ශ්‍රී ලංකා රාජ්‍යය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා රාජ්‍යය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර


ශ්‍රී ලංකා රාජ්‍යය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(31.03.2024 – lankaleader.com)

= ශ්‍රී ලංකා රාජ්‍යය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි…. සංඝ සමාජය බිඳදමා රට අත්පත්කර ගැනීමේ සූක්ෂම මෙහෙයුම වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙලිකරයි =

2005 දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ඊනියා සාම ක්‍රියාවලිය මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දී පසුව වෙනම රාජ්‍යයක් ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වූයේ පූජ්‍ය කොටපොල අමරකීර්ති නායක හිමි වැනි නායක හිමිවරුන්ගේ භූමිකාව නිසා බව මෙම ක්‍රියාවලිය මෙහෙයවූ පුද්ගලයන් පවසා ඇති බව ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘ශාන්ති පදනම’ මගින් පැවැත් වූ 45 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි කළ්‍යානිවංශ පාර්ශවයේ අනුනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිච්ච මල් පූජාවේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමිපානන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාව ඇතුළු විවිධ ආක්‍රමණිකයන් 17 වතාවක් මේ රට ආක්‍රමණය කළ ද මේ පුංචි රට ඔවුන්ට යටත්කර තබාගත නොහැකි වූ රහස වන්නේ මෙරට මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව බවත්, ඔවුන් ඒ පිළිබඳව එදා සිට අද දක්වාම වටහාගෙන සිටින බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

මෙරට සුවිශේෂී ඓතිහාසික ග්‍රන්ථයක් වන මහා වංශය ලිවීම මහානාම හිමියන් විසින් ආරම්භ කරන්නේ දේශයේ ජනයා අවධිකරලීම සඳහා දුටුගැමුණු රජුගේ කතාව ලිවීමෙන් බවත්, මහා වංශය ලියැවෙන්නේ හුදු ඉතිහාස කතාවක් ලිවීම සඳහා නොවන බවත් ඒ මහතා පවසයි.

මෙසේ ඓතිහාසික භූමිකාවක් නොතිබූ සුඩානයට සහ එසේ ඓතිහාසික භූමිකාවක් තිබූ ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ලබාදුන් සැලසුම එකක් බවද, සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම, ජාත්‍යන්තර මැදිහත් වීමෙන් තාවකාලික ආණ්ඩුවක් බෙදුම්වාදීන්ට ලබාදීම හා පසුව තාවකාලික ආණ්ඩුව වෙනම රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය යන මෙම සැලසුම ලංකාවේ ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වුවද සුඩානයේ අද එය ක්‍රියාත්මක කර වෙනම රාජ්‍යයක් ලබාදී යුදගැටුම් හේතුවෙන් ජනතාව දැඩි අසරණ තැනකට තල්ලුකර ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා හරහා අපේ රටේ නලලේ ද කොටු තිබූ ඉරණම එය වූවද, එදා මෙරට නායක ස්වාමීන්වහන්සේලාගේ භූමිකාව විසින් එම ඉරණම වෙනස් කළ බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, කෙසේ වෙතත් රට තුළ අද නිර්මාණය කර තිබෙන ආර්ථික අර්බුදය මැද දේශපාලන අර්බුදයක් ද පැහැදිලිව දැකගත හැකි බවත්, මහජනයා මානසිකව වැටී ඇති මෙම පසුබිම තුළ වසර 2500 ක් තුළ මේ රටේ කරගැනීමට බැරිවූ දේ කරගැනීමට ජාත්‍යන්තර බලවේගවලට මනරම් අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි.

ඉන්දියාව ඇතුළු ලෝකයේ අධිරාජ්‍යවාදී බලවතුන් මේ රට තමන්ගේ වහල් භූමියක් බවට පත්කර ගැනීමට උත්සාහ දරන්නේ කාරණා 2 ක් නිසා බව වෛද්‍ය වස්නත බණ්ඩාර මහතා පවසයි.

ඉන් එකක් අධිරාජ්‍යවාදීන්ගේ මජර අධිපරිභෝජනවාදී ආර්ථික පිළිවෙතට එරෙහිව ඇති ප්‍රබලම තර්ජනය ථෙරවාද බුදුදහම බව පවසන ඒ මහතා, මාක්ස්වාදයට හා සමාජවාදයට වඩා ථෙරවාද බුදුදහම ඔවුන්ට දැඩි ප්‍රශ්නයක් බවද, එය අවසන් කිරීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරන බවද පෙන්වා දෙයි.

අනෙක් කාරණය වන්නේ ඔවුන්ගේ යුධමය සිතියමේ ශ්‍රී ලංකාව විශාල වැදගත් කමක් සහිතව සටහන් කර තිබීම නිසා බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ ප්‍රධාන නාවික ගමන් මාර්ගයේ බවත්, ලෝකයේ තෙල් සහ භාණ්ඩ 80% ක් ප්‍රවාහනය කිරීම සිදුවන්නේ මෙම පුංචි දිවයින වටා ගොස් බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඉන්දියාවේ විදේශ වෙළඳාමෙන් 40% ක් යැපෙන්නේ ද මෙම නාවික ගමන් මාර්ගය මත බවද, ඔවුන්ට විශාල භූමියක් හිමි වී තිබුනද ජාත්‍යන්තර නාවික මාර්ගයට කිට්ටුවිය නොහැකි නිසා ලංකාවේ කොළඹ වරාය හරහා 75% ක් පමණ භාණ්ඩ ඉන්දියාවට යැවීම සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අපේ රටට ගොඩබිමේ භූමි ප්‍රමාණය මෙන් 8 ගුණයක සාගරයක් අයිතිවී ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, වර්ග කිලෝමීටර් ලක්ෂ 20 ක අහසක් හා විශාල මත්ස්‍ය සම්පතක් ද අයත් වුවද ඉන්දියාවට ඊට අඩු ප්‍රමාණයක් අයත් වූවද ඔවුන් එයින් උපරිම ඵලය ලබාගැනීමට උත්සාහ දරන බවද සඳහන් කරයි.

තවත් වසර කිහිපයකට පසු තායිලන්තයේ ‘ක්‍රා’ නමින් විශාල ඇල මාර්ගයක් කැපෙන බවත්, ඉන්පසු මෙම මුහුදු මාර්ගය නාවික සැතපුම් 1800 කින් අඩුවන බවත් ඒ මහතා පවසන අතර, තමන්ගේ වරාය නිසා ගොඩගිය සංගප්පූරුවේ වරායට ඉන්පසු සියලු වටිනාකම් අහිමිවී ලෝකයේ ඇති බලවත්ම වරාය බවට හම්බන්තොට වරාය පත්වන බවද පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත අමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ට අද අවශ්‍යව ඇත්තේ ලංකාවට පය තබාගැනීමට බව හෙළිකරන ඒ මහතා, සෘජු ආක්‍රමණවලින් එය කළ නොහැකි බව දන්නා ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කර එය බිඳ වට්ටවා, සමාජය බිඳ වැට්ටවීමේ න්‍යාය මේ සඳහා උපයෝගී කරගන්නා බව පෙන්වා දෙයි.

විවිධ අන්තවාදී ආගමික සංවිධානවල පුද්ගලයන් ආණ්ඩුවේ විවිධ තැන්වලට ලේකම්වරුන් ලෙසින් පත්කරන්නේ ද මේ නිසා බවත්, මෙරට පෞද්ගලික ප්‍රධාන සමාගම් 250 ක එලෙස ආගමික සංවිධානවලට අයත් නිලධාරීන් කටයුතු කරන බවත් වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

USAID නමැති අමෙරිකානු සංවිධානය අද මෙරට නීතිඥ සංගමය තුළටද රිංගා ඇති බව හෙළිකරන ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ සුළු අපදාවන්ට පවා එම සංවිධානයෙන් මුදල් ලබා දෙන බවද හෙලිකරයි.

එනිසාම ඔවුන්ට අවශ්‍ය නඩු දැමීම මෙන්ම, ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ද එම සංවිධානය දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ලෝක බලවතුන් විසින් න්‍යායවල් 3 ක් භාවිතා කරන බව හෙළිකරන වසන්ත බණ්ඩාර මහතා, ඉන් එකක් වන්නේ මතවාදීව බිඳ වැට්ටවීම බවත් ඒ හරහා මෙරට සම්ප්‍රධායන්, විශ්වාසයන් මෙන්ම දාර්ශනික පදනම ද බිඳ දැමීමට කටයුතු කරන බව සඳහන් කරයි.

උදාහරණයක් ලෙස ‘මීවනපලානේ’ නමින් පෙනීසිටින ‘සිරිසේන හපුතන්ත්‍රී’ නමැති පුද්ගලයා මෙරට ජනයා මතවාදී ලෙස බිඳවැට්ටවීම සඳහා කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඒ අනුව කටයුතු කරමින් සිටින බවද, කෘෂිකර්ම අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන නිලධාරියෙකු ලෙස කලක් රාජකාරි කළ ඔහු අමෙරිකාව විසින් මෙරටට ණයට දුන් තිරිඟු පිටි ව්‍යාපෘතියක කටයුතු කළ බවද, රුපියල් වලින් ගෙවන එම ණය ගිණුමකට ගොස් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සහ විද්වතුන්ගේ මොළ සේදීමේ ව්‍යාපෘතිවලට යොදාගන්නා ලද බවද වසන්ත බණ්ඩාර මහතා හෙලිකරයි.

‘සිරිසේන හපුතන්ත්‍රී’ නමැති මෙම පුද්ගලයා සංඛ්‍යා ලේඛන පොතක් ලියා රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවට්ටවා, කෘෂිකර්මාන්තය විනාශ කර, මෙරට ජනයා තිරිඟු පිටි ගිලදමන ජාතියක් බවට පත්කිරීමට සූක්ෂමව කටයුතු කළ බවත්, ඔහු 60 වතාවක් අමෙරිකාවට ගොස් පැමිණි බව හා පසුව විශ්‍රාම ගොස් මහණ වී ලංකාව බුදුන් වහන්සේ උපන් දේශය බව ප්‍රකාශකරමින් අනුගාමිකයන් එකතුකර අධිරාජ්‍යවාදීන්ගේ අලුත් කොන්ත්‍රාත්තුවකට අත ගැසූ බවත් ඒ මහතා හෙළිකරයි.

මහා වංශය හා ත්‍රිපිටකයට පහර ගසමින් ඔහු ක්‍රියාකරමින් සිටින බවද, ‘අරියමග්ග’ නමින් හැදින්වෙන තවත් චීවරදාරියකු ද මෙබඳුම විනාශයක් සිදුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා ක්‍රියාත්මක වන අනෙක් න්‍යාය වන්නේ සමාජ සංස්ථාව බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය බවත් මෙම සමාජය රඳාපවතින්නේ ප්‍රධාන සංස්ථා 3 ක් මත බවත් ඒ මහතා පවසයි.

සංඝ සමාජය, පවුල සහ පුද්ගලයා යන මෙම සංස්ථා බිඳදැමීම සදහා ඉතා සූක්ෂම ලෙස කටයුතු සිදුවෙමින් පවතින බවද, සමාජයේ ප්‍රචණ්ඩත්වය වැපිරවීම සඳහා පුද්ගලයන් පුහුණුකරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

සංඝ සමාජය බිඳ දැමීම සඳහා රට තුළින් හා අන්තර්ජාතිකව දැවැන්ත මෙහෙයුම්ක් දියත් වන බවත් හෙලිකරන ඒ මහතා, පවුල බිඳවැට්ටවීම සඳහා විවිධ අණපනත් ගෙන එමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද ක්‍රියාකරමින් සිටින බවත් පෙන්වා දෙයි ෴


ඇමරිකානු තානාපතිනිය වියානා සම්මුතිය කඩලා … විමල්ගේ හෙළිදරව්ව සනාථ වෙයි

(31.03.2024 – lankaleader.com)

තානාපතිවරයකු තමාගේ වරප්‍රසාද සහ මුක්තිය භාවිතා කළ යුතුතේ එම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන ආකාරයට බව වියානා සම්මුතියේ 41 වැනි වගන්තියේ දක්වා ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විමල් වීරවංශ මහතා ‘9 සැඟවුනු කතාව’ කෘතිය මගින් ‘ගෝල්ෆේස් අරගලය’ පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් හරහා මෙරට අමෙරිකානු තානාපතිනි ‘ජූලි චන්ග්’ මෙම වියානා සම්මුතිය කඩකර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල කළ අතර, 2023-04-25 දින ඔහු පැවැත් වූ කතාව මගින් හෙළිදරව් කළ කරුණු 2024-03-21 දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළ හෙළිදරව්වෙන් සනාථ විය.

ඒ පිළිබඳව සාක්ෂි සාධක සහිතව අන්තර්ජාලයට නිකුත්කර ඇති වීඩියෝව :

+


‘ලෙන්ඩප් ඩෝර්ජස්’ සිකීමට උරුම කළ ඉරණම- රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට උරුම කරන හැටි (13.03.2024)

+


පාළු වල­ව්වක මුද­ලට කතුන් විකුණූ‍ අයෙක් පොලිසියට කොටු

(31.03.2024 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඉංගි­රිය පොලිස් වස­මට අයත් කොටි­ගල, හඳ­පා­න්ගොඩ ප්‍රදේ­ශයේ වසර 100 කට වඩා පැරණි, පාළු­වට ගිය වලව් පන්නයේ නිවෙ­සක පව­ත්වා­ගෙන ගිය ගණිකා නිවා­ස­යක් වටලා, එහි කළ­ම­නා­කරු ලෙස කට­යුතු කළ, කලක් මහ­ණව සිට සිවුරු හැර ගිය පුද්ග­ල­යෙකු ඇතුළු තිදෙ­නකු (3) අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඉංගි­රිය පොලි­සිය පසුගිය 29 වැනිදා සමත්ව තිබෙනවා.

‘යුක්තිය’මෙහෙ­යු­මට සම­ගා­මීව මෙහෙ­යුම දියත් කර ඇති අතර, මෙම සිවුරු හැර­ගිය පුද්ග­ලයා ගණිකා නිවා­සයේ සියලු කට­යුතු පව­ත්වා­ගෙන ගොස් ඇති බවයි විම­ර්ශන­ව­ලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, කඹු­රු­පි­ටිය පදිංචි 48 හැවි­රිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ අත්අ­ඩං­ගු­වට ගත් අනෙක් දෙදෙ­නා­ (2) ගෙන් අයෙක් ගණිකා සේවයේ යෙදුණු කාන්තා­වක් වන බවත්, 38 හැවි­රිදි ඇය බිංගි­රිය ප්‍රදේ­ශයේ පදිංචි, සැමි­යා­ගෙන් වෙන්ව වෙසෙන දෙදරු මවක් බවයි.

මෙම කාන්තාව රුපි­යල් 3,000 ක මුද­ලට සේවය සැප­යීමේ පද­නම මත මෙහි රැකි­යාව සිදු කර ඇති බව පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව ඇති අතර, අත්අ­ඩං­ගු­වට පත් තුන්වැන්නා (3) ඇය­ගෙන් සේවය ලබා ගැනී­මට පැමිණි පාදුක්ක ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි අවි­වා­හක තරු­ණ­යෙක් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පොහොර නිපදවන මුවාවෙන් හොර අරක්කු පෙරූ අයෙකු අත්අඩංගුවට

(31.03.2024 – 09:58 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, මුල්ලියාවලෙයි, නීලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු පොහොර නිෂ්පාදනයට ජලය ලබා ගන්නා මුවාවෙන් ලබාගත් ජලනළ පද්ධතියෙන් නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී මුල්ලියාවලෙයි පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකළ අවස්ථාවේදී නිවස තුළ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 85 ක් හා ගෝඩා බැරල් 9 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා රජයේ අනුමැතිය යටතේ කොම්පෝස්ට් පොහොර නිපදවන අයෙකු වන බවත්, ඔහු ඒ සඳහා අවශ්‍ය ජලය නල ජල සැපයුම් පද්ධතීන් ඔස්සේ ලබා ගෙන තිබෙනවා.

එහිදී ජලනල පද්ධතිය මැද ඉතා සියුම්ව උපකරණ වළ දමා කාලයක සිට මෙම සැකකරු විසින් නීති විරෝධි මත්පැන් පෙරීමේ කටයුතු වල නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබදව මුල්ලියාවලෙයි පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ජලනළ පද්ධතියේ කොටස් මැදින් ගලවා ඉවත් කොට නිරීක්ෂණය කිරීමේදී මෙලෙස නීති විරෝධී මත්පැන් පෙරීමේ ක්‍රමවේදය හසුව තිබෙනවා ෴


විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 803 ක් අත්අඩංගුවට

(31.03.2024 – 11:24 +0530 – hirunews.lk/sinhala)

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඊයේ (30) ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ (30) දිනයේදී මෙහෙයුම් 815 ක් සිදුකර ඇති අතර, එහිදී හෙරොයින්, අයිස් සහ ගංජා සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා ෴


අමෙරිකාවේ බැල්ටිමෝ හි කඩාවැටුණු පාලම ගැන අලුත් ආරංචියක්

(31.03.2024 – 15:03 +0530 – sinhala.adaderana.lk)

‘අමෙරිකාවේ බැල්ටිමෝ හි පැටැප්ස්කෝ ගංගාව’ ඔස්සේ යාත්‍රා කරමින් පැවති ද ‘ඩාලි’ බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටී ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ පසුගිය 26 වැනිදාය.

අනතුරින් පසුව නෞකාවේ සහ කඩා වැටුණු පාලමේ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී තිබේ.

එය සිදු කෙරෙන්නේ, ටොන් දහසක් (1000) එසවිය හැකි අමෙරිකාවේ විශාලතම දොඹකරයක් වන ‘චෙසපීක් වන් තවුසන්’ (Chesapeake 1000) දොඹකරය යොදා ගනිමිනි.

සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා තවත් පාවෙන දොඹකර 7 ක්, ඇදගෙන යාම සඳහා භාවිත කරන යාත්‍රා 10 ක්, පාරු 9 ක්, මුදා ගැනීමේ යාත්‍රා 8 ක් සහ වෙරළාරක්ෂක බෝට්ටු 5 ක් ද යොදා ගැනීම බලධාරීන්ගේ සැලසුම වී තිබේ.

‘ෆ්‍රැන්සිස් ස්කෝට් කී’ පාලමේ වානේ ටොන් 3,000 ත් 4,000 ත් අතර ප්‍රමාණයක්මේ වනවිට බාහලුම් නෞකාව මතට වැටී ඇති හෙයින් සුන්බුන් ඉවත් කිරීම අභියෝගයක් බව බලධාරීන් පවසයි.

ඒ අනුව, වානේ, කොටස් වශයෙන් කපා ඉවත් කිරීම ඔවුන්ගේ සැලසුම වි ඇති බවත් පළමු වානේ කොටස කපා ඉවත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන්ය.

අනතුරින් පසුව අමෙරිකාවේ ප්‍රධානතම වරායක් වන බොල්ටිමෝර් වරාය මේ වනවිට වසා දමා ඇති අතර වරාය නැවතත් විවෘත කිරීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇත.

එමෙන්ම පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වසර ගණනාවක් ගතවන අතර අනතුර පිළිබඳ විමර්ශනවලට වසර දෙකක් (2) පමණ ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *