‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක්

‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක්


‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක්

(28.03.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala)

පොල් කිරි අපනයනය කිරීම මගින් පසුගිය පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971 ක මුදලක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එය පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසයට වඩා රුපියල් මිලියන 570 ක වර්ධනයක්.

පොල් කිරි මෙට්‍රික් ටොන් 4366 ක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන කරමින් රුපියල් මිලියන 2401 ක් උපයාගෙන තිබුණා.

එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේ සිට මාසික පොල් නිෂ්පාදනයේ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා ෴


ආමර් වීදියේ වෙළඳසැලක ගින්නක්

(28.03.2024 – 14:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ආමර් වීදිය ආසන්නයේ පිහිටි ටයර් අලෙවි කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අදාළ ගින්න නිවී සදහා ගිනි නිවීමේ රථ 08 ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

+

+

+


ත්‍රස්ත කඳවුරුවල රඳවාගෙන සිටින ලාංකිකයන්ගේ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යංශයට

(28.03.2024 – 22:01 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ත්‍රස්ත කඳවුරුවල රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ ඥාතීන් කිහිපදෙනෙකු අද (28) විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණියා.

ඒ, එම පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ.

ලාංකිකයන් රඳවා සිටිනුයේ මියන්මාර – තායිලන්ත දේශසීමාව ආසන්නයේ මියන්මාරයේ ත්‍රස්ත කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ ත්‍රස්ත කඳවුරුවලයි.

+


ළමුන් අතර ඇති භයානක බෝවන රෝගයක් – රතු ලප දිය බිබිලි තියෙනවද? ඇත්නම් පාසැල්වලට යවන්න එපා! (28.03.2024)

+


ලොකු හෝටලයක මිනිස්සු කන්න කලින් කෑම රස බලන මීයා (28.03.2024)

+


බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් සැමියෙකු සියදිවි හානි කරගනී

(28.03.2024 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අපහසුතා හේතුවෙන්, විදෙස් ගතව සිටින සිය බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් සිය නිවස තුළ දී ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ 25 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වසරකට (1) අධික කාලයක් විදෙස්ගතව රැකියාවක නිරත වී මීට මාස 06 කට පෙර දිවයිනට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ බිරිද විදේශගත වී ඇති අතර, ඥාතීන් ප්‍රකාශ කළේ මූල්‍ය ගැටලු සහ උකස් තැබූ රන් ආභරණ සම්බන්ධයෙන් විදෙස්ගතව සිටින බිරිඳ සමඟ ඔහු නිරන්තරයෙන්ම ආරවුල් ඇතිකර ගන්නා බවයි ෴


රුපියල් 500 ක අල්ලසක් ගත් සැරයන්ට සිව් (4) වසරක සිර දඬුවමක්

(28.03.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 500 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා ගත් පොලිස් සැරයෙන්වරයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් චෝදනාවකට වසර බැගින් චෝදනා 4 ක් සඳහා සිරදඬුවම් නියම කර එම දඬුවම එකවර ගෙවී යා යුතු බවට නියෝග කර තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් රථවාහන වරදක් සඳහා නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමටයි මෙම පොලිස් සැරයන්වරයා අදාළ අල්ලස ලබා ගෙන ඇත්තේ.

මීට අමතරව ඔහුට රුපියල් 20,000 ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *