රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක්


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක්

(24.03.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala)

ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නසහගත තත්ත්වයක් උද්ගත වූයේ ‘ඖෂධ නියාමන අධිකාරියෙන්’ සිදුවූ අතපසුවීම් හේතුවෙන් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවුණා.

ඒ, ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය’ හා ඒ ආශ්‍රිත ගැටලු විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීයි.

+


මම එනවා – මෛත්‍රීපාල සිරිසේන

(24.03.2024 – 14:25 +0530 – sinhala.adaderana.lk)

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසිය වෙත දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව පැවසීය ෴

+

‘වහාම සත්‍ය හෙළි කරන්න’ විපක්ෂ නායක මෛත්‍රීගෙන් ඉල්ලයි

(24.03.2024 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය දන්නේ නම් වහාම ඒ පිළිබඳව හෙළිදරව් කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 131 වැනි අදියර යටතේ ලුණුගම්වෙහෙර අබේපුර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්.

+

+

+

+

+

+

+++++++++++

මෛත්‍රීපාලගේ මිදුලේ ලිමොසින් රථ තුනක් (3) පාර්ක් කරලා..

(24.03.2024 – 22:22 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ මෝඩකම ඔහු විසින්ම කෘතියක් ලෙස එළිදක්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

රටේ ජනතාව මුලාකරමින් දේශපාලන සිදුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් රටේ ජනතාවගෙන් නිවැරදි ලෙස මට්ටු වී නොමැති බවත් නුදුරේදීම එය සිදුවනු ඇති බවත් පවසන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පිරිස ද තම පුද්ගලික වාසි වෙනුවෙන් දේශපාලන ආත්මයන් පාවා දී ඇති බවද සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ ලිමොසින් රථ තුනක් (3) නතර කර ඇති බවද දයාසිරි ජයසේකර මහතා මෙම වැඩසටහනේදී හෙළිකර ඇත.

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව තමන් විසින් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට පියවර ගනු ලැබූ බවද ඔහු සඳහන් කරයි.

‘මානුෂීය ජනතා සන්ධානය’ නමින් නව දේශපාලන සන්ධානයක් පසුගියදා දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වය යටතේ ගොඩනංවා ඇති අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 18 ක් පමණ එක්ව ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇත.

+


කඳුළු පිසදා හැමෝම එකතුවුණොත්… පුංචි ඉරුදිට සිනහවක් ගේන්න පුළුවන් වෙයි… අසරණව බිමටම වැටුණත් තවමත් නැගිටින්න සිතන… ඒ පුංචි පවුලට හැකි අයුරින් සවියක් වෙමු
( උදව් කරන්න සම්බන්ධවෙන්න : 071 399 1197 )

+


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(25.03.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත හා දකුණු පළාත මූලික කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඊයේ (24) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 168 ක් ද තිබූ බව‍යි පොලිසිය සඳහන් කළේ.

+

එමෙන්ම බොරැල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදීද ඊයේ (24) පස්වරුවේ සිදුකළ වැටලීමකදී වයස අවුරුදු 38 ක් වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එම සැකකරු ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 230 ක් සන්තකයේ තිබූ බවයි පොලිසිය සඳහන් කළේ ෴


නිවසටම ඇවිත් පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කරලා

(25.03.2024 – 06:59 +0530 – hirunews.lk/sinhala)

මහවෙල, වෙලේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

දෙපිරිසක් අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 30 හැවිරිදි මෙම මරණකරුට පොලුවලින් පහරදී ඇති අතර, බරපතල තුවාල ලැබූ ඔහු මාදිපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ නිවසටම පැමිණ මෙලෙස අමානුෂික අන්දමින් පහරදී ඇති අතර, එම ඝාතනයට හා පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් මහවෙල පොලිසිය සඳහන් කළා ෴


ස්විස් ගිය මැණික් පොකුර : මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියා ගෙන් රුපියල් කෝටි 04 කට ආසන්න මුදලක් අයකරගෙන නෑ

(25.03.2024 – 07:42 +0530 – hirunews.lk/sinhala)

විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ කිලෝ ග්‍රෑම් 510 ක් බරැති ‘මැණික් පාෂාණය’ නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි 04 කට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

එම වාර්තාවේ සඳහන් අන්දමට අයිතිකරු විසින් මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203 කට තක්සේරු කර තිබෙනවා.

පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් 1% ක් අදාළ බලපත්‍රලාභියාගෙන් අයකර ගත යුතු බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *