ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’

ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’


ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’

(26.03.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක් වන ‘සර්කෝනියම්’ සෙරමික් මූලද්‍රව්‍යය මෙරට ‘පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන්’ පළමු වරට සොයා ගෙන තිබෙනවා.

ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකදී.

එම මූලද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයටයි.

ආවර්තිතා වගුවේ 40 වැනි මූලද්‍රව්‍ය වන ‘සර්කෝනියම්’ ඉතා දැඩි උෂ්ණත්වයකට පවා ඔරොත්තු දිය හැකි මූලද්‍රව්‍යයක්.

මෙම මුලද්‍රව්‍යය උපයෝගී කරගනිමින් ජෙට් සහ ගුවන් යානා එන්ජින්, සෙරමික්, බල්බ පිලමන්ට් නිෂ්පාදනය සිදුකෙරෙන අතර අස්ථි සැත්කම් සහ දන්ත සැත්කම් ආදිය සඳහාද ‘සර්කෝනියම්’ උපයෝගී කරගනු ලබනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ‘සර්කෝනියම්’ මූලද්‍රව්‍යය සොයාගෙන නොතිබූ අතර රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට ‘පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන්’ සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සොයාගැනීමත් සමග ‘සර්කොනියම්’ නිෂ්පාදනය කිරීමට මෙරටට අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද රජරට විශ්ව විද්‍යාලයට හිමිවීම විශේෂත්වයක් ෴


රෝෂන් ඝාතනය කර මාසයක්

(26.03.2024 – 18:31 +0530 – hirunews.lk/sinhala)

තම සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර වෙඩි තබා ඝාතනය කර අද වනවිට මාසයක් ගතව තිබුණත්, මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පැවැත්වීමට ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය’ සූදානම් වනවා.

එහි සභාපති උපුල් රෝහණ පුත්තලමේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ අනිද්දා (28), ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව පවත්වන බවයි.

ඇල්පිටිය – පතිරාජවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රෝෂන් කුමාර ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 26 වනදායී ෴


කෘතිම බුද්ධිය භාවිත කරමින් StockGPT නමින් වූ නවීන වේදිකාවක් ගොඩනඟයි

(26.03.2024 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Softlogic Stockbrokers විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් StockGPT නමින් වූ නවීන වේදිකාවක් ගොඩනඟා තිබෙනවා.

Microsoft Azure OpenAI ඇතුළු අති නවීන කෘතිම බුද්ධි තාක්ෂණයන් භාවිතා කරමින් මෙය ගොඩනගා තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Softlogic හී තාක්ෂණික කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති මෙම නව මෘදුකාංගය, කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති සමාගම් පිළිබඳව ආයෝජකයන්ට තත්කාලීන අවබෝධයක් ලබා දීම අරමුණු කරගෙන සකසා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ ඔස්සේ මෙම සමාගම්වල වාර්ෂික වාර්තා මෙන්ම වෙනත් මූල්‍ය සහ සංචාරක කර්මාන්තවල වාර්තා ද StockGPT හරහා සෘජුවම විශ්ලේෂණය කළ හැකි වෙනවා.

කොළඹ කොටස් වෙළඳපළේ සමාගම්වල විකිණුම් ආදියේ තොරතුරු දැනගැනීම සඳහා ආයෝජකයන්ට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මේ හරහා අවම කර ගත හැකියි බවයි එම කණ්ඩායම සඳහන් කරන්නේ.

ඉදිරියේදී මෙය තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Stockbrokers හි අධ්‍යක්ෂක දිහාන් දැඩිගම වැඩිදුරටත් සඳහන් කළේ ෴


මෛත්‍රීගේ ප්‍රකාශය ගැන ඉදිරි විමර්ශන නීතිපති උපදෙස් අනුව

(26.03.2024 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25) ලබා දුන් ප්‍රකාශය පිළිබඳ නීතිපති උපදෙස් අනුව ඉදිරී ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූවප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත්සඳහන් කළේ හිටපු ජනාධිපති තමේන්තුවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදිය නොහැකි බවයි.

මේ අතර ලබන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 වනදා යෙදෙන පාස්කු ඉරුදින වෙනුවෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා ෴


එජාප කාර්යාලයකට බෝම්බ ප්‍රහාරයක්

(26.03.2024 – 21:11 +0530 – hirunews.lk/sinhala)

මහර එක්සත් ජාතික පක්ෂ සංවිධායක H.M ඉන්දික හේරත්ගේ පක්ෂ කාර්යාලය ආසන්නයේ තිබී ‘අගුල ගැලවූ අත්බෝම්බයක්’ හමුවී තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ අත්බෝම්ය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පල කරන්නේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.

බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලිසිය පවසන්නේ ෴


හැමදේම මට අතඅරින්න සිද්ධවෙනවා | රණ්ඩු වෙවී ඉන්න බැරි හින්දා අපි ඈත්වුණා | Romeo (26.03.2024)

+


කතානායකගේ හෙලිදරව්ව අනුව වියානා සම්මුතිය කඩලා.. කුමන්ත්‍රණය ගැන ඇමෙරිකානු තානාපතිගෙන් කරුණු විමසන්නැයි කියයි..

(27.03.2024 – 15:00 +0530 – lankacnews.com)

අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතියේ සාරය හෑල්ලූවට ලක්කිරීමේ අරමුණින් විදේශ බලවේග විසින් මෙහෙයවන ලද රහසිගත වැඩපිළිවෙළක් ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පසුගියදා හෙළිදරව් කළ බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කළ අවස්ථාවේදී කථානායකවරයාට ජනාධිපති ධූරය ලබා ගැනීමට කොළඹ විදේශ දූත මණ්ඩලයේ සිටි නියෝජිතයෙක් බලපෑම් කළ බවත් සඳහන් විය.

ඒ ගැන ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්’ කතුවරයා, මෙම හෙළිදරව්වකින් පසු බළලා මල්ලෙන් එළියට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාව ආරක්ෂා කිරීම සඳහා අපගේ රජයෙන් වහා සහ අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගයක් ගෙන මෙම නීච කුමන්ත්‍රණය හෙළිදරව් කළ යුතු බවත්, සඳහන් කර ඇත. එහිදී කතුවරයා ඉල්ලා සිටින්නේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති ඇමරිකානු තානාපතිනිය වහාම කැඳවා කරුණු විමසිය යුතු බවයි. එය ස්වෛරී රාජ්‍යයක මූලික වගකීමක් බව එහිදී සඳහන් කර තිබේ.

එසේම මෙම මැදිහත්වීම වියානා සම්මුතිය ඇතුළු මූලික ජාත්‍යන්තර නීතීන් බරපතළ ලෙස උල්ලඝණය කිරීමක් බව කතුවරයා එහිදී පෙන්වාදී ඇත.

කතුවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත :

“බොහෝ දේශීය මාධ්‍ය, සමාජ මාධ්‍ය සුපිරි තරු සහ අනෙකුත් ඊනියා ක්‍රියාකාරීන් මෙන්ම එක්සත් ජනපදය සහ එහි බටහිර සන්ධාන මගින් සෘජුව සහ වක්‍රව අරමුදල් සපයන දේශපාලනඥයින් කිසි විටෙකත් මේ ගැන එක වචනයක් නොකියන බව අපට වැටහේ. ‘සියල්ලට පසු, මුදල් කතා කරයි’. නමුත් මේක අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්, ඔබට කොඳු ඇට පෙළක් තිබේද, හෘද සාක්ෂියක් තිබේද යන්න පරීක්ෂා කිරීමකි. මේ අපේ පරම්පරාවට අපි රැකගත යුතු දේශයයි. ආසියාවේ සිට බටහිරට සංක්‍රමණය වූ අයවලුන් ඕනෑම අවස්ථාවක හානියක් කිරීමට නොපැකිළිව ඉදිරිපත් වනු ඇත. ඔවුන් මොළ සෝදාගත් කාර්ය භාරකරුවන් ය. එහෙත් මුදල් කිසිවිටෙක ඔබට හෘද සාක්ෂියක් මිලට නොගනී. ඒ නිසා මෙයට විරුද්ධව කතා කිරීම අපේ මූලික වගකීමකි.”

“මෙම හෙළිදරව්වේ හදවතේ ඇත්තේ ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ ප්‍රතිපත්ති මගහරිමින් කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නා වාතාවරණයක් සකස් කිරීම මගින් ව්‍යවස්ථාමය නියෝගය යටපත් කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවට මෙවැනි අමූලික ප්‍රහාරයක් එල්ල කිරීම ඉවසිය නොහැකි අතර ඊට වගකිවයුත්තන් නීතිමය වශයෙන් වගවීමට නතු කළ යුතුය.”

“අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල පරිශුද්ධභාවය සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිපැදීම මෙම කාරණයට අත්‍යවශ්‍ය වේ. ‘ගිවිසුම් නීතිය පිළිබඳ වියානා සම්මුතිය’ ස්වෛරී රාජ්‍යවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම අවිවාදයෙන්ම තහනම් කරයි. අපගේ දේශීය කටයුතුවලට මැදිහත් වන විදේශ තානාපතිවරුන්ගේ වාර්තාගත ක්‍රියාවන් මෙම මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය නිසැකවම හෙළා දැකිය යුතුය.”

“හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ පෙර හෙළිදරව්ව, කථානායකවරයාගේ හෙළිදරව්වෙන් සනාථ කිරීම, තත්ත්වයෙහි බරපතලකම අවධාරනය කරයි. වීරවංශ මහතාගේ හෙළිදරව්ව විදේශ නියෝජිතයන් විසින් කඩිමුඩියේ ප්‍රතික්ෂේප කිරීම හුදෙක් ඔවුන්ගේ ක්‍රියාවන් වටා ඇති සැකය ගැඹුරු කරයි. මෙය රාජ්‍ය තාන්ත්‍රික ‘ප්‍රොටෝකෝලය’ දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, ඉක්මන් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. මෙම කූටෝපායන් සඳහා ඇමෙරිකානු තානාපතිවරයා සම්බන්ධ බවට චෝදනා එල්ල වේ.”

“ඒ අනුව එක්සත් ජනපද තානාපතිවරයා කැඳවීම හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික විධිමත් ක්‍රියාවක් පමණක් නොව; එය අපේ ජාතික ස්වෛරීභාවය සුරැකීමේ අත්‍යවශ්‍ය ක්‍රියාවකි. අපගේ අභ්‍යන්තර කටයුතුවලට සිදුවී ඇතැයි කියන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් රජය විසින් ඇගෙන් ඉල්ලා සිටිය යුතු අතර යළිත් මෙවැනි දෑ සිදු නොවීමට දැඩි පියවර ගත යුතුය.”


මෛත්‍රීගේ බෝම්බ රහස කතෝලික සභාව හෙළිකරයි…

(27.03.2024 – 11:20 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීමට තමා සූදානම් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ පාර්ශවය සහ කතෝලික සභාව නියෝජනය කරමින් ප්‍රතිචාර දක්වයි.

කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙලෙස ප්‍රහාරය සම්බන්ධයෙන් රහසක් ඇති බව සඳහන් කිරීම පුදුම විය යුතු දෙයක් නොවන බවය.

සත්‍ය වශයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව මුල සිටම කතෝලික සභාවේ ස්ථාවරය වී තිබූ බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය හුවා දක්වමින් බලය ලබාගැනීමට කටයුතු කළ ද ඔහු බලය ලබාගත් විගස සිදු කර තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සියල්ල අවුල් වියවුල් කිරීමට කටයුතු කිරීම බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම සාකච්ඡාවේදී හෙළි කරයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීමට යාමෙන් තමන්ට සහ තමන්ගේ පවුලේ සමාජිකයන්ට මරණීය තර්ජන ඇති විය හැකි බවට මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දක්වමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුව ඝාතනය කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

එම සියලු අවස්ථා විහිළුවක් වූ බවද එතුමන් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් දෙදෙනෙකු පොලිසියේ ඉහළම පුටුවල රැඳී සිටින වටපිටාවක සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ලැබී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකල නීතිපතිවරයා හරහා කිසි දිනක මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කර ගැනීමට නොහැකි වනු ඇති බව කතෝලික සභාවේ ස්ථාවරය වී ඇති බව එතුමන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *