මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට


මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට

(02.04.2024 – dinamina.lk)

= ඝාත­න­යක් බව හෙළි­ වූයේ මරණ පරී­ක්ෂ­ණ­යෙන් =

නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ‘ජාතික ජන­බ­ල­වේ­ගයේ’ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල ක්‍රියා­කා­රි­නි­යක වන ‘අමිලා විමානි කොඩි­තු­වක්කු’ (48) නැමැ­ත්ති­යගේ මර­ණය ඝාත­න­යක් බව හෙළි වේ.

මෙම ඝාත­න­යට ඇයගේ අනි­යම් සැමියා යැයි කියන ද්විත්ව පුර­වැ­සි­යකු විසින් සිදු කර ඇතැයි සැක­ක­රන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගාර ගතව සිටියි.

නාන කාම­රයේ වැටී සිටි බව පව­ස­මින් අනි­යම් සැමියා විසින් පසු­ගිය 25 දා ‘සුවි­සැ­රිය ගිලන් රථ­යක්’ ගෙන්වා ගෙන ඇයව මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. ඇයගේ ශරී­රයේ පව­තින තුවා­ල­ව­ලට අනුව නාන කාම­රයේ වැටී­මක් නොව පහ­ර­දි­මක් හේතු­වෙන් ඇති වූ තුවාල බව නිරි­ක්ෂ­ණය වීමෙන් පසු මෙම මර­ණ­යට සැක­පිට ඇයගේ අනි­යම් සැමියා පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. කුණ්ඩ­සාලේ නරේන්ද්‍ර මාවතේ පදිංචි ‘සමන් කොඩි­තු­වක්කු’ නැමැති සැක­කරු ඕස්ට්‍රේ­ලි­යානු හමු­දාවේ සේවයේ නිර­තව විශ්‍රාම ගොස් ඇතැයි පැව­සෙන අතර මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් මේ වන විට රක්ෂිත බන්ධා­නා­ගාර ගතව පසුවේ. මෙම පුද්ග­ල­යාද ‘ජාතික ජන බල­වේ­ගයේ’ ක්‍රියා­කා­රි­යකු ලෙස කට­යුතු කර­මින් සිටි අයකු බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය කියයි.

අමිලා විමානි කොඩි­තු­වක්කු මහ­ත්මිය විවා­හක තැනැ­ත්ති­යක් වන අතර ඇය සමූ­පා­කාර පරී­ක්ෂ­ක­ව­රි­යක් ලෙස කට­යුතු කරනු ලැබු­වාය. පසු­ගිය 24 දා රාත්‍රි­යේදී ඇය කුණ්ඩ­සාලේ නරේ­න්ද්‍ර­සිංහ මාවතේ සිය අනි­යම් සැමියා වූ සමන් කොඩි­කු­වක්කු රැඳී සිටින නිවෙ­සට ගොස් තිබේ. එදින රාත්‍රී කාලෙයේ එම නිවෙසේ රැඳී සිට ඇති ඇය ‘නානා කම­රයේ වැටී තුවාල වූ බව’ පව­ස­මින් අනි­යම් සැමියා විසින් 1990 ‘සුවි­සැ­රිය ගිලන් රථ­ය­කින්’ 25 දා මහ­නු­වර රෝහ­ලට ඇත්ළත් කර තිබෙන බව මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වන පල්ලෙ­කැලේ පොලී­සිය පව­සයි.

රෝහ­ල්ගත කිරී­මෙන් පසු ඇගේ තත්ත්වය බර­ප­තළ වූ බැවින් දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කර ඇති අතර තුවාල සම්බ­න්ධ­යෙන් ඇති­වුණු සැක­යක් මත රෝහ­ලින් ඒ බව පොලි­සිය දැනු­ම්වත් කර ඇත. ඒ අනුව පල්ලෙ­කැලේ පොලි­සියේ නිල­ධා­රීන් මහ­නු­වර රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා මුණ­ගැසී කළ විම­සීමේ දී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාම­රයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහ­ර­දී­ම­කින් එම තුවාල සිදුව ඇති බව නිරී­ක්ෂ­ණය වන බවත්ය.

ඒ අනුව පල්ලෙ­කැලේ පොලි­සියේ නිල­ධා­රීන් මහ­නු­වර අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් කැඳවා නරේ­න්ද්‍ර­සිංහ මාවතේ පිහිටි ඇය අන­තු­රට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධි­ක­රණ වෛද්‍ය­ව­රයා ද පැමිණ ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. එම විම­ර්ශ­නයේ දී පැහැ­දි­ලි­වම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාම­රයේ වැටී නැති බව­ටත් එම නිවෙසේ අප­රා­ධ­මය ස්ථාන ස්වරූ­ප­යක් නිරී­ක්ෂ­ණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩි­තු­ව­ක්කු­ ගෙන් ප්‍රශ්න කිරී­මේදී, ඔහුගේ හැසි­රීම හා ලබා­දෙන පිළි­තුරු සම්බ­න්ධ­යෙන් යම් සැක­යක් පොලිස් නිල­ධා­රීන්ට පැන නැ‍ඟී ඇත. එසේම මෙම පුද්ග­ලයා පොලි­සිය මග­හැර සිටී­මට ද මෙම සිදු­වී­මෙන් පසු ලොකු උත්සා­හ­යක ද නිර­තව තිබේ.

මේ සිය­ල්ලම සැල­කි­ල්ලට ගෙන පල්ලෙ­කැලේ පොලි­සිය අමිලා විමානි කොඩි­තු­ව­ක්කුට සිදුව ඇති තුවාල සම්බ­න්ධ­යෙන් සැක­පිට 26 වැනිදා ඇගේ අනි­යම් සැමියා බව කියන සමන් කොඩි­තු­වක්කු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එහි දී ඔහු­ගෙන් පොලි­සිය කළ දීර්ඝ ප්‍රශ්න කිරී­මක දී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහි­න්බස් වීමක් සිදුවූ බවත් ‘ඇය තුවාල වූයේ පඩි­පෙ­ළින් වැටී’ බවත්ය.

ඔහු එසේ පැව­සු­වත් ‘ඇයට අමා­නු­ෂික ලෙස පහර දී ඇති බව’ බැලූ බැල්ම­ටම වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් සැක­පිට සමන් කොඩි­තු­වක්කු නමැති අය තෙල්දෙ­ණිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට 27දා ඉදි­රි­පත් කළ බව පොලි­සිය කියයි. එහිදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බලා අධි­ක­ර­ණය ඔහුව දින 14 කට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ බවත් දැඩි සත්කාර එක­කයේ සති­ය­කට ආසන්න කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි අමිලා විමානි කොඩි­තු­වක්කු මහ­ත්මිය 30 දා මිය­ගිය බවත් පොලි­සිය කියයි. මේ කාලය පුරා­ව­ටම ඇය­ගෙන් පොලි­සි­යට ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට ඉඩක් නොවූ බවත් ඇය රෝහ­ල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්ව­යෙන් කිසි­වක් ප්‍රකාශ කර ගැනී­ම­ට­වත් නොහැකි තත්ත්ව­ය­කින් බවත් පොලි­සිය කියයි.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පැවැති පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ දී පවා තහ­වුරු වී ඇත්තේ මොට ආයු­ධ­ය­කින් කළ පහ­ර­දී­ම­කින් ඇය මිය­ගොස් ඇති බව යැයි පොලි­සිය සඳ­හන් කළේය. ඇගේ අනි­යම් සැමියා අධි­ක­ර­ණ­යට මුල් අව­ස්ථාවේ දී ඉදි­රි­පත් කරනු ලැබුවේ ඇයට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් බවත් දැන් මෙම පහ­ර­දීම ඝාත­න­යක් බව අනා­ව­ර­ණය වී ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන බවත් පොලි­සිය කියයි.

මෙසේ සිය අනි­යම් බිරිය ඝාත­නය කර ඇති මෙම පුද්ග­ලයා ඔස්ට්‍රේ­ලි­යානු ජාතික කාන්තා­වක් විවාහ කර­ගෙන සිටින අයෙක් බවත් ඔහු මෙර­ටට පැමිණ ඇත්තේ මාස තුන­කට (3) පෙර බවත් විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇත. ඇය ජාතික ජන බල­වේ­ගයේ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­නි­යක් ලෙස සිටි බැවින් ඔහුද ඇය අනු­ග­ම­නය කර­මින් එම පක්ෂයේ දේශ­පා­ලන වැඩ­ක­ට­යු­තු­ව­ලට ක්‍රියා­කාරීව සම්බන්ධ වී ඇති බව සඳ­හන්ය. මේ සිද්ධිය වන අව­ස්ථාවේ දෙදෙනා අතර විර­ස­ක­යක් තිබුණු බවට ද වාර්තා වේ ෴

++++++++

+


කැෂියර් එකෙන් පොලිතින් නොගත්තොත් පාරිභෝගිකයන්ට ‘ඩිස්කවුන්ට්’ එකක්

(02.04.2024 – 10:10 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ට, රුපියල් 500 ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5 ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමණාකාරිවයේ ද එකඟත්වය ද හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් කිහිපයක ප්‍රධානින්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානින් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් ද කැඳවා තිබුණා ෴


‘ඩාලි’ නෞකාවේ විෂ අපද්‍රව්‍ය තිබූ බව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නැහැ

(02.04.2024 – 11:30 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 26 වැනි දා අමෙරිකාවේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ ෆැන්සිස් ස්කොට් යතුරු පාලමේ ගැටුණු, ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ‘ඩාලි’නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මගින් මෙරටට ගෙන ඒමට නියමිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදාළ නෞකාවේ බහාලුම්වල අඩංගුව තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ පරීක්ෂණ මේ වනවිටත් ආරම්භකර ඇති බවයි.

මෙරටට පැමිණෙමින් සිටිය දී අනතුරට පත් වූ නෞකාව තුළ ටොන් 746 ක් බර විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ.

එම මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ, එම නෞකාව තුළ ටොන් 746 ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේ දී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇති බවයි ෴

+++++++

+

+


පාසල් සිසුවියන්ට නොමිලේ ‘සනීපාරක්ෂක තුවා’ දෙන්න කැබිනට් අනුමැතිය

(02.04.2024 – 12:15 +0530 – hirunews.lk/sinhala)

තෝරාගත් පාසල් සිසුවියන් සඳහා නොමිලේ ‘සනීපාරක්ෂක තුවා’ ලබාදීමට අදාළ වැඩසටහනට සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අති දුෂ්කර ග්‍රාමීය පාසල්, දුෂ්කර පාසල්, හුදකලා පාසල්, වතු පාසල් සහ දරිද්‍රතාවයට මුහුණ දෙන සිසුන් සහිත නාගරික පාසල්වල ඉගනුම ලබන ශිෂ්‍යාවන් 800,000 කට එම සනිපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙනු ඇති.

එම වැඩසටහන මෙම මාසයේ සිටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴


ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළඳා මාළිගාවට

(02.04.2024 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට ජනාධිපති ලේකම්වරයාගේ වාර්තාව මගින් නිර්දේශ කිරීමෙන් අනතුරුවයි.

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ඉකුත් පෙබරවාරි 19 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් පරිදි, දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඉදිරිපත් කර ඇති වාර්තාව මගින්, ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්, එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කර තිබෙනවා ෴


වාහන වර්ග කිහිපයක් ආනයනයට අනුමැතිය

(02.04.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුවයි.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීමට ආසන 6-15 වෑන් රථ 750 ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250 ක් ආනයනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.

කෙසේ වෙතත් එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි වන්නේ නැහැ ෴


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන අයුරු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි

(02.04.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ඊයේ (01) ඇසූ ප්‍රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත හොත් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සොයා ගැනීමට තමා විසින් අනුගමනය කරනා ක්‍රමවේදය සම්බන්ධයෙන් අද (02) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැහැදිලි කළා.

ඒ අනුව, තමා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මාස 2 ක් ඇතුළත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයන් 7 ත් 9 ත් අතර සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත් ඒ තුළින් අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරිමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබා ගැනීමේ බලය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළා.

එමෙන්ම, කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6 ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, එෆ්.බී.අයි. ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන බවත් කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට යටත්ව ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවා.

තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7(2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවන බවත් ඒ සඳහා 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත් නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *