‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි

‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි


‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි

(02.04.2024 – 12:09 +0530 – sinhala.adaderana.lk)

පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය.

අද (02) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එම තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කරන ලෙසය.

එමෙන්ම අරගල සමයේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක (2) පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා :

“අරගල සමයේදී ඔබතුමාව ව්‍යවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම.. ඒ කියන්නේ ජනාධිපති වගකීම භාරගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට.. ඒ වගේම ’09 සැඟවුණු කථාව’ කියලා මම පොතක් එළිදැක්වූවා. ඒ පොතේ ඒ කරුණ මම විවෘතව එළිදැක්වුවා.. ඔබතුමාට කුමන තානාපති කාර්යාලද, කුමන තානාපතිවරුන්ද සහ දේශපාලඥයින් කවුරුන්ද ඒ බලපෑම එල්ල කළේ කියලා.”

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙත් සඳහන් වෙනවා දෙස් විදෙස් බලවේග නිසා ඔහුට ඒ තනතුර අතහැරයාමට සිදුවූ තත්ත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණු 03 සත්‍ය නම් මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා ‘වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ’ කියලා හිතනවනම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක්.”

“ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මම කථානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඇති වුණ සංසිද්ධිය පිළිබඳ.. අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කව්ද? ඒ අය කුමන අරමුණක් ඇතිව ඒක කරාද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක, දින දෙකක (2) විවාදයක් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා .. ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා පත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරිම් කාරක සභාවක් පත් කරන්න. එසේ කිරීමෙන් පමණයි බාහිර රටවලට ඕනේ විදිහට ලංකාවේ ඉරණම් කථාව ලියන්න කැසකවපු ඒ පාපි බලවේග පිළිබඳව කරුණු අනාවරණ කරන්න පුළුවන් වෙන්නේ.”

+


කල්බදු ක්‍රමයට ගුවන් යානා 4 ක් ගන්න ශ්‍රීලංකන් ගුවන් සමාගමට කැබිනට් අනුමැතිය

(02.04.2024 – 22:15 +0530 – hirunews.lk/sinhala)

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අවශ්‍ය, පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් (4) ලබා ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ සඳහා වන තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) සහ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ සඳහන් වන්නේ.

ඊට අදාළ ‍යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අදාළ ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඔරික්ස් ඒවියේෂන් වෙතින් ඩොලර් 360,000 ක මාසික බද්දකට වසර හයක (6) කාලයක් සඳහා ගුවන් යානා දෙකක් (2) ලබා ගැනීමටත්, වසර අටක (8) කාලයක් සඳහා ඩොලර් 365,000 ක මාසික බදු මුදලකට Aergo Capital Limited වෙතින් ගුවන් යානා දෙකක් (2) ලබාගැනීමට අදාළ තවත් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමටත් ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

+


දමිතාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(02.04.2024 – 21:57 +0530 – sinhala.adaderana.lk)

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය.

ඒ, විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

දමිතා අබේරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට නියම කෙරුණි ෴


හිමිකරු 99 න් ජිවිතය බේරාගනී | සුපිරි මෝටර් රථය එක්වරම ගිනිඅරන් | දෙහිවල පාලම උඩ අළු වූ සුපිරි රිය (02.04.2024)

+


සීගිරි ගිය සුද්දියෙකුට‍ වන අලි ප්‍රහාරයක් “මහ පාන්දර ඉඳන් රෑ වෙනකන් සුද්දෝ ඉන්නේ පාරේ” (02.04.2024)

+


විශිෂ්ඨ සේවය වෙනුවෙන් සුවසැරිය ගිලන් රථ සේවයට ලෝක බැංකුවෙන් සම්මානයක් – හැබැයි මේකෙන් ඉන්දීය රෝ ඔත්තුකාරයෝ එනවා කිව්වා – කරන්ට් වදිනවා කිව්වා – GMOA දොස්තරලගේ රෙදි ගැලවේ (02.04.2024)

+


තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොටුවෙති

(02.04.2024 – 11:38 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන විශේෂ යුක්තිය මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

ඊයේ (01) ගාල්ල අපරාධ කොට්ටඨාසයේ නිලධාරීන් විසින් ගෝනපීනුවල පොලිස් වසමේ වැටලීමක් සිදුකර 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්ම බේරුවල වැටලීමක් සිදුකර 40 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් අයිස් මිලිග්‍රෑම් 360 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හික්කඩුව පොලිස් වසමේ තිරාණගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 100 සමග අත්අඩංගුවට පත්ව ඇත.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වාද්දූව ප්‍රදේශයේ මැලෑගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර 34 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් අතර බස්නාහිර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මීගමුව හා ගණේමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලින් 56 හැවිරිදි සහ 40 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 50 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිටකොටුවේ සිදුකළ වැටලීමක දී ‘අයිස්’ මිලිග්‍රෑම් 820 ක් සමග බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව අපරාධවලට සහාය දැක්වූ සැකකරුවන් තිදෙනෙකු (3) ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 237 කි ෴


ප්‍රමිතිය උඩු සුළඟට යද්දී ඉදිවෙන මාර්ග – “මේක රොටිය වගේ ගැළවෙනවා”

+


රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ සල්ලි එපා – ජනාධිපති ඇතුළු පාලකයෝ මේවට සම්බන්ධ වෙන්නේ නෑ (02.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *