එකම දුම්රියට තැන් දෙකකදී (2) ජීවිත දෙකක් (2) බිලි

එකම දුම්රියට තැන් දෙකකදී (2) ජීවිත දෙකක් (2) බිලි


එකම දුම්රියට තැන් දෙකකදී (2) ජීවිත දෙකක් (2) බිලි

(30.03.2024 – 16:21 +0530 – sinhala.adaderana.lk)

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී (2) පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබේ.

රාගම දුම්රිය හරස් මාර්ගයේදී සහ රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේදී මෙම අනතුරු දෙක (2) සිදුවී ඇති බව වාර්තා වෙයි.

අද (30) උදෑසන 08:45 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ 24 හැවිරිදි තරුණයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ රාගම විහාර මාවතේ පදිංචි තරුණයෙකු බව සඳහන් ය.

අනතුරින් පසු යළි කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ එම දුම්රියට පැන රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 50 ක පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත ෴


අමුතු ඇඳුමකින් පාරට බැස්ස පොලීසිය

(30.03.2024 – 16:03 +0530 – sinhala.adaderana.lk)

ජනතාව සාමාන්‍යයයෙන් දැක නැති ආකාරයේ ඇඳුමකින් සැරසී මාර්ගයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කිරීම්වල නිතරවී තිබුණි.

ඒ, අද (30) මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසලදී ය.

උදෑසන 8 සිට දහවල් 12 දක්වා එම විශේෂ රථවාහන සෝදිසිය ක්‍රියාත්මක වුණි.

මහියංගනය මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240 ක් ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන සහ මහජනයා පරික්ෂාව සඳහා මෙලෙස එක්වී තිබේ.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබොර හංදිය යන ස්ථාන 06කදී මෙම පරීක්ෂාවන් සිදුකර ඇත.

මෙහි අරමුණ වී තිබුණේ අදාළ ආධුනික පොලිස් නිලධාරීන් ට පරීක්ෂා කිරීම් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමය.

+


උපරිම සිල්ලර මිල නියම කිරීමට අදාළව නව නිර්දේශ කිහිපයක්

(30.03.2024 – 15:04 +0530 – sinhala.adaderana.lk)

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබේ.

විගණනයට අදාළ 2018 – 2022 කාලය තුළ ඉලක්කගත වැටලිම් ප්‍රමාණයට වඩා සත්‍ය වැටලීම් ප්‍රමාණය 74% සිට 56% ක් දක්වා පහත බැස ඇති බව එහි සඳහන් වෙයි.

ඒ අනුව විගණකාධිපතිවරයා සිවින් නව නිර්දේශ කිහිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත :

  • ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් උපරිම සිල්ලර මිල සහතික නිකුත් කිරීමට අවශ්‍ය භාණ්ඩ වර්ග හඳුනාගෙන එම භාණ්ඩද ඇතුළත් කර නව විධාන පැනවීම සිදුකළ යුතුය.
  • උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට අධිකාරියට තොරතුරු ඉදිරිපත් නොකරන ආනයනකරුවන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ වැටලීම් කිරීම හා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විධිමත් කිරීම.
  • ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට ඉදිරිපත් කරන මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීමට පෙර අධිකාරිය එම මිල ගැන භෞතිකව පරීක්ෂා කිරීම ද අනිවාර්ය කිරීම.
  • සාම්පල් පරීක්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු බවට හෝ නියමිත ප්‍රමිතිය නොමැති බවට තහවුරු වන සාම්පල් සම්බන්ධයෙන් එම වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද නොකිරීම ෴

++++++++

+


බහින්බස්වීමක් දුරදිග ගොස් ජීවිතයක් අහිමි වෙයි

(30.03.2024 – 11:17 +0530 – sinhala.adaderana.lk)

අග්බෝපුර 84 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවකි.

ඊයේ (29) රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමග අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් තිබේ.

එහිදී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බීමතින් සිටි පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී ඇත.

තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඇයගේ සැමියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත ෴


රටටම සුබ ආරංචියක්… “මේක අපි ගොවි බිමේ පරීක්ෂා කළා” වගා සුරකින නවීන LED බල්බයක් (30.03.2024)

+


‘හිරු CIA’ හෙළිදරව් කළ ආහරවලට වස මිශ්‍ර කළ ජාවාරම ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයක්

(30.03.2024 – 21:48 +0530 – hirunews.lk/sinhala)

ගුල්ලන් ගසන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි, පරිප්පු ආදියට විෂ සහිත කෘමි නාශක යොදා නැවත වෙළඳපලට එවීමේ ජාවාරම පිළිබඳව කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා.

ඒ, ‘හිරු CIA’ හරහා මෙම මහා පරිමාන ජාවාරම හෙළිකිරීමත් සමග කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ සිද්ධිය පිළිබඳව අධිකරණයට කළ කරුණු දැක්වීමත් සමඟයි.

කල් ඉකුත් වී ගුල්ලන් ගසන ලද පාන් පිටි තොගයක් නැවත වෙළඳපොළට එවීමේ සුදානමක් සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ වෙත ලැබුනු තොරතුරු මත අප එම ස්ථානයට ලගා වුයේ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සමගයි.

පසුව කළ සොයාබැලීමේදී අළුත් උරවල බහා වෙළඳ පලට එවීමට සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු හා ගම්මිරිස් තොග ද මෙලෙස සොයා ගැනුනා.

කැකිරාව ගනේවල්පොල සිට මෙම ජාවාරම සිදුකර තිබුනේ ‘තුර්කියේ සිට පාන්පිටි ආනයනය කරන’ බව හඟවමින්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙහි සිටි සේවකයින්ගෙන් ගබඩා සංකීර්ණය තුළ ඔවුන් සිදු කරන කාර්ය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

අදාළ ගබඩා සංකීර්ණයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකොන් අදාළ ස්ථානයට පැමිණියා.

කෘමි නාශක ඉස නැවත සකස් කර තිබු පාන් පිටි මිටි 1000 ක් වෙනත් ප්‍රදේශයකට බෙදාහැරීමට සුදානම් කර තිබු ලොරි රථයක් ද මෙහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා පරීක්ෂා කළ අතර ඒවායේ ද ගුල්ලන් දක්නට ලැබුණා.

+


යුනෙස්කෝ මූලස්ථානයේ සමරන්න යන වෙසක් උත්සවය (30.03.2024)

+


දරුවෙකුට තියා මී හරකෙකුටවත් යන්න බැරි පාරක් – අබලන් පාරක් නිසා දුක් විඳින ලේනම වැසියෝ (30.03.2024)

+


අහංගම පියදිගම ට එන කැස්බෑවන්… “එහෙම මතයක් මිනිස්සුන්ගේ ඔළුවට දාන්නේ ජාවාරම්කාරයෝ” (30.03.2024)

+


පොල් කන්නත් බැරි වෙයිද ?… “රටටම පොල් අර්බුදයක් එන්නයි යන්නේ” (30.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *