නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට

නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට


නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට

(16.04.2024 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව වීසා ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023.11.27, වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණා.

++++++

Extraordinary Gazette : 2360/24 2023-11-27 Ministry of Public Security – Regulations made by the Minister of Public Security under Section 52, read with Section 23 of the Immigrants and Emigrants Act (Chapter 351) and Approved by Parliament (pdf files)
[Sinhala][Tamil][English]


විදේශිකයෙකුට තග දැමු අලුත්කඩේ ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට

(16.04.2024 – 20:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900 කට කොත්තු රොටියක් අලෙවි කිරීමත් සමඟ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++

++++++++


මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකයට සත් වසරක් – රටට ඩොලර් ගේන කරදියාන කුණු කන්ද (16.04.2024)

+


රට පුරාම අදත් තිබ්බ අමුතු තාලේ අවුරුදු උත්සව (16.04.2024)

+


කුඩු වෙන්න හැප්පුණු තුන් සක රිය – නොසැලකිළිමත්කම නිසා සිදුවන අනතුරු (16.04.2024)

+


මැදවච්චිය සිද්ධියේ පොලිස් නිලධාරීන් දෙදෙනා යළිත් රිමාන්ඩ්

(16.04.2024 – 18:12 +0530 – sinhala.adaderana.lk)

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (16) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීය.

එහිදී මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කළේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන ලෙසටත් එම දිනය දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට යොමු කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කෙරුණි.

පසුගිය 07 වෙනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ (2) පහරකෑමට ලක්වී බරපතල තුවාල ලැබූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති බව පැවසුනි.

පහරදීමට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා අද (16) දින මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙම නඩුවේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී සිට තිබුණි ෴


රත්මලාන බොරුපන ප්‍රදේශයේ ඝාතනයක්

(16.04.2024 – 11:43 +0530 – sinhala.adaderana.lk)

රත්මලාන බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ රත්මලාන බොරුපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය.

අද (16) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත ෴


හක්මන ඝාතකයා අත්අඩංගුවට

(16.04.2024 – 11:26 +0530 – sinhala.adaderana.lk)

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ (15) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

පැරණි අමනාපයක් මත ඔහුගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඊයේ (15) රාත්‍රියේ හක්මන ගල්කන්ද ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


‘සූරිය මංගල්ලේ ගීතය’ විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට

(17.04.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ‘සූරිය මංගල්ලේ ගීතය’ විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ ෴


ගෑස් මිලට ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරය ගැනීමෙන් රජයට කෝටි 114 ක පාඩුවක් වීම ගැන විමර්ශනය අරඹයි

(16.04.2024 – ada.lk)

අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබු ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114 කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

අඩු මිලට ගෑස් සැපයීමට සියෑම් ගෑස් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයට ප්‍රසම්පාදන හා ඇගයීමේ කමිටුවල අනුමැති හිමිව තිබියදී එම ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමෙන් දුෂණය නමැති වරද කර ඇතැයි පවසමින් ඒ සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණීල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අල්ලස් කොමිසමේ දුෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.ඊ. අබේසිංහ මහතා කළ කැඳවීමකට අනුව අල්ලස් කොමිසමේ පෙනී සිටි කාමන්ත තුෂාර මහතා රජයට රුපියල් කෝටි 114 කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධියට අදාළ විශේෂ විගණන වාර්තාද අල්ලස් කොමිසමට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් දුන්නේය.

අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබු ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබාගෙන බවත් 2022 වර්ෂයේ මාස 07 ක කාලයක් තුළ මෙලෙස වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114 කට ආසන්න පාඩුවක් කර ඇති බවත් කාමන්ත තුෂාර මහතා කොමිසමට පෙන්වා දී ඇත.

එල්.පී. ගෑස් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 96 කට සැපයීමට සියෑම් ගෑස් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය අවංලගු කර එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 118.23 කට සැපයීමට සියෑම් ගෑස් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය යටතේ 2022 වර්ෂයේ මාස 07 ක් පුරා එල්.පී. ගෑස් මෙට්්‍රක් ටොන් 147.83 ක් මිලදී ගැනීමෙන් රජයට මෙම පාඩුව කර ඇතැයිද විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

එම විගණන වාර්තාද ඉදිරිපත් කරමින් කාමන්ත තුෂාර මහතා කොමිසමට හෙළි කළ තොරතුරු මත අල්ලස් කොමිසම ඉදිරි විමර්ශන කරන බව කොමිසමේ ප්‍රකාශයකු සඳහන් කළේය ෴


මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි

(15.04.2024 – ada.lk)

තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක් තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා (5) ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන් 11 වෙනිදා ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් 15 වෙනිදා සවස මඩකලපුව පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

2023 වසරේ පෙබරවාරි 23 වෙනිදා වෙඩි ප්‍රහාරයට ලක්ව තමන් අනු නවයෙන් බේරුණු බවත්, එම සිද්ධියේ පරීක්ෂණ යට ගසමින් තිබෙන අවස්ථාවක තමන්ගේ ආරක්‍ෂාවට සිටි සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත්, ඊට එම නිලධාරීන් ඉවත් කළ සියලූ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් වගකිය යුතු බවද සුමනරතන නාහිමියන් සඳහන් කළහ.

වසර තිහක (30) කුරිරු යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ ගැටෙමින් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව දිවි හිමියෙන් බේරාගත් තමන්ගේ ආරක්‍ෂාවට සිටි එම සිවිල් ආරක්ෂක භටයින් හිටිහැටියේ ඉවත් කිරීම, තම ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ.

නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාලීමට නායකත්වය ගෙන ක්‍රියා කරන සමයේ සිට තමන්ට විවිධ අන්තවාදී සංවිධානවල නායකයින්ගෙන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරීන් ගෙන් මරණයේ තර්ජනය එල්ලු වු බවත්, ඔවුනට විරුද්ධව පොලිසියට සහ ආරක්ෂක අංශවලට කොතෙක් පැමිණිලි කලද ඊට තමන්ට කිසිඳු සාධාරණයක් නොවූ බවත් උන්වහන්සේ පැවැසූහ.

එවැනි වකවානුවක තම ආරක්ෂාව සිටි නිලධාරීන් ඉවත් කිරීම කනගාටුදායක කරුණක් බවත්, මේ පිළිබඳ අවධානය යොමු කරමින් තම ජීවිතයට අනතුරක් සිදුවීමට පෙර තම ජීවිත ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් නැවත වරක් ලබාදීමට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගෙත්, ආරක්ෂක අමාත්‍යවරයාගෙනුත් ඉල්ලා සිටින බවද අම්පිටියේ සුමනරතන නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ ෴

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *