මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සමග මෙරට බහුදින යාත්‍රා 02 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සමග මෙරට බහුදින යාත්‍රා 02 ක් අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සමග මෙරට බහුදින යාත්‍රා 02 ක් අත්අඩංගුවට

(12.04.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

‘හෙරොයින්’ සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරටට අයත් බහුදින යාත්‍රා 02 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම බහුදින ධීවර යාත්‍රා 02 සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන්.

විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට සැලසුම්කර ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට මීට මාස කිහිපයකට පෙර තොරතුරක් ලැබි තිබුණා.

නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට දකුණෙන් නාවික සැතපුම් 130 ක් පමණ දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදි විශේෂ මෙහෙයුමක් දියත් කළේ එම තොරතුරට අනුවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ එම මෙහෙයුමේදි මෙරටට පැමිණෙමින් තිබු බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) නාවිකා හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කළ බවයි.

+


අවුරුදු කටේ ‘කොවිඩ් මරණයක්’

(12.04.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වූ බව රෝහල් පොලිසිය පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී රෝහල් පොලිසිය සඳහන් කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද PCR පරික්ෂාවකදී එම මරණයට හේතුව ‘කොවිඩ් වෛරසය ආසාදනය වීම’ බව අනාවරණය වූ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවයි ‍රෝහල් පොලිසිය පැවසුවේ ෴


සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සව ගැන පොලිසිය අවධානයෙන්

(12.04.2024 – 17:21 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවල අසභ්‍ය හෝ සංස්කෘතියට පටහැනි ආකාරයෙන් තරග සංවිධානය කිරීමෙන් වළකින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ කාන්තාවන්ට සහ ළමයින්ට හිරිහැර වන ආකාරයේ තරගද සංවිධානය කිරීමෙන් වළකින ලෙසයි.

එවැනි ආකාරයේ තරග සංවිධානය කර ඇති බවට තොරතුරක් ලද වහාම ඒවා අවලංගු කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා ෴


අනුලා දේවී චෛත්‍යයෙන් මතු වූ ගල් මංජුසාවේ තිබ්බේ අලුත් පස්ලු

(12.04.2024 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂුණිය වන අනුලා මහ රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේ වැඩ වාසය කළ විහාරස්ථානය ලෙස සැලකෙන මිහින්තලය රජමහා විහාරයට අනුබද්ධ අනුලා දේවී චෛත්‍යයේ, කැණීම් කටයුතු සිය අනුදැනුමකින් තොරව ගිවිසුම්ගත වී, කිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, 2022 වසරේ ආරම්භ කෙරුණු මෙම චෛත්‍යයේ කැණීම්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටිනා පුරාවස්තු ද සොයාගෙන තිබූ බවත් එම පුරාවස්තුවලට සිදුවන දේ සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

“මේකෙ තව මොන මොන වස්තු තියෙනවද කියලා අපි දන්නෙ නැහැ. හාරගෙන යනකොට මොනවා හරි වටිනා වස්තු මතුවෙන්න පුළුවන්. ඒවා සමහරක් ලේඛනගත වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒ හින්දා තමයි ගිවිසුම ගහලා තියෙන්නෙ මාව සම්බන්ධ කර ගන්නෙ නැතුව. බයිපාස් ක්‍රමයට තමයි ගිහින් තියෙන්නෙ.

මෙතන වැඩ පටන් ගත්තා. ධාන්තුන් වහන්සේලා හමු වුණා. වස්තූන් හමු වුණා. හැබැයි ගල් මංජුසාවක් තිබ්බා. බොහෝ අය කියනවා ඒකෙ මැණික් තිබ්බා, රත්තරං තිබ්බා කියලා. බලනකොට ඒකෙ පස් පුරවලා තමයි තිබිලා තියෙන්නෙ. අවුරුදු දෙදාස් පන්සීයකට පස්සෙ අලුත් පස් දාලා තිබුණු එක තමයි අපිට නිරීක්ෂණය වුණේ.”

+


හංවැල්ල නගරය මැද හදිසියේම ගිනිගත් තුන්සක රිය (12.04.2024)

+


සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුද්දට කලා තරු පෙර සූදානම් වුණේ මෙහෙමයි (12.04.2024)

+


ක්‍රිකට් වලින් ලොවක් මවිතකළ ‘බට්ටි’ සොයා හිරු ගිය ගමන

(12.04.2024 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන් සහභාගි වූ තුන්කොන් එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ මෙරට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය භාර ගන්නට සිටින අංකුර ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම කළ එළි බස්වමින් .

ඒ අතර සිටි කැපී පෙනෙන තරුව බවට පත් වුණේ තවමත් 14 වැනි වියේ පසුවන ‘චමෝදි ප්‍රබෝධා මුණසිංහ’ යි.

වමතින් දඟ පන්දු යවන්නියක් වන මේ හුරුබුහුටි පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව දිවි ගෙවන්නේ මොණරාගල සිට කිලෝමීටර් 12 ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති අති දුෂ්කර ග්‍රාමයේ.

අනේකවිධ අභියෝග රැසක් මධ්‍යයේ වුවද චමෝදි ගේ මව්පියන් සිය ජීවන සටනින් චමෝදිගේ එකම සිහිනය වියැකී යන්නට ඉඩ දුන්නේ නැහැ.

ක්‍රීඩාවටත් අධ්‍යාපනයටත් එක සේ හපන්කම් පාන පුංචි චමෝදි එහෙම නැත්තම් ‘බට්ටි’ගේ ක්‍රිකට් දිවියේ මහ ගෙදර වන්නේ මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයයි.

එලෙස හපන්කම් පෑ චමෝදිගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනි අප්සාරි තිලකරත්න, චමෝදිගේ පාසැලට පැමිණිමත් සමගයි.

ඒ සමග පුංචි බට්ටිට වයස අවුරුදු 14 ක් වන විටම ඇය ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නටත් වාසනාව උදා වුණා.

නිසි ලෙස ඔපමට්ටම් කර මේ මිණි කැටය මතු දිනක ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලොව දිනන අයුරු දැකීම බට්ටිට ආදරය කරන මෙරට සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ සිහිනයක්.

ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අප චමෝදිගේ හෙට දවස වෙනුවෙන් ක්‍රීඩා බලධාරීන් සතු වගකීමද සිහිපත් කර සිටිනවා.

+


අවුරුද්දට ගමට යන්න කොටුවේ මහ සටනක්

(12.04.2024 – 21:58 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා යෑමට පැමිණි ජනතාව හේතුවෙන් අද (12) උදෑසන පිටකොටුව බස් නැවතුම්පොළ ජනාකීර්ණ වී තිබුණද පස්වරුව වන විට එම තත්ත්වය තරමක් පහව ගියේ ඒ වන විට බොහෝ දෙනෙකු සිය ගම්බිම් බලා පිටත්ව යාම හේතුවෙන්.

කොළඹ නගරයේ වෙනදා පවතින කාර්ය බහුලත්වය අද (12) දිනයේදී පිටකොටුව බස්නැවතුම්පොළට සහ කොටුව දුම්රිය ස්ථානයට පමණක් සීමා වුණා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද (12) පැවතියේ දැඩි ජනාකීර්ණ ස්වරූපයක්.

කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි දුම්රිය යොදවා නොමැති බවටයි දුම්රිය මගීන් අද (12) පෙරවරු කාලයේ චෝදනා කළේ.

එහෙත් අද (12) දිනය තුල දුර ගමන් සේවා දුම්රිය 06 ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළා.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංගම බස් රථ සේවාව හරහා ඊයේ (11) දිනය තුළ පමණක් රුපියල් මිලියන 210 ක අධික ආදායමක් උපයා තිබෙනවා.

එය 2024 වසරේ මෙතෙක් ඉපයූ වැඩිම ආදායම බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් කියා සිටියේ.

අලු‍ත් අවුරුදු විශේෂ ප්‍රවාහන සැලැස්ම යටතේ දෛනිකව බස් රථ ගමන්වාර 700 ක් කොළඹ සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් දුර ගමන් සේවා බස් රථ සේවා භාවිතයේ අඩුවක් අද (12) දිනයේ දක්නට ලැබුනු බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එමෙන්ම පුන්‍ය කාලය ආරම්භ වනතුරු බස් රථ ධාවනය අඛණ්ඩව සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට සියලු‍ම අධිවේගී මාර්ග ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ (11) දිනයේදී පමණක් රුපියල් මිලියන 46 ක අදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර සඳහන් කළා.

රථවාහන 128,000 ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, සාමාන්‍ය දිනයකට සාපේක්ෂව එය 25% ක පමණ වැඩිවීමක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ සහ ඊට තදාසන්න නගරවල රැකියාවල නිරත වූ බොහෝ දෙනෙකු මේ වන විටත් සිය ගම්බිම් වෙත පැමිණ සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *