වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි..

වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි..


වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි..

(21.05.2026 – lankacnews.com)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑත දිනවලදී සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ ඩොලර් ද්‍රවශීලතාව පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

වෙළඳපොළ ආරංචි මාර්ගවලට අනුව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන්, අපනයනකරුවන් තමන්ට ලැබී ඇති විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටියි.

පවතින විනිමය අනුපාතිකයන්ට අනුව හෝ අවශ්‍ය ඩොලර් කඩිනමින් සපයා ගැනීමට ආනයනකරුවන් උත්සාහ කිරීම හේතුවෙන් ඩොලර් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වන අන්දමට, අද (21) දිනය පුරා නිල විදේශ විනිමය හුවමාරු මධ්‍යස්ථාන සතුව පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිත නොතිබුණි. ඇතැම් ස්ථානවල ඇමරිකානු ඩොලරයක් රුපියල් 370 – 380 වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි වී ඇති බව වාර්තා වේ.

නිල බැංකු පද්ධතිය සහ බලපත්‍රලාභී මධ්‍යස්ථාන තුළ පවතින ඩොලර් හිඟයත් සමඟ, ‘උන්ඩියල්’ සහ ‘හවාලා’ වැනි නීති විරෝධී, අවිධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් නැවතත් සක්‍රීය වෙමින් පවතී.

මෙම ‘ක‍්‍රිප්ටො’ හුවමාරුවල ඩොලරයේ මිල නිල අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක පවතියි ෴


රුපියල මත පීඩනය ඉතා දැඩියි.. ශ‍්‍රී ලංකාව නැවතත් 2022 ට වැඩි අර්බුදයක් ආසන්නයේ..

(22.05.2026 – lankacnews.com)

ලෝකයේ පිරිහෙන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, රුපියල මෙලෙස අඛණ්ඩව කඩාවැටුණහොත් 2022 වසරේදී ජනතාව මුහුණ දුන් පීඩනයට වඩා වැඩි ආර්ථික පීඩනයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අනතුරු අඟවයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක ඉතා භයානක විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

හාචාර්යවරයා පවසන පරිදි, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියලකින් වැඩි වන සෑම අවස්ථාවකම මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 37.7 කින් ඉහළ යයි.

පසුගිය පෙබරවාරි මාසය වන විට රුපියල් 309 ක් ලෙස පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 344 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඒ අනුව මෙරට ණය බර සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.

රුපියල මෙලෙස දිගින් දිගටම අවප්‍රමාණය වීම හරහා ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය බිඳ වැටෙන බවත්, එමඟින් රට නැවත වතාවක් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.

මෙම තත්ත්වය හමුවේ රජය වගකීමෙන් බැහැර නොවිය යුතු බව පවසන මහාචාර්ය පෙරේරා, මෙය ඇමෙරිකාව හෝ ඉරානය අතර පවතින යුද තත්ත්වය වැනි ජාත්‍යන්තර කරුණු මත සිදුවන්නක් යැයි පවසමින් රජය ඇඟ බේරා ගැනීමට උත්සාහ නොකළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි ෴


අධිභාරයට කලින්දා LC ඇරිය ප්‍රකෝටිපති තිදෙනාම (3) ජනාධිපතිගේ ගජ මිතුරෝ.. ලයිස්තුව එලියට දමයි…

(21.05.2026 – lankacnews.com)

මැයි මස 16 වෙනිදා සිට වාහන ආනයනය සඳහා 50% ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දින එනම් 15 වෙනිදා හදිසියේම වාහන 1782 ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරයි.

මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ සාමාජික ‘ක්‍රිෂාන් බලේන්ද්‍ර’, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ‘ධම්මික පෙරේරා’ සහ ‘ඉෂාර නානායක්කාර’ යන අයගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය.

බද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් වාහන 4000 ක් සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත් කර ඇති බවත්, මෙය සංවිධානාත්මක අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලය පුරාම ගජමිතුරු ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළද, ඔහු බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු කිරීම බව මුජිබර් රහුමාන් පෙන්වා දෙයි.

ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවල ලබා දුන් පොරොන්දු පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරිණි. විශේෂයෙන්ම ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණේ රටේ ඩොලර් අර්බුදයක් ආවොත් ලෝකය පුරා සිටින පක්ෂ යාන්ත්‍රණය හරහා සාමාජිකයින් ඩොලර් එවන බවයි.

එසේම සුනිල් හඳුන්නෙත්තිට ලැබුණු බව කියන ඩොලර් මිලියනයක දුරකථන ඇමතුම පිළිබඳවද මතක් කළ මන්ත්‍රීවරයා, එම ඩොලර් දැන් කොහේදැයි ප්‍රශ්න කළේය.

වර්තමානයේ ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය ත්‍රීවීල් ටැක්සි මීටරයක් මෙන් ඉහළ යන බවත්, එක් සතියක් තුළ රුපියල් 120 කින් පමණ ඩොලරයේ අගය වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

355 ට තිබූ ඩොලරය 385 දක්වා ඉහළ යන තත්ත්වයක් පවතින බවත්, මහ බැංකුව ඩොලර් නිකුත් නොකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කොන්දේසි නිසා බවත් ඔහු පැවසීය.

ආර්ථිකය ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින් පවතින බවත්, මේ නිසා හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු පාලකයින් මෙන්ම වත්මන් පාලකයින්ද බොරු පවසමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත්, මෙහි භයානක ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත ජනතාවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය ෴

+++

අධිභාරයට පෙර ණයවර ලිපි විවෘත කිරීම ගැන වාහන ආනයනකරුවන් පරීක්ෂණයක් ඉල්ලයි

(21.05.2026 – hirunews.lk)

වාහන ආනයනයේ දී රේගු ආනයන බද්දට සියයට 50 ක අධිභාරයක් පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි රජය සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගෝ පවසනවා.

කොළඹ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ද ඉහළ යන බවයි.

මේ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ, වාහන ආනයනයේ දී මෙලෙස අධිභාරයක් පැනවීම තුළින් වාහන අලෙවිකරුවන්ට තමන් සතුව පවතින වාහනවලින් අධික ලාභයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ෴

+++

+++

වාහන කොම්පැනිකාරයෝ 2 ක් ගොඩදාන්න ආණ්ඩුව ගහපු LC මගඩිය. සිකුරාදා රෑ 10 ටත් බැංකු ඇරගෙන මුන් LC ගැහුවා. (21.05.2026)

+


ශ්‍රී ලංකාවට පැමිණෙන මාලදිවයින් ජාතිකයන් සඳහා නව වීසා නීතියක්

(21.05.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවට සංචාරක කටයුතු සඳහා පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයන් සඳහා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (ETA) ලබා ගැනීම අනිවාර්ය කරමින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම නව රෙගුලාසිය 2026 මැයි 25 වැනි දින සිට බලාත්මකයි.

එහිදී, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සංචාරකයන් විසින් https://eta.gov.lk/ යන නිල වෙබ් අඩවිය හරහා අදාළ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (ETA) ලබා ගත යුතුයි.

මාලදිවයින් ජාතිකයන් සඳහා දින 90 ක සංචාරක වීසා පහසුකම ETA පද්ධතිය හරහා කිසිදු ගාස්තුවකින් තොරව (නොමිලේ) ලබා දෙනු ඇති ෴


ගල් අඟුරු කොමිසමට යන්න කිව්වට මෙහෙම යයි කියලා කවුද හිතුවේ | හඬපට සාක්ෂි ඔක්කොම එක්ක ගල් අඟුරු කොමිසමට (21.05.2026)

+


අරගල භූමියේ රැට්ටා අයිස් ගැහුවා ? (21.05.2026)

+


මේ ආණ්ඩුවෙ කට්ටියගේ ‘කොමොඩ් සෙන්ස්’ එක නං මරු (21.05.2026)

+

හතරවටින්ම කෙළවෙනකොට ඔහොම පදිරි වෙනවා තමයි (21.05.2026)

+

ටිල්වින්ගේ පැලවත්ත නාට්ටියත් ඉවර වෙන්ඩ ළඟයි… විපක්ෂයට මේකට උත්තරයක් තියෙනවද ? (21.05.2026)

+

ඩොලර් එක නහුතෙට නගී, බඩු මිළ පාලනයක් නෑ… දැන් කෝ තොපේ කයිවාරු ? (21.05.2026)

+


අසාද් මවුලානාගේ සාක්ෂිය සහ පස්කුවේ මහමොළකරු ! (21.05.2026)

+

භාණ්ඩාගාරයේ රු. මිලියන 2.5 ක මුදල් සිද්ධියට ඇමරිකානු FBI එයි! පල්ලේගම හිමි හෙට (22) අධිකරණයට එයිද? (21.05.2026)

+


ඩොලර් එක නවතින තැන (21.05.2026)

+


තක්කඩියාගේ අවසන් නවාතැන? වාහන ගේන ප්‍රකෝටිපතියෝ කවුද? අභීත හෙළිකරයි (21.05.2026)

+

මම මැරෙනවට බය නෑ, ඒත් දාලා යන්න අමාරුම දේ… | Waruna Rajapaksha (21.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *