තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම්

තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම්


තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම්

(22.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු ගොනුවක් බලහත්කාරයෙන් රෙජිස්ටාර්වරයාගෙන් උදුරාගෙන එහි තිබූ ලේඛන 2 ක් ඉරා එය සපා කෑ නීතිඥවරියගේ නීතිඥ කටයුතු අදාළ නඩුව අවසන් වන තෙක් අත්හිටුවා තිබෙනවා.

ඒ මෙම නඩුව අද (22) පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුක ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාගයට ගැනුණා.

එහිදී ඇයට විරුද්ධව තිබූ චෝදනා අධිකරණය විසින් කියවා දෙනු ලැබූ අතර එහිදී නීතිඥවරිය තමන් නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අධිරණයට සඳහන් කර ඇත්තේ අදාළ නීතිඥවරිය ලේඛන සපා කන ආකාරය ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝවක් ද ඇති බවයි.

ඇය විසින් අධිකරණයේදී මෙලෙස සපා කා තිබුණේ ඇය විසින්ම සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ෴


අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවනු ඇති බවට ජල සම්පාදනය කියයි

(22.03.2024 – 16:41 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සැපයීම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා.

අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ජලය සැපයීමේදී දිවයිනටම බලපාන පරිදි අඩු පීඩන තත්ත්ව‍යක් යටතේ නිකුත් කිරීමට සිදුවී ඇති බවයි.

වියලි කාලගුණික තත්ත්වය මෙලෙසම පවතින්නේනම් ජලය ලබාදීම වරින්වර තාවකාලිකව අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත්, එලෙස ජලය අත්හිටුවන්නේනම් හෝ අඩු පීඩන තත්ත්වයක් යටතේ නිකුත් කිරීමට සිදුවන්නේනම්, ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සිටින පාරිභෝගිකයින් හට ජංගම දුරකථන කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දීමට කටයුතු යොදා ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා ෴


හිමිකරු ගොනාට අන්දලා උස්සපු මෝටර් රථය පැහැරගෙන පලා යන හැටි CCTV කැමරාවේ (22.03.2024)

+


මාධ්‍ය සාකච්ඡාවට බාධා කළ සිව් (4) දෙනෙකු අල්ලයි

(22.03.2024 – 17:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මගින් එම සමිති මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් මාධ්‍ය සාකච්ඡාවට බාධා කළේය.

අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණියේය.

එවිත බාධා කළ පිරිස එම ස්ථානයෙන් දිවගිය අතර ඔවුන් ව හඹා ගොස් ඉන් සිව් (4) දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් විය.

+


පාතාලයේ 10 ක් කොටුවූ බව පොලීසිය කියයි

(22.03.2024 – 13:50 +0530 – sinhala.adaderana.lk)

පාතාල මර්දන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පාතාල මර්දන මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3 තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 27 කි.

+

+


විදේශීය සංචාරකයින් සඳහා ගුවන් තොටුපොළේදී රියැදුරු බලපත්‍ර

(22.03.2024 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට 2024 අප්‍රේල් 15 වන දින සිට සෘජුවම ගුවන් තොටුපොළේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ගුවන් තොටුපළෙන් පිටවීමත් සමඟ ඔවුන්ගේ රියදුරු බලපත්‍රය කඩිනමින් සහ කාර්යක්ෂමව ලබා ගැනීමට එමඟින් හැකියාව සැලසෙන බවයි වාර්තා වෙන්නේ.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විදේශිකයන්ගෙන් මාසයකට USD 25 ක්ද මුදලක්ද, මාස තුනකට USD 50 ක්ද මුදලක්ද, මාස හයකට USD 75 ක මුදලක්ද වසරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා USD 200 ක් ද අය කෙරන බවයි වාර්තා වෙන්නේ ෴


පින්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

(22.03.2024 – 21:57 +0530 – hirunews.lk/sinhala)

පින්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබා තිබෙනවා.

ඒ ඉකුත් 20 වැනිදායි.

අලි අනාථාගාරයේ වයස 32 ක් වූ ‘ශාන්ති’ කෙනෙරට සහ වයස අවුරුදු 19 ක් වූ ‘පණ්ඩු’ හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

වනයේ හමුවන අනාථ වූ අලි ඇතුන්ගේ ජීවත්වීමේ අවස්ථාව තහවුරු කිරීම පිණිස 1975 දී වනඡීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර 25 ක භුමි භාගයක පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙනවා.

1987 වසරේ දී මෙය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරාගත් අතර 1982 දි සත්ව අභිජනන වැඩසටහන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


තුන් (3) හැවිරිදි දරුවෙකුගේ සිරුර වගා ළිදකින් හමුවෙයි

(22.03.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala)

වටවල බින්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් (3) හැවිරිදි දරුවෙකුගේ සිරුර එම නිවස පිටුපස පිහිටි වගා ළිදක තිබි හමුවී තිබෙනවා.

මියගිය දරුවාගේ මව ගෘහ සේවය සදහා විදේශ ගතව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ එම පවුලේ එකම දරුවායි.

නිවසේ ක්‍රීඩාකරමින් සිට ඇති බිළිඳා අතුරුදන්වීමත් සමග කළ සොයාබැලීමකදී දරුවා මෙසේ වගා ළිඳ තුළින් සොයාගෙන ඇත්තේ ෴


මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබූ දක්ෂිණ අධිවේගයේ බස් දෙකක් (2) ගිනි ගනී

(22.03.2024 – lankadeepa.lk)

මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබූ අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන එම බස් රථ දෙකම ගිනිබත් වී ඇත.

ගින්න නිවීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ද සහාය ලබා ගෙන තීබු අතර ඔවුන් පැමිණෙන විටත් සම්පූර්ණයෙන්ම සිදු වී ඇතැයි පොලිසිය කියයි.

මෙය ගිනි ගැනීමක් ද ගිනි තැබීමක් ද එසේ නැතිනම් වෙනත් ක්‍රියාවක් ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *