ඩලස්, දයාසිරි, රොෂාන් තුන් කට්ටුවත් විමල්ගේ අලුත් සන්ධානෙට

ඩලස්, දයාසිරි, රොෂාන් තුන් කට්ටුවත් විමල්ගේ අලුත් සන්ධානෙට


ඩලස්, දයාසිරි, රොෂාන් තුන් කට්ටුවත් විමල්ගේ අලුත් සන්ධානෙට

(11.04.2024 – mawbima.lk)

‘ජාතික නිදහස් පෙරමුණු’ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර හා රොෂාන් රණසිංහ යන හිටපු අමාත්‍යවරුද එක් වීමට නියමිත බව වාර්තා වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන නව දේශපාලන සන්ධානයේ මැයි රැලිය කිරුළපනදී පැවැත්වීමට නියමිත බවද එම රැලියට මෙම හිටපු අමාත්‍යවරුද එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.

මෙවර මැයි රැලියේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන මෙම සන්ධානයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයාද බොහෝදුරට නම් කෙරෙනු ඇති බවද එම සන්ධාන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. ඊට අමතරව ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්’ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රිවරු පිරිසක්ද මීට එක්වීමට නියමිත යැයිද වාර්තා වේ.

එළැඹෙන 19 වැනිදායින් පසු මෙම සන්ධානය පිළිබඳ තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට විශේෂ සාකච්ඡා කිහිපයක් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතය. රාජපක්ෂ පවුල් පාලනය ඇතුළුව මෙරටට වින කළ සියලු දේශපාලන පවුල් පිටුදකින පරිදි ඉදිරියේදී මෙරට දේශපාලන වටපිටාව සකසන බවද ඒ සඳහා මූලික අඩිතාලම මෙම මැයි රැලියෙන් ගන්නා බවද මේ පිළිබඳ අදහස් දැක්වූ ‘ජාතික නිදහස් පෙරමුණේ’ ප්‍රකාශකයකු පැවැසීය ෴


රොබෝවරු එකතුවෙලා තප්පර 30 න් ටයර් එකක් හදන අපේ රටේ කම්හල | ඔබේ වාහනේට දාලා තියෙන ටයර් එක හැදුන හැටි මෙන්න (07.03.2024)

+


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

(13.04.2024 – 11:40 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහර දිමක් : කලක සිට පැවති ආරවුල ජීවිතයක් අහිමි කරයි

(13.04.2024 – 09:14 +0530 – sinhala.adaderana.lk)

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහර දිමක් හේතුවෙන් පුද්ගලයෙකු (1) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ කලක සිට පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අනාවරණ වී ඇති බවය.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා (3) පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි පුද්ගලයෙකු (1) මියගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් (1) අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ ෴


අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකුට රාජ්‍ය සමාව යටතේ නිදහස

(13.04.2024 – 07:59 +0530 – sinhala.adaderana.lk)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතව තිබේ.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිතය.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද (13) දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද (13) දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අදාළ ද්‍රව්‍ය රැඳවියන් වෙත ලබාදීමට නියමිතය ෴


අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

(13.04.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ අනුව පොලිසියේ 14,000 ක් සහ විශේෂ කාර්ය බලකායේ 500 ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 400 ක් හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15,806 ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ ෴


HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට

(13.04.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන HIV ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කළා.

එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම (1/3) අවුරුදු 15 ත් 29 ත් අතර, වයස්වල පසුවන තරුණ පිරිස් බවයි ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩැබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ කියා සිටියේ.

ගතවුණු වසර 3 ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700 ක් පමණ හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා ෴


බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෑන් රථ අනතුරකින් 6 දෙනෙකුට තුවාල

(13.04.2024 – 17:53 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයක මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු (6) ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඉන් දෙදෙනෙකු (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රෝහලට මාරුකර යවා තිබෙනවා ෴

+++++++

+


අධිවේගී මාර්ග ආදායම මෙන්න

(13.04.2024 – 18:49 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් 10, 11 සහ 12 යන දින තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් මිලියන 126 ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම කාලය තුළ වාහන 366,000 ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇත.

අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා මේ බව සඳහන් කළේය ෴


වැරදි අවුරුදු නැකත් චාරිත්‍රවලට ගනුදෙනු කළොත් රටට වෙනදේ | මේක නම් ඇඟ හිරිවැටෙන කතාවක් (13.04.2024)

++++++++

10.04.2024

+++++++++


හම්බේගමුවේ සාදයක දී වෙඩි තබා පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම්

(13.04.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

හම්බේගමුව – සීනුග්ගල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුරදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබු දෙදෙනා (2) හම්බේගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් (1) පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

+

මේ අතර, මොරටුව – කටුබැද්ද – දන්දෙණිය වත්ත ප්‍රදේශයේ දී සිදුවූ පහර දීමකින් තරුණයෙකු (1) මියගොස් තවත් දෙදෙනෙක් (2) තුවාල ලබා තිබෙනවා.

අදාළ තරුණයා කාන්තාවක සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර, ඇයගේ ඥාති පුත්‍රයෙකු මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.

+

එමෙන්ම ගලහ – නිල්ලඹ – යෝගලෙච්චමී ප්‍රදේශයේදි ද ඉඩම් ආරවුලක් මුල්කරගෙන පුද්ගලයෙකු (1) සිය බාල සහෝදරයාට (1) පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

+

මේ අතර මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට (2) බරපතල ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

මෙම පහරදීමෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයකට දැඩි හානි සිදුව තිබුණා.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *