වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී

වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී


වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී

(24.03.2024 – 17:37 +0530 – sinhala.adaderana.lk)

වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල අද (24) පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10 ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

+

+

+

+

+

+

+


මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් 92% ක් රටින් ගෙන්වා ඇති බවට හෙළිවෙයි

(24.03.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

අද වනවිට මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 92% ක්ම ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 356 ක වියදමින් වවුනියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ ඇසුරුම් මධ්‍යස්ථානයද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දඹුල්ල – පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, සේවක හිඟය සහ නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශයට පත්වෙමින් තිබෙනවා.

අක්කර 68 කින් සමන්විත මෙම භූමියේ දේශනශාලා, සත්ත්ව පාලන අංශය, බීජ නිෂ්පාදන ගොඩනැගිලි සහ කාර්යාල ගොඩනැගිලි ඇතුලු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් වල් බිහිවී ඇති බව සඳහන්.

පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයට මේ වසර සඳහා සිසුන් බඳවාගෙන තිබුණද ආචාර්යවරුන්ගේ හිඟය සහ ගොඩනැගිලි ගරාවැටීම හේතුවෙන් මේ වනවිට අධ්‍යයන කටයුතු සිදුනොවන බවයි වාර්තාවන්නේ ෴


තවමත් ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබෙන බවට වී අලෙවි මණ්ඩලය කියයි

(24.03.2024 – 21:39 +0530 – hirunews.lk/sinhala)

වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුව ද, තවමත් ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය ප්‍රකාශ කළේ මේ වන විට ගබඩාවලට ලැබෙන්නේ ‘රතු නාඩු’ වී තොග පමණක් බවයි.

දිස්ත්‍රික්ක 13 ක වී මිලදී ගැනීම සඳහා ගබඩා සංඛ්‍යාව 37 ක් විවෘත කර තිබෙනවා ෴


අමානුෂික ලෙස පුද්ගලයෙකුට පහර දුන් ‘පාතාල ලොක්කෙක්’ අත්අඩංගුවට

(24.03.2024 – 22:28 +0530 – hirunews.lk/sinhala)

තම කණ්ඩායමට අනුගත නොවීම සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘මුණසිංහ ආරච්චිගේ ලසන්ත කුමාර’ නමැත්තා විසින් තවත් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි හී සැඟව සිටින ‘කෙසෙල්වත්තේ දනුක’ගේ ගෝලයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබුණා.

මෙම පහරදීමට සම්බන්ධයෙන් ‘මුණසිංහ ආරච්චිගේ ලසන්ත කුමාර’ නමැති අදාළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


සොරකම් කළ යතුරුපැදි, ‘කොටස් කළ’ සිව්දෙනෙකු (4) අත්අඩංගුවට

(24.03.2024 – 22:38 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල මිරිස්ගෝනිය හංදිය ප්‍රදේශයේ යතුරුපැදි එකලස් කිරීමේ ස්ථානයක කළ වැටලීමකදී සොරකම් කරන ලද යතුරුපැදි, ‘කොටස් කරමින්’ සිටි සිව්දෙනෙකු (4) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදි 60 කට අයත් අංක තහඩු සොයාගෙන ඇති අතර ඒවා උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට අයත් බව පොලිසිය පැවසුවා.

++++++

පොලීසියට කොටුවූ යතුරුපැදි හොරු

(24.03.2024 – 17:14 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදි සොරකම් කර කොටස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි අංක තහඩු 116 ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හංදිය සහ හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 ත් 44 ත් හැවිරිදි වියේ පසුවන සැකකරුවන් පිරිසකි.

අනුරාධපුර කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නිත්‍යානුකූල හිමිකරුවන් සොයාගැනීම සඳහා මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24) නොච්චියාගම මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

+

මේ අතර යතුරුපැදි සොරකම් කර කොටස්කර අලෙවිකිරීමේ ජාවාරමේ නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (3) වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොරකම්කරන ලද යතුරුපැදි අවිස්සාවේල්ලේ දෙදෙනෙකු (2) වෙත ලබාදී කොටස්කර අලෙවිකිරීමේ ජාවාරම සිදුකර ඇති බ බවය.

සැකකරු සමග අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර යතුරුපැදි අමතර කොටස් ද තොරතුරු අනාවරණය කරගත නොහැකි යතුරුපැදී දහයක් (10) සහ අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් (2) ද ඇති බව පොලීසිය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *