මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි

මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි


මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි

(21.03.2024 – 15:24 +0530 – sinhala.adaderana.lk)

විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගතයුතු බව ‘ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලබීය.

එම අවස්ථාවේදී අදාළ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මේ බව කියා සිටියේය.

විදුලි පාරිභෝගිකයින් විසින් කර තිබෙන තැන්පතු සඳහා මේ වසරේ සිට සියයට 11.67 ක වාර්ෂික පොලියක් ගෙවීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ‘ලංකා විදුලි පාරිභෝගික සංගමය’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්දනාත් දාබරේ මහතා පාරිභෝගිකයින් විසින් අදාළ මුදල තැන්පත් කළ දා සිට පොලිය ගෙවීමට පියවර ගත යුතු බව ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය ෴


කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 42 කින් පරාජය වෙයි

(21.03.2024 – 16:47 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජය වී තිබෙනවා.

මෙම ඡන්ද විමසුමේ දී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූ ඡන්ද ප්‍රමාණය 117 ක්.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වුණා.

මීට අදාළ යෝජනාව පිළිබඳ විවාදය පසුගිය 19 වැනිදා ආරම්භ කළ අතර එය දින 3 ක් පුරා පැවැත්වුණා.

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම කථානායකවරයා සිය අසුනට පැමිණියේ නැහැ.

කෙසේ වෙතත් ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි ෴

ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමකට අනුව ඊයේ (20) රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවූ බවය ෴

+++++++++

අරගල සමයේ සිදුවීමට ගිය කුමන්ත්‍රණයක් කථානායක රටට හෙළිකරයි

(21.03.2024 – 18:56 +0530 – sinhala.adaderana.lk)

කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පැවසුවේ, ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙසට තමාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙනි.

මේ අතර ඡන්ද විමසීමට සහභාගි වන ලෙස ජනපතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කිරීම නිසා, විදෙස්ගතවී සිටි ඇමතිවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද (21) දිවයිනට පැමිණ තිබුණි.

දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද (21) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

මෙහිදී කථානායකවරයා කළ හෙළිදරව්ව :

+


ෂෙල් හෙට (22) සිට ඉන්ධන අලෙවිය අරඹයි

(21.03.2024 – 17:09 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ‘ෂෙල්-ආර් එම් පාක්ස්’ සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150 ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරයි ෴


දුමින්ද, ළහිරු ඇතුළු 4 ක් රිමාන්ඩ්

(21.03.2024 – 15:59 +0530 – sinhala.adaderana.lk)

‘ජන අරගල ව්‍යාපාරය’ විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු (4) මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවකි.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත ෴


දකුණ හොල්ලන්න අලුතින් එන පොලිස් ලොක්කා

(21.03.2024 – 14:29 +0530 – sinhala.adaderana.lk)

දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බව පළාත භාර නව ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පවසයි.

එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා :

“මගේ ප්‍රධාන අරමුණ තමයි අපේ ගරු පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ මේ රට හැදීමේ කටයුත්තේ ප්‍රමුඛස්ථානයක් ගැනීම. මේ දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් හදන්න ඕන. මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් සකස්කරන්න ඕන. ඒ නිසා ඒ පරිසරය සකස්කරනවා, සකස්කරන්න බැරිනම් එන්නෙත් නෑ. සකස්කරනවා ඒ නිසා ඒකට අවශ්‍ය සහයෝගය ඔයගොල්ලෝ ලබාදෙන්න.”

+


තාක්ෂණික දෝෂයක් නිසා ශ්‍රීලන්කන් ප්‍රමාදයක්

(21.03.2024 – 18:34 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාව බලා පියාසර කිරීමට තිබූ ශ්‍රීලන්කන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබේ.

මෙලෙස තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් ප්‍රමාද වී ඇත්තේ මගීන් 217 ක් රැගෙන දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට නියමිතව තිබූ යානයකි.

පසුගිය 19 වනදා මෙම සිදුවීම වී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යානය ප්‍රමාද වී පිටත්වීම සඳහා අවසර ලබාගැනීමෙන් පසුව මාර්තු මස 20 වනදා උදැසන මගීන් 117 ක් රැගෙන කොරියාවේ ඉන්චියොන් වෙත පියාසර කර ඇති බවය.

ඒ අනුව කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි ඉතිරි මගීන් 100 දෙනාට මාර්තු 24 වනදා දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට පහසුකම් සලසා ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

සිදුවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ ඔවුන්ගේ රැකියාවලට බලපෑමක් ඇති නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.


‘ හොරණ පික්ච පැලස් ‘ ආයතනයට අයත් ජීප් රථයක්, ජාතික රූපවාහිනී මාධ්‍යවේදියා සහ ඔහුගේ මව හප්පා අනතුරට පත්කරයි. මවගේ කකුලක් කපා දැමේ. විපතට පත් එම පවුල ඔබගේ ආධාර උපකාර බලාපොරොත්තු වේ. (21.03.2024)

+

26-02-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *