හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල්

හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල්


හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල්

(09.04.2024 – 22:29 +0530 – hirunews.lk/sinhala)

දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරීමට බොහෝ දෙනා මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.

අවුරුදු කැවිලිවල මිල අහස උසට ගොස් ඇති පසුබිමක පවා කෙසෙල් වැනි පළතුරු අවුරුදු මේසයට එක්කර ගැනීමට ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ ජනතාවට වෙළෙඳුන් ලබාදෙන්නේ ගුණාත්මක බවින් යුතු ආහාර ද්‍රව්‍ය ද ?

අද (09) ‘හිරු CIA’ වෙන්වන්නේ ඒ පිළිබඳ විමසා බැලීම සඳහායි.

කෝලි කුට්ටු, ආනමාළු, ඇඹුල් ඇතුලු කෙසෙල් වර්ග අලුත් අවුරුදු මේසය සරසන්නට අත්‍යාවශ්‍යම පළතුරක්.

ඒ අනුව අවුරුදු සමයේ කෙසෙල් ඉල්ලුම ද සීඝ්‍ර ලෙස ඉහළ යන අතර වෙනදා පැවති මිල ගණන්වලට සාපේක්ෂව වැඩි මිලක් ද කෙසෙල් සඳහා නියම වන්නේ එවන් පසුබිමක් තුලයි.

ලඟ ලඟ එන අළුත් අවුරුද්ද සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාරිභෝගියන්ට අත්‍යවශ්‍ය වන කෙසෙල් තොග මේ දිනවල පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වෙත ලොරි පිටින් ගෙන එයි.

බැලූ බැල්මටම ඒවා ආහාරයට ගැනීමට සුදුසු පරිදි ඉදුණු කෙසෙල් බවට පත් වීමට නම් තවත් සති ගණනක් ගත වනු ඇති.

නමුත් මෙම අමු කෙසෙල් ලොරි රථයෙන් ගොඩ බෑමත් සමගම ඒවාට විස රසානික යොදා කෘත්‍රිමව ඉදවන බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ සොයාබැලීමේදී හෙළිවුණේ.

පෑලියගොඩ මැණිං වෙළඳපොළේ තොග වෙළෙඳුන්, කෙසෙල් කැන් පිටින් කෘත්‍රිමව ඉදවීම සදහා රසායනික ද්‍රව්‍යවලින් පොඟවයි.

රෝහලක නේවාසික රෝගීන් පිරිසකට කෙසෙල් ලබාදීමට අවශ්‍ය බැවින් ඒ සදහා සුදුසු කෙසෙල් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටි අවස්ථාවේ ද මෙම වෙළෙඳුන් ප්‍රකාශ කලේ රෝගීන්ට ලබාදීමට ඇත්තේ ද රසායනික ද්‍රව්‍ය යෙදු කෙසෙල් පමණක් බවයි.

මෙලෙස රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන කෙසෙල් ශරීර සෞඛ්‍යයට එල්ල කරන්නේ කවරාකාර බලපෑමක්ද?

කෙසෙල් ඉදවීම සදහා සුදුසු වෙනත් ස්වභාවික ක්‍රමවේද ඔනෑතරම් තිබියදී මෙලෙස කූට වෙළදුන් ජනතාවට ප්‍රසිද්ධියේ වස කැවීමට පෙළඹීම කණගාටුවට කරුණක්. රටේ ජනතාවට වින කටින මෙවැනි කූට වෙළඳුන් වැටලීමට මහජන බදු මුදලින් වැටුප් ලබන නීතිය ක්‍රියාත්මක කළ හැකි වගකිව යුතු ආයතන රැසක්ම මෙරට ක්‍රියාත්මකයි.

එහෙත්, ඔවුන් ද නෑසූ කන් ව සිටින පසුබිමක ජනතාවට සිදුව ඇත්තේ සුබ නැකතට පවා වස විස පමණක්ම අනුභව කිරීමටයි.

මෙම අනාවරණයෙන් පසුව හෝ එළිපිටම ජනතාවට වස කවන මෙවැනි ජාවාරම් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන්ගේ ඇස් විවර වන්නේ දැයි ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.

+


ජලය නොමැතිව පීඩා විඳින ඇලහැර ගොවීන් – අපේ කරුමෙට හැදුනු මහවැලි මේවා (09.04.2024)

+


අවුරුද්දේ පරිස්සමට මේ උපදෙස් පිළිපදින්න – අලුත් අවුරුදු උත්සව සඳහා නව චක්‍රලේඛයක් (09.04.2024)

+


අතුරුගිරිය, ගල්වරුසාව පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(09.04.2024 – 21:55 +0530 – sinhala.adaderana.lk)

කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය, ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් අද (09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නවගමුව පොලීසිය කියයි.

අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

විදෙස්ගතවී සිටින පාතාල ක්‍රියාකාරියකු වන ‘කොරතොට කයිවාරු මුතූ’ නමැත්තා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් කිහිප වරක් කප්පම් ඉල්ලා ඇති බවත් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස තර්ජනය කරන්නට ඇති බවත් සැක කරන බව නවගමුව පොලීසියේ උසස් නිලධාරියකු පැවසීය.

මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි බවද පොලීසිය සඳහන් කළේය ෴


ගම්පහ වෙඩික්කරුවන් ආ හැටි CCTV කැමරාවේ

(09.04.2024 – 13:31 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය පවසයි.

ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4 ට පමණ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී අදාළ ස්ථානයේ හිමිකරු වන 34 හැවිරිදි ‘ප්‍රසන්න ලක්මාල්’ නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා මේ වනවිට විදේශගතවී සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කෙහෙල්බද්දර චානක’ නමැත්තාගේ මස්සිනා බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ සමීපතමයන් වන, දැනට විදේශගතව සැඟවී සිටින ‘ලක්මාල්’ නමැත්තෙක් සහ ‘දිනේෂ් වසන්ත’ නමැත්තෙක් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි ද පොලීසිය සැක කරයි.

ඔවුන් දෙදෙනා (2) විසින් සිය ප්‍රතිවාදියෙකු වන ‘කෙහෙල්බද්දර චානක’ නමැත්තාගෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය වැඩිදුරටත් සැක කරයි.

කෙසේවෙතත් ඔහුට වෙඩිතැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර වෙඩික්කරුවන් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත ලැබී තිබුණි.

+


මීවනපලාන වේසිපුත්‍රයා අත් අඩංගුවට ගන්නැයි භික්ෂුන් වහන්සේ CID ඉදිරිපිටට

09-04-2024

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(10.04.2024 – 06:40 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය, ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නවගමුව පොලීසිය පවසන්නේ අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.

මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි බවද පොලීසිය සඳහන් කළා ෴


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සවි කරන්න ගෙනා CCTV වසර හතක් (7) තිස්සේ ගබඩාවල

(10.04.2024 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 07 ක් තිස්සේ සවි නොකර ගබඩාවක ගොඩ ගසා ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී පසුගිය දා අනාවරණය වුණා.

ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳ වූ අවස්ථාවේ දී යි.

ඒ අනුව ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

එම කාරක සභාවේ දී වැඩිදුරටත් අනාවරණය වුණේ, 2017 වසරේ දී රුපියල් මිලියන 2.1 ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත්, ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවයි.

එසේ ම එම මිලදීගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වූ නිලධාරීන්ද මේ වනවිට ස්ථාන මාරු ලබා ඇති බව ද එම කමිටුව හමුවේ අනාවරණය වුණා.

ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර, එම CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත්, මැයි 15 ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අදාළ කමිටුව විසින් ආගම විගමන නිලධාරින්ට දැනුම් දී තිබෙනවා ෴


‘අස්වැසුම’ තවත් පවුල් 182,140 කට

(10.04.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)

අභියාචනා සහ විරෝධතා සළකා බලා ‘අස්වැසුම’ සඳහා තවත් පවුල් 182,140 ක් ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ට අදාල හිඟ මුදල් ඇතුළු ගෙවීම් මේ මස 18 වැනිදා වනවිට ගිණුම්වලට ලබා දෙන බවයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ෴


අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි

(10.04.2024 – 16:23 +0530 – hirunews.lk/sinhala)

සයිබර් ප්‍රහාරයකට ලක් වීමෙන් බිඳ වැටුණු අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය මෙතෙක් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී නැහැ.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණික ඉංජිනේරු චාරුක දමුණුපොල කියා සිටියේ අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙරට අන්තර්ජාල සබඳතාවකින් බවට මූලික පරීක්ෂණයෙන් අනාවරණය වූ බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *