සිරිල් ගාමිණී පියතුමා CIDයට කියූ ආන්දෝලනාත්මක කරුණු 8

සිරිල් ගාමිණී පියතුමා CIDයට කියූ ආන්දෝලනාත්මක කරුණු 8


සිරිල් ගාමිණී පියතුමා CIDයට කියූ ආන්දෝලනාත්මක කරුණු 8

(20.04.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොවූ කරුණු අටක් (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඊයේ (19) ලබාදුන් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළා.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව කියා සිටියේ.

සහරාන් සමග විද්‍යුත් ලිපිනයක් මගින් සමීප සබඳතා පැවැත්වූ බවට විදෙස් බුද්ධි අංශ මගින් හෙළිකළ පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි නොකිරීම, ඔහු අත්අඩංගුවට නොගැනීම වැනි කරුණු අටක් (8) මෙලෙස පියතුමන් විසින් හෙළිකළා.

+++++++++

+

+


හාමු­දු­රු­වන්ගේ එළ වැස්සි­යන් දෙදෙ­නකු (2) හොරෙන් මස් කඩේට විකුණලා

(20.04.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)

කොට­විල පොලිස් බල ප්‍රදේ­ශයේ කොට­විල හන්දිය අසල ඉඩ­මක බැඳ තිබූ රුපි­යල් 150,000 කට වැඩි වටි­නා­ක­මක් ඇති එළ වැස්සි­යන් දෙදෙ­නකු (2) පසුගිය 17 වැනිදා සොරා­ගෙන ගොස් ඇති බවට කොට­විල පොලි­සි­යට පැමි­ණිල්ලක් ලැබී තිබෙනවා.

එම පැමි­ණි­ල්ලට අනුව, කොට­විල පොලි­සිය විසින් දෙනි­පි­ටිය, මධු­රා­ගොඩ ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන බල­පත්‍ර සහිත ගව ඝාත­කා­ගා­ර­යක් පරීක්ෂා කිරී­මේදී ගව­යන් බැඳී­මට භාවිත කරන කඹ දෙකක් (2) හමුව තිබෙනවා.

එහිදී එම කඹ දෙක (2) කොට­විල විහාරයක ස්වාමීන්වහන්සේ නමකට අයත් තමා විසින් රැක බලා ගන්නා එම වැස්සි­යන් බැඳ තිබූ කඹ බවට පැමිණිල්ල සිදුකළ තැනැත්තා විසින් හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව ගව ඝාත­කා­ගා­රය හිමි­ක­රුගේ 28 හැවිරිදි පුත්‍රයාගෙන් පොලිසිය සිදුකළ වැඩි­දු­ර­ ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත්තේ පෙර නොහ­ඳු­නන දෙදෙ­නෙකු (2) තමාට එළ වැස්සියන් දෙදෙනෙකු (2) ගෙනැ­විත් රුපියල් 80,000 ක මුදලකට තමන්ට අලෙවි කළ බවයි.

ඉන්පසුව තමා විසින් එම වැස්සි­යන් දෙදෙනා (2) මෙම ස්ථානයේදී ඝාත­නය කර මස් පිණිස අලෙවි කළ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අත්අ­ඩං­ගු­වට ගත් එම සැක­කරු 18 වැනිදා කොට­විල අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ අතර, සැක­කරු රුපි­යල් ලක්ෂ­යක (100,000) ශරීර ඇප මත නිද­හස් කර තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම සඳහා කොට­විල පොලි­සිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි ෴


දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමේ අවදානමක්

(20.04.2024 – 07:11 +0530 – hirunews.lk/sinhala)

දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු සඳහන් කරනවා.

වමනය, බඩඑළිය රෝග ලක්ෂණ තිබේ නම් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු බව ඔහු සඳහන් කරනවා.

වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ දරු­වන්ට යම් රෝග ලක්ෂ­ණ­යක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේ­කය දීමට මවු­පියයන් කට­යුතු කළ යුතු බවයි.

+


අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද (20)

(20.04.2024 – 07:49 +0530 – hirunews.lk/sinhala)

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි.

පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වන වියේ පසු වුණා.

1931 වසරේ නොවැම්බර් 05 වනදා ගාල්ල උණවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40 ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කරගනිමින්.

තිරසර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණ වුණා.

එහෙත් එය සියලු ජාතීන්ට ප්‍රායෝගික වන අයුරින් බෙදා දීම මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වන්නට මෙන්ම ඔවුන්ට රැකවරණ සලසන්නට ඔහු සර්වෝදය ව්‍යාපාරය තුළින් මහා සේවයක් ඉටු කළා.

ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාභිමාන්‍ය, මැග්සේසේ, බොඩෝයින්, නිවෝනෝ සාම ත්‍යාගය, මහත්මාගාන්ධි සාම ත්‍යාගය වැනි ජාතික සහ ජාත්‍යන්තර උපහාර සහ සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා ෴


හමුදාව හැර ගිය හමුදා නිලධාරින්ට පොදු සමා කාලය අද (20) සිට

(20.04.2024 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකළ කොමිෂන් ලත් නිලධාරීන් හැර සෙසු නිලයන් සඳහා අද (20) සිට පොදු සමාකාලයක් ක්‍රියාත්මකයි.

එය මැයි මස 20 වනදා දක්වා බල පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙම පොදු සමාකාලය තුළ සේවයට වාර්තා කරන්නන් නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එසේම, විදේශගත හමුදා සාමාජිකයන් සඳහාද මෙහිදී සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සැළසෙන අතර, ඊට අදාළව ද අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නැවත තම ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව ඊට ඉඩ ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.


වාහන ආනයනයේදී ‘රීකන්ඩිෂන්’ වලට මුල් තැන දෙන්නැයි ඉල්ලීමක්

(20.04.2024 – 08:56 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමට ද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.

අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7 ක් දක්වා හෝ ඉහළ දමන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එසේම භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවද ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ අවධාරණය කළා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි ෴


නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

(20.04.2024 – 09:02 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති අතර, 2024 වසර සඳහා වූ පළමු කැබිනට් රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව‍යි මෙම මහ කොමසාරිස් කාර්‍යාලය පිහිටුවීම සිදුවනු ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නියෝජිත පිරිසක් එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අප්‍රේල් 22 වනදා නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළා.

දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන වෙනවා ෴


පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද (20) එළවලු මිල ගණන්

(20.04.2024 – 09:46 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද (20) එළවලු මිල ගණන් නිකුත් වී තිබෙනවා.

දෙහි සහ ඉඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා.

දෙහි මිල රුපියල් 1000 ක් වන අතර, ඉඟුරු මිල රුපියල් 2800 ක් බවයි සටහන් වී ඇත්තේ.

එළවලු කිලෝග්‍රෑම් එකක මිල (රුපියල්) :

තක්කාලි – 80 , කැරට් – 150 , වම්බටු – 100 , බෝංචි – 300 ,
අමු මිරිස් – 150 , ලීක්ස් – 150 , ගෝවා – 120 , බීට් – 200 ,
මාලු මිරිස් – 400 , පතෝල – 120 , වැටකොළු – 100 ,
වට්ටක්කා – 150 , නෝකොල් – 100 , ලූනු කොල – 150 ,
අලු කෙසෙල් – 150


13 හැවිරිදි සිසුවියක් අබිරහස් ලෙස ගැබ් ගනී

(20.04.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13 ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක (2) දරු ගැබක් පිහිටා ඇති බවට අනතුරුව තොරතුරු අනාවරණය වූ බවයි.

මේ සම්බන්ධයෙන් දැරියගෙන් ප්‍රශ්න කර ඇතත්, ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *