කළේ මෙම ප්‍රහාරය දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොවන බවත් එය සමස්ත ආගමික සමාජයටම එල්ල කළ ප්‍රහාරයක් බවයි.

මේ අතර, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සිට ඊයේ (20) සවස ගමන් ඇරඹු ‘යැදුම් පා ගමන’ අද (21) පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ලගා වුණා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයෙන් එම පාගමන ආරම්භ කරනු ලැබුවේ ඊයේ (20) පැවති විශේෂ දිව්‍ය පුජාවෙන් අනතුරුවයි.

එම පාගමනට පාස්කු ප්‍රහාරයේ වින්දිත පවුල්වල සාමජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඒ සදහා මාර්ගය දෙපස විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනු දක්නට ලැබුනා.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ ඉලක්කයක් වු මඩකලපුව සියෝන් දේවස්ථානයේදි අද (21) පෙරවරුවේ විශේෂ දේවමෙහෙයක් පැවත්වුණේ ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කරමින්.

එමෙන්ම, දිවයිනේ විවිධ දේවස්ථානවල මෙන්ම විවිධ පොදු ස්ථානයන්හිදි ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් අද (21) පෙරවරු 08:45 ට ආගමික වතාවත්ද සිදුකෙරුණා.

මේ අතර අද (21) පස්වරු 03:30 ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය භුමියේ සිට රදගුරුතුමන්ලා සහ සර්ව ආගමික මෙන්ම ජනතා සහභාගිත්වයෙන් පා ගමනක් ද සුදානම් කර තිබෙනවා ෴

++++++++

+

+

+

+

+

+

+

+

පාස්කු ඉරිදා ප්‍රහාරය : ‘ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් ගේන්න කටයුතු කරමින් සිටිනවා’

+

+


පාස්කු නඩුවලින් බේරෙන්න මෛත්‍රී විජේදාසට පක්ෂය වික්කා – දුමින්දගෙන් චෝදනා

(21.04.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට එරෙහිව ඇති පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව විභාගවන නඩුවලින් නිදහස් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අමාත්‍ය විජේදාස රාජපක්ෂට විකුණූ බවට ශ්‍රිලනිපයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක චෝදනා කරනවා.

අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂව ශ්‍රිලනිප විධායක සභාව විසින් කටයුතු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

විජේදාස රාජපක්ෂ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත්, මීට මාසයකට පෙර ඔහු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් බව තමන් ද නොදන්නා බවත් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *