සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි

සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි


සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි

(02.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) අනුරාධපුර සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි ප්‍රදේශයේ ‘හිරු වාර්තාකරු’ පවසා සිටියේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් 4 දෙනාට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද (02) දිනයේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මාතර නගරය ආශ්‍රිතව පවත්වාගෙ යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් 12 දෙනෙකු ද පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 5 ක් ද වසා දැමීමටද පියවර පියවර ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර දේශවල පදිංචිකාරිණියන් ෴


ඥාණසාර හිමිට ඇප ප්‍රතික්ෂේප වෙයි

(02.04.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බරපතළ වැඩ සහිත වසර හතරක (4) සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ‘ආදිත්‍ය පටබැඳිගේ’ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

දැනට නියම කර තිබෙන වසර හතරක (4) සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥාණසාර හිමියන් ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴


උඳු මෙට්ට්‍රික් ටොන් 2000 ක් ආනයනයට අවසර

(02.04.2024 – 13:40 +0530 – hirunews.lk/sinhala)

දේශීය අවශ්‍යතාව සඳහා උඳු මෙට්ට්‍රික් ටොන් 2000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

උත්සව සමයේදී උඳු හිගයක් ඇති වීම වැළැක්වීම සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා විශේෂ වෙළඳභාණ්ඩ පනත මගින් පනවා ඇති බදුවලට යටත්වයි එම අවසරය ලබා දී ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හඳබිම අධිකාරිය හරහා පමණක් උඳු ආනයනය සිදු කෙරෙනු ඇති ෴


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය ගැන තවත් පරීක්ෂණයක්

(02.04.2024 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ ද පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

+


ලාංකිකයෙක් අමෙරිකාවේ ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ උපදේශක ධුරයකට

(02.04.2024 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ උපත ලද එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස්ව එරට කීර්තිමත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර ඇති බව ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ, මිනසෝටා විශ්වවිද්‍යාලයේ හම්ෆ්‍රි මහජන කටයුතු පිළිබඳ පාසලේ සහ හාවඩ්හි රජයේ කෙනඩි පාසලේ අධ්‍යාපනය ලැබූ ආචාර්ය මෙන්ඩිස් සිය කීර්තිය එක්සත් ජනපදයේ සිට ආසියානු සහ යුරෝපා මහාද්වීප පුරා පතුරුවා හළ අයෙක්.


වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට

(02.04.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සමඟ අද (02) පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසදුමක් නොලැබුණු බව එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ ලිඛිත ලියවිල්ල ලැබීමෙන් පසු වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද (02) පෙරවරුවේ රෝහල් 10 ක දියත් කෙරුණු වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 කින් ඉහළ දැමූ ‘ප්‍රදාන හා නිර්බාධක දීමනාව’ හෙවත් ‘ඩැට් දීමනාව’ තමන්ට ද ඉහළ දමන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද (02) යළිත් වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල්, කෑගල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව යන මහ රෝහල් සහ මන්නාරම මූලික රෝහලේ පැය 4 ක කාලයක් අද මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම රෝහල් වෙත පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර මෙම වැඩවර්ජනයට සමගාමීව කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක අද (02) දහවල් විරෝධතා ද පැවැත්වුණා.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හමුවුණා.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී තමන්ට ප්‍රමාණාත්මක විසදුමක් නොලැබුණු බවයි වෘත්ති සමිති සන්ධානය පවසන්නේ.

+++++++

සෞඛ්‍ය වර්ජනය අවසන් – දීමනාවෙන් කොටසක් මැයි වැටුපට

(02.04.2024 – 20:52 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03 කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50% ක් එකතු වීමට නියමිත බවත් ඔහු පවසයි ෴


උණවටුන ‘ජංගල් බීච්’ ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන්

(02.04.2024 – 20:42 +0530 – hirunews.lk/sinhala)

උණවටුන ‘ජංගල් බීච්’ ප්‍රදේශයට ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් – වැඩි වයසේ පෙම්වතිය සමඟ ‘ජංගල් බීච්’ ගිය සිසුවාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙලා

උණවටුන ‘ජංගල් බීච්’ ප්‍රදේශයට ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිසුවා එම ප්‍රදේශයට ගොස් ඇත්තේ පෙම්වතිය ද සමග වන අතර සිසුවාට සිදු වූ දේ ඇගේ පාර්ශ්වයෙන් වසන් කිරීමට උත්සාහ දරන බවටයි සිසුවාගේ මව චෝදනා කරන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සෙනුක දේශාන් නමැති මෙම සිසුවා ඉකුත් මාර්තු 18 වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ මව පවසනවා.

ඔහු එදින උදෑසන නිවසින් පිටව ගොස් තිබුණේ උපකාරක පංතියකට යන බව පවසමින්.

එදින පස්වරුවේ මවට දුරකථන ඇමතුමක් ලබාදී අයෙකු පවසා ඇත්තේ සෙනුක සහ ඇගේ 22 හැවිරිදි පෙම්වතිය හබරාදූව පොලිසියේ සිටින බවයි.

ඒ අනුව මව පොලිස් ස්ථානයට ගිය නමුත් පුත්‍රයා පොලිසියේ සිට නොමැති අතර එහි සිට ඇත්තේ පෙම්වතිය සහ පෙම්වතියගේ මව්පියන් ඇතුළු ඥාතීන් පමණයි.

මෙහිදී පෙම්වතිය පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ සිය උපන්දිනය සැමරීම සඳහා මල් සහ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් ද ගෙන සෙනුක සමග තමන් උණවටුන ‘ජංගල් බීච්’ ප්‍රදේශයට ගිය බවයි.

සෙනුක සහ තමන් මත්පැන් පානය කර අනතුරුව සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දෙදෙනාම මුහුදට වැටුණු බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පිරිසක් ඇයව බේරාගෙන ඇති නමුත් සෙනුකගේ සිරුර දින 15 ක් ගතව ඇතත් තවමත් හමුවී නැහැ.

මේ හේතුවෙන් සෙනුකගේ මව සහ ඥාතීන් පවසන්නේ මෙම සිද්ධි දාමය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවයි.

+++++++++

+


ආහාර වියදම් හෝ සපයාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත්කළ තිදරු පියෙක්

(02.04.2024 – 22:05 +0530 – hirunews.lk/sinhala)

දැඩි අඟහිඟකම් හමුවේ ආහාර වියදම් හෝ සපයාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත්කළ තිදරු පියෙක් පිළිබඳ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම පවුල සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් යටතේ ආධාර මුදලක් හෝ ලැබී නැහැ

ඉහට වහළක්, ආහාර පාන මෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දරුවන් ඕනෑම පවුලක මව්පියන්ගේ මූලික අපේක්ෂාවන් බවට විවාදයක් නැහැ.

එලෙස දරුවන් සහ බිරිඳගේ වගකීම් හමුවේ දරාගත නොහැකි අඟහිඟකම් ඉදිරියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පියෙක් සිය දිවි නසා ගැනීමට උත්සහ කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *