විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්


විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

(20.03.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ‘ඉලෙක්ට්‍රොනික බිල්පතක්’ නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කෙටි පණිවිඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින්හට සුපුරුදු පරිදි මෙම බිල්පත මඟින් විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙන බවද සඳහන් ෴


යළිත් වැඩිම උෂ්ණත්වය කුරුණෑගලින්

(20.03.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අද (20) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, එහි අගය දැක්වෙන්නේ සෙල්සියස් අංශක 36.9 ක් ලෙසයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 36.7 ක උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 33.5 ක් ලෙසයි ෴


රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක

(20.03.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරි ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සදහා බඳවා ගැනීමේ තීරණයකට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (20) පෙරවරු 08:00 ට ආම්භ කළ එම වර්ජනය හෙට 21 පෙරවරු 08:00 දක්වා ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති තුෂාර රණදේව සඳහන් කළේ ෴


කථානායකට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම හෙට (21)

(20.03.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය අද (20) දෙවැනි (2) දිනටත් පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

+

+


මේ වසර (2024) තුළ සංචාරකයින් ලක්ෂ 25 ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්

(20.03.2024 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මේ වසර (2024) තුළ සංචාරකයින් ලක්ෂ 25 ක් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් එළඹෙන අප්‍රේල් මස මුල සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම වැඩසටහනට අනුව සංචාරක කර්මාන්තයේ නියැලෙන සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු විසදීමේ දී විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

දැනට ඔවුන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සඳහා තවදුරටත් සහන කාලසීමාවක් ලබා දීමද ඊට ඇතුළත්.

මේ වසරේ (2024) ගතවූ කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්නයි ෴


තංගල්ලේ සිටින ‘හරක් කටා’ට ආරක්ෂාව සහ පහසුකම් ඉල්ලා මෝසමක්

(20.03.2024 – 14:52 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රදවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ට ආරක්ෂාව සහ සුබසාධන පහසුකම් ඉල්ලා ගොනුකර ඇති මෝසමක් ලබන 26 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (20) තීරණය කළා.

ඒ ඊට අදාළ කරුණු තහවුරු කිරීම සඳහායි.

‘හරක්කටා’ගේ නීතිඥවරුන් මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ඒ වෙනුවෙන් කරුණු දැක්වීම සදහා 26 වනදා පෙනී සිටිය හැකි බවයි.

ඒ අනුවයි, අදාළ මෝසම එදිනට කැඳවීමට අධිකරණය නියෝග කළේ ෴


දහතුන් (13) වසරකට පෙර දැරියක් දූෂණය කළ පුද්ගලයෙකුට 12 වසරකට බරපතල වැඩ සහිත සිර දඬුවමක්

(20.03.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

වසර 13 කට ඉහතදී කිළිනොච්චියේ දැරියක් දූෂණය කළ බවට සැළකෙන පුද්ගලයෙකුට කිළිනොච්චිය මහාධිකරණයෙන් වසර 12 ක බරපතළ වැඩසහිත සිර දඬුවමක් ඊයේ (19) නියම කොට තිබෙනවා.

එහිදී කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ.එම්.එම්. සහබ්දීන් විසින් විත්තිකරුට වසර 12 ක සිර දඬුවමක් නියම කොට වින්දිත දැරියට රුපියල් ලක්ෂ 02 ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, රුපියල් 15,000 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසත් නියෝග කරනු ලැබුවා.

පාසල් යමින් සිටි වයස අවුරුදු 14 ක් වූ දැරියක්ව 2011 වසරේ මාර්තු මස 02 දා කිළිනොච්චිය, කොරකන්කට්ටු ප්‍රදේශයේදී කැළයකට රැගෙන ගොස් දුෂණය කිරීමේ චෝදනාව මත ඊට සම්බන්ධ සැකකරුව කිළිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව කිළිනොච්චිය මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව වසර 03 ක පමණ කාලයක් පැවති නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා ෴


ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයකට කදුළු ගෑස් හා ජල ප්‍රහාර; 29 ක් අත්අඩංගුවට

(20.03.2024 – 15:06 +0530 – hirunews.lk/sinhala)

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ අයත් ජන අරගල ව්‍යාපාරය දියත් කළ විරෝධතා පා ගමනකට පොලිසිය අද (20) පස්වරුවේ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

‘IMF මර උගුල පරදවමු, බදු බර, බඩු මිල පහත හෙලනු’ යන්න තේමා කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතා පා ගමන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරනු ලැබුවේ.

අනතුරුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කරමින් සිටින අතරතුර පොලිසිය ඊට බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඉන් අනතුරුවයි පාගමන විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය පියවර ගනු ලැබුවේ.

මේ හේතුවෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා.

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ අයත් ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුවේදී පැවැත්වූ විරෝධතාවයේදී භික්ෂූන් වහන්සේලා දෙනමක් (2) ඇතුළු 29 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

++++++++++

+

+


ආසාධිත සෛලවලින් HIV සාර්ථකව ඉවත් කරයි

(20.03.2024 – 16:59 +0530 – hirunews.lk/sinhala)

නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය (Nobel Prize-winning Crispr gene-editing technology) භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා.

ඒ ඔස්සේ HIV ආසාදිත සෛල විනාශ කරමින් එම DNA ශරීරයෙන් ඉවත් කර හරින බවයි සඳහන් වන්නේ.

මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එහි බලාපොරොත්තුව වී ඇත්තේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම HIV වෛරසය ඉවත් කිරීමයි.

දැනට පවතින HIV ඖෂධ මගින් වෛරසය පාලනය කළ හැකි වුවත් එය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකියි.

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ කණ්ඩායම ඔවුන්ගේ මෙම මුල් සොයාගැනීම් පිළිබඳ මෙම සතියේ වෛද්‍ය සම්මන්ත්‍රණයකදී සාරාංශයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම Nottingham විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික සෛල සහ ජාන ප්‍රතිකාර තාක්ෂණ සහකාර මහාචාර්ය වෛද්‍ය James Dixon සඳහන් කරන්නේ මෙම සම්පූර්ණ සොයාගැනීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය වන බවයි ෴

++++++++++


උලගල්ල වැවෙන් අබිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

(20.03.2024 – 18:30 +0530 – hirunews.lk/sinhala)

තිරප්පනය, උලගල්ල වැවේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ (1) මළ සිරුරක් අද (20) දහවල් සොයාගත් බව පොලිසිය පවසනවා.

තිරප්පනය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම වැව තුළ දී අද සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තිරප්පනේ, ඇතුන්ගම දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉඳිප්පුලිහේවගේ සුජිත් නිශාන්ත නමැති 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

පෙදරේරුවකු ලෙස වෘත්තීය කටයුතු වල නිරතව ඇති ඔහු ඊයේ (19) රාත්‍රී කාලයේදී මසුන් ඇල්ලීම සදහා යන බව පවසා නිවෙසින් පිටත්ව ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, අද (20) පෙරවරුව වනතෙක් ඔහු යළි නිවසට නොපැමිණිම නිසා එම මව හා අසල්වාසීන් ඔහු සම්බන්ධයෙන් තිරප්පනය පොලිසියට සිදුකළ දැනුම් දීමකට අනුව අනුරාධපුර කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින් තිරප්පනය පොලිසිය හා උලගල්ල ප්‍රදේශවාසීන් එක්ව අද (20) දහවල් උලගල්ල වැව තුළ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එම සෝදිසි මෙහෙයුමේ දී අදාළ පුද්ගල මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

එහිදී පොලිසිය සදහන් කළේ මසුන් ඇල්ලීම සදහා වැවට බැස ඇති ඔහු වැව් දියේ ගිලීමෙන් මරණයට පත්වන්නට ඇතැයි සැක කරන බවයි.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


මුහුදේ ගිලී දෙදෙනෙක් (2) මරුට

(20.03.2024 – 19:19 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ඉලවාලී සෙන්තම්කුලම් මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) මුහුදේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු අද (20) සවස සොයා ගෙන තිබෙනවා.

අනෙක් තැනැත්තා (1) අතුරුදන්ව ඇති අතර ඔහු සෙවීම සදහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවෙන් යාපනයට ගිය 37 හැවිරිදි දේව කරුණාදාස ජූඩ් නැමති අයෙකු හා ඉලවාලී ප්‍රදේශයේම පදිංචි සිවනේසන් තිබිසන් නැමති පුද්ගලයෙක්.

අතුරුදන්ව ඇත්තේ ශිවන් නැමති අයෙකු වන අතර ඔහු යාපනයේ නේවාසිකාගාරයක පදිංචි වී සිටින අයෙක් බවද සඳහන්.

අප වාර්තාකරු පැවසුවේ මුහුදේ දිය නාමින් සිටියදී එක් (1) අයෙකු මුහුදේ ගිලී ඇති අතර ඔහුව බේරා ගැනීමට ගිය අවස්ථවේදී අනෙක් දෙදෙනා (2) ද රළ පහරට හසුව මුහුදට ගසා ගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව ධීවරයින් හා පොලීසිය එක්ව සිදු කළ මෙහෙයුමේ දී දෙදෙනෙකුගේ (2) මළ සිරුරු හමු වී ඇති බවයි සඳහන් වන්නේ.

ගොඩ ගන්නා ලද මළ සිරුරු දෙක (2) කන්කසන්තුරේ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඉලවාලී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


කෘතිම බුද්ධිය පාසැලට එන හැටි – මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය ගිවිසුමක (20.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *