අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ


අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කෙරේ

(04.03.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඒකක 30 ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12 ක ප්‍රමාණය රුපියල් 8 ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

එමෙන්ම ඒකක 31 ත් 60 ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20 කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

එසේම ඒකක 60 ත් 90 ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30 කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.

+

+


සනත් නිශාන්තගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මැර ප්‍රහාරයක්

(04.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයේ කුකුළු ගොවිපොළවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් භාරව කටයුතු කළ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මැර පිරිසක් පහර දී තිබෙනවා.

ඒ, එම ව්‍යාපෘතියෙන් ඉවත් වන ලෙසට බල කරමින්.

පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයේ පදිංචි දිනේෂ් රාජපක්ෂ, පුත්තලම සින්න නාගවිල්ලුව ගොවි ගම්මානයේ කුකුළු ගොවිපොළවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් භාරව කටයුතු කරන අතර ඔහු එය ලබාගෙන ඇත්තේ ටෙන්ඩර් ක්‍රියාදාමයක් හරහායි.

කෙසේවෙතත් එම ටෙන්ඩරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් ප්‍රදේශයේ මැර පිරිසක් ලොරි රථයකින් ගමන් කරමින් සිටි ඔහුගේ සේවකයින් පිරිසකට පහරදී තිබෙනවා.

මෙම පහරදීමෙන් අනතුරුව අදාළ මැර පිරිස දිනේෂ්ගේ නිවසට ද පැමිණ සේවකයින්ට පහරදී ඇති අතර එය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් මෙම මැර ප්‍රහාරයට අදාළව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි දිනේෂ් පවසන්නේ.

අප කළ විමසීමකදී පුත්තලම පොලිසිය පැවසුවේ පහරදීමට සම්බන්ධ මැර පිරිස ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.

+

මේ අතර කැකිරාව නගරයේ පිහිටි තොග භාණ්ඩ අලෙවිසැලකට ඊයේ (03) රාත්‍රියේ කඩා වැදුණු කිසියම් පුද්ගලයකු එම වෙළෙඳසැල් හිමිකරුට හා වෙළෙඳ සහායකයෙකුට පහර දී තිබෙනවා.

එම සිද්ධිය වෙළෙඳසැලේ CCTV කැමරාවල ද සටහන්ව තිබුණා.

වෙළෙඳසැල ඉදිරිපිට නවතා තිබූ ලොරි රථය හේතුවෙන් සිය යතුරුපැදිය නැවතීමට ඉඩක් නොමැති බව පවසමින් යතුරුපැදි හිමිකරු වෙළෙඳසැල් හිමියාට මෙලෙස පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ වෙළෙඳසැල් හිමිකරු හා සහායකයා ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කෙරුණා.

පහරදීම කළ පුද්ගලයා කැකිරාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


අතුරුදන්ව සිට සොයාගත් දැරියගෙන් හෙළිදරව්වක්

(04.03.2024 – 20:29 +0530 – sinhala.adaderana.lk)

මාස තුනක් (3) තිස්සේ අතුරුදන්ව සිටි දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් බඩල්ගම පොලිසිය විසින් අද (04) කටුනායකින් සොයාගනු ලැබීය.

ඇය පොලීසියට පවසා ඇත්තේ තම මව විසින් තමාව විදේශිකයෙකුට බලහත්කාරයෙන් විවාහ කරදීමට දැරූ උත්සාහයක් නිසා තමන් නිවස හැර ගොස් සැඟව ජීවත් වූ බවය.

දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17 ක දැරියක් පසුගිය වසරේ (2023) දෙසැම්බර් මස සිට අතුරුදන් බවට එම දැරියගේ මව බඩල්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඊට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

දැරිය කටුනායක අමන්දලුව ප්‍රදේශයේ සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ ඒ අතරතුරදීය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අමන්දලුව ප්‍රදේශයට අද (04) ගොස් ඇයව සිය භාරයට ගත්තේය.

ඒ ඇයට සහාය දැක්වූ තවත් පුද්ගලයෙකු ද සමගිනි.

වැඩිදුර පරීක්ෂණ සඳහා බඩල්ගම පොලිස් ස්ථානයට රැගෙන ආ දැරිය සිය නිවසින් පැනයාමට හේතුව ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කළාය.

මාස තුනක (3) කාලයක් ඇය විටින් විට රැඳී සිටි ස්ථාන පිළිබඳත් ඇය පොලිසියට කරුණු සඳහන් කළාය.

දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිතය.

++++++++

+


නිසි නඩත්තුවක් නොමැති පිළියන්දල බස් නැවතුම්පොළ – කාන්තා වැසිකිළිය ගබඩා කාමරයකට අරන් (04.03.2024)

+


පීලි මාරු කළ මහ බැංකු සේවකයෝ දැන් කියන කතාව…”මේක අඩුම ගණන” (04.03.2024)

+


මොරගහකන්දේ ජල හිඟය : “දරුවන්ට බොන්නවත් වතුර නෑ…” (04.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *