“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය

“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය


“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය

(14.03.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුමට එළඹීම වහාම නතර කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ජාතික විද්වත් භික්ෂු සංසදය අද (14) කැඳවා තිබූ සමුළුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළා.

සියලු නිකාය සහ සියලු පාර්ශ්වවල අනුනායක හිමිවරුන්ගේ වැඩම වීමෙන් ජාතික විද්වත් භික්ෂු සංසදය අද විශේෂ සඟ සමුළුවක් පැවත්වූයේ ජාතික සම්පත් විකුණා දැමීම සහ ‘එට්කා’ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වුණා.

+

+

+

+

+


හම්බන්තොට රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රට හැර ගිහින්

(15.03.2024 – 06:46 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රටින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇය නොදන්වා රටින් පිටව ගොස් ඇති අතර රෝහල් අධ්‍යක්ෂ වෙත වට්සැප් පණිවුඩයක් මගින් පසුව ඒ පිළිබඳව දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරිය කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයදුම් පතක් යොමු කර නොමැති බවද සඳහන්.

කෙසේ වෙතත් වෛද්‍යවරිය රටින් පිටවී යාම පිළිබඳව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබෙනවා ෴


සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය ලබන සතියේ යළි වර්ජනයකට සැරසෙයි

(15.03.2024 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ලබන 19 වනදා සහ විසිවනදා (20) යළි සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ, ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා වූ යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇති නමුත්, ඊට මේ දක්වා නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින්.

එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක්, මීට පෙර දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වා ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට කාලය ලබාදී තිබූ බවයි.

කෙසේ වෙතත් දීමනා ඉහළ දැමීම සඳහා සකස් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට භාරදුන් නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ ෴


නීතිවිරෝධීව දැව ප්‍රවාහනය කළ වැලිගම හිටපු සභාපති ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

(15.03.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස දැව ප්‍රවාහනය කරමින් සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු තුන්දෙනෙකු (3) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කනංකේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

කොක්මාදූව ප්‍රදේශයේදී ඊයේ (14) මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී දැව ප්‍රවාහනය කළ ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


කුඹුරු ඉඩම් ගොඩකිරීමට මින් ඉදිරියට කිසිදු අවසරයක් නැහැ

(15.03.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)

කිසිදු හේතුවක් නිසා මින්පසු කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (14) පැවති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින්.

නාගරිකව පවතින කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායීතාවක් ලබාගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එසේම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට එම ඉඩම් ගොඩකිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙසයි අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් ලැබී ඇත්තේ ෴


රඟපාන්න අවස්ථා දෙන බව පවසා තරුණියන් රැවටූ ‘හොර දොස්තර’ කොටු වෙයි

(15.03.2024 – 11:46 +0530 – hirunews.lk/sinhala)

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බව පවසමින් සහ රඟපෑමට අවස්ථාවන් ලබා දෙන බව සඳහන් කරමින් තරුණියන් රවටා හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ ‘හොර වෛද්‍යවරයෙකු’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ පිළිබඳව මුහුණු පොතේ දැන්වීම් පළ කර තරුණියන් මුලාවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සුරූපී තරුණියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට පවසමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා ‘වෛද්‍යවරයෙකුට’ යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ‘වෛද්‍යවරයා’ ලෙස ද පෙනී සිට ඇත්තේ අදාළ සැකකරුම වන අතර ඔහු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තරුණියන් 15 දෙනෙකු පමණ මෙම පුද්ගලයාට එරෙහිව පොලිසියට කළ පැමිණිලි අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ (14) කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා ෴


කැනඩාවේ සය (6) පුද්ගල ඝාතනයේ සැකකරුට මානසික ආබාධයක් තිබේදැයි පරීක්ෂාවට නියෝග

(15.03.2024 – 11:59 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

‘ෆෙබ්‍රියෝ ද සොයිසා’ට මානසික ආබාධයක් තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිසියිට නියෝග කළ ඔටාවා අධිකරණය සඳහන් කළේ, ඉදිරිපත්ව තිබෙන තොරතුරු සියල්ල විමර්ශනය කරන බවයි.

ඒ අනුව නඩුව ඉදිරි දිනකදී යළි කැඳවීමට තීරණය කළ ඔටාවා අධිකරණය නියෝග කළේ, කඩිනමින් මෙම 19 හැවිරිදි තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙසයි.

මේ අතර, මෙම ඝාතන සිද්ධියේ ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම ෆෙබ්‍රියෝ ද සොයිසා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු විය හැකි බවයි ඔටාවා විශ්වවිද්‍යාලයේ මානසික සෙඛ්‍ය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔහුව ඊයේ (14) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩු විභාගය එළඹෙන 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු මෙහිදී ඔහුගේ නම සහ උපන්දිනය මුමුණන්නට වූ බවත් විශෝධන නිලධාරියකු විසින් සැකකරුට උස්හඩින් පිළිතුරු දෙන ලෙසත් අවවාද කළ බවයි.

උසාවියෙන් පිටත මාධ්‍යවේදීන් අමතමින් නීතිඥ ලිට්ල් කියා ඇත්තේ තම සේවාදායකයාව වීඩියෝ මාර්ගයෙන් සහ පෞද්ගලිකව රැදවුම් මධ්‍යස්ථානයේ දී මුණගැසී කතාකර කළ බවයි.

කෙසේ නමුත් සැකකරුගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් විමසා ඇති නමුත් නීතීඥවරයා ඊට පිළිතුරු දී ඇත්තේ “ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ සිටිනවා. ඔහු හොඳින්” යනුවෙනි.

මෙම සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ ඔහු ජීවත් වූ බෙරිගන් ඩ්‍රයිව් නිවසේදී මවක් සහ ඇගේ දරුවන් සිව්දෙනා (4), පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම මෙන්ම, මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් පවුලේ පියාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවයි.

ඝාතනයට ලක්වූ වික්‍රමසිංහගේ බිරිඳ සහ දරුවන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිතයි ෴


ජලාශවල ජල මට්ටම 70% ක් දක්වා අඩුවෙයි

(15.03.2024 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම 70% ක පමණ ප්‍රමාණයකට පහත බැස ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය හමුවේ විදුලිය පැය 24 පුරාම ලබා දීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

ඊයේ (14) උදෑසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25 කින් පහළ බැස ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මෙම ජලාශ දෙකේම (2) ජල මට්ටම පහළ බැස තිබුණද දෛනික ජල විදුලි උත්පාදනයට දැනට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා ෴


ගුරු විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

(15.03.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)

2021, 2022 වර්ෂවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (15) සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් පත් යොමු කළ හැකියි.

අයදුම්පත් යොමු කිරීම ලබන මස 05 වනදායීන් අවසන් වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


පානීය ජල හිඟය දැනුම් දීමට දුරකථන අංකයක්

(15.03.2024 – 17:19 +0530 – hirunews.lk/sinhala)

වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව 117 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබනවා.

එහිදි ඔවුන් සදහන් කරන්නේ මේ සඳහා එම ප්‍රදේශයන්හි වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සමඟ සම්බන්ධවී කටයුතු කරන ලෙසයි.

මේ වනවිට කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000 කට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ සඳහා විසඳුමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වාදුන් බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *