අගමැති ගිය හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් නිසා මාතර තානායමට හානී

අගමැති ගිය හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් නිසා මාතර තානායමට හානී


අගමැති ගිය හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් නිසා මාතර තානායමට හානී

(01.03.2024 – lankadeepa.lk)

රොනී ද මැල්ගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය.

විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.

කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි, දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි. දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.

ඊට අමතරව මාතර තානායමේ ‘බුෆේ’ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය. පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය. බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර ‘රෙස්ටොරන්ට්’ එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.

නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.

අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.

ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය.

අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙලිකොප්ටරයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.

+


අවේ­ලාවේ කැන්ටින් ගිය සිසුන් 7 කට ගුරුවරයෙකු කොහු­මි­ට­කින් තළලා

(02.03.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

අවේ­ලාවේ නික­රුණේ ආප­ණ­ශා­ලාවේ රැඳී සිටි පාදුක්කේ පාස­ලක 10 වැනි ශ්‍රේණියේ සිසුන් 7 දෙන­කුට අංශ­භාර ගුරු­ව­ර­යකු විසින් කොහු­මි­ට­කින් කළ පහර දීම­කින් සිසුන් තිදෙ­නකු (3) පාදුක්ක ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත්ව ප්‍රති­කාර ගන්නා බව පොලි­සිය පවසනවා.

මේ පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (29) වනදා වන බවත් රෝහ­ල්ග­තව සිටින සිසුන් අතු­රින් එක් (1) සිසු­ව­කුට පම­ණක් තද­බල ලෙස කොසු මිට පහ­ර­වල් වැදී ඇති බවත් එම පහර දීම බර­ප­තළ තත්ත්වයේ නැති බවත් රෝහ­ල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ පහර දීමට සම්බන්ධ ගුරු­ව­ර­යාව අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස තුවාල ලැබූ සිසුන්ගේ මවු­පි­ය­න්ගෙන් පොලි­සි­යට දැඩි බල­පෑ­මක් එල්ල කරන බවයි පොලිසිය පැවසුවේ ෴


ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී කිතුල්ගල ප්‍රදේශයේදී මවගේ ඇකයෙන් මහමඟට වැටුණ බිළිඳා සුවෙන්

(02.03.2024 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී කිතුල්ගල ප්‍රදේශයේදී මවකගේ ඇකයෙන් ගිළිහී ගොස් මහ මඟට වැටුණු මසක් (1) වයසැති බිළිඳා සුවෙන් පසුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.

බිළිඳා එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් බිළිඳාගේ මවට නඩු පැවරීමට කටයුතු කරන බවයි රෝහල් පොලිසිය කියා සිටියේ.

මෙම බිළිදාගේ පවුලේ සාමාජිකයන් පසුගිය 28 වනදා මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථ දෙකකින් (2) කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක ගොස් ආපසු එමින් සිටියදී කිතුල්ගල – ගුරුමැටිය ප්‍රදේශයේදී මවගේ ඇකයේ සිටි මසක් (1) වයසැති ‘කුගනේෂ්වන් නවීෂන්’ නමැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා. එහෙත් ඒ පිළිබඳව තද නින්දේ පසු වූ බිළිඳාගේ මවට දැනී තිබුණේ නැහැ.

මේ අතර එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයට පිටුපසින් මෝටර් රථයක් පැමිණෙමින් තිබූ අතර එහි රියදුරා මාර්ගයේ වැටී තිබූ ‘රෙදි කැබැල්ලක්’ දැක එය මැදිකොට තම රථය ධාවනය කර තිබුණා.

කෙසේ වෙතත් පසුව තමන්ට ඇතිවූ සැකයක් නිසා ඔහු නැවත පැමිණ එම ස්ථානය පරික්ෂා කර තිබුණා.

එහිදී ඔහුට දැක ගැනීමට හැකිවී ඇත්තේ ‘කුඩා බිලිඳෙකු’ මාර්ගයේ වැටී සිටින ආකාරයයි. පසුව රියදුරා කිතුල්ගල පොලිසියේ ජංගම මුරසේවයේ නිරත නිලධාරීන්ට බිළිඳා භාර දී තිබුණා.

කෙසේ වෙතත් තම ඇකයේ බිළිඳා නොමැති බව මව දැනගෙන තිබුණේ ඔවුන් බිළිඳා වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගෙන් ද රෝහල් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් අතර අනතුරක් වළක්වා නොගැනීම මත ඇයට නඩු පැවරීමට කටයුතු කරන බව රෝහල් පොලිසිය ප්‍රකාශ කළා.

+


ලෝක ශ්‍රවණ දිනය හෙටයි (03)

(02.03.2024 – 10:16 +0530 – hirunews.lk/sinhala)

ලෝක ශ්‍රවණ දිනය හෙටට (03) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘වෙනස් වන මානසිකත්වය, කණ් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්ථයක් කරමු’ යන්නයි.

ගෝලීය වශයෙන් සෑම පුද්ගලයන් පස් දෙනෙකු (5) ගෙන්ම එක් (1) අයෙකුට ශ්‍රවණාබාධ ඇති බව පැවසෙන අතර, 2050 වනවිට පුද්ගලයන් හතර දෙනෙකු (4) ගෙන් එක් (1) අයෙකුට ශ්‍රවණාබාධ ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

ලොව පුරා තරුණයින් බිලියනයකට වැඩි පිරිසක් විනෝදාත්මක ඝෝෂාකාරී ශබ්දය නිසා ස්ථිර ශ්‍රවණාබාධවලට ලක්වීමේ අවදානමකට ලක්ව සිටිනවා ෴


ඉස්කෝලේ කැන්ටිමේ ඇන්ටිට ඉස්කෝලේ වල්පිනා ගෙන් ලිංගික අත­වර

(02.03.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

= ඉස්කෝලේ කැන්ටිමේ ඇන්ටිට ලොකු සර්ගෙන් විශාල කර­ද­ර­යක් =

මොණ­රා­ගල විද්‍යා­ලයක විදු­හ­ල්ප­ති­ව­රයා විසින් පාසලේ ආප­ණ­ශා­ලාව පව­ත්වා­ගෙන යන එහි හිමි­කාර කාන්තා­වට ලිංගික අත­වර සිදු කළ බවට ඇය විසින් දොඹ­ග­හ­වෙල පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර තිබෙනවා.

ගල­බැද්ද ඇල­පොත පදිංචි 33 හැවි­රිදි මේ කාන්තාව ඉකුත්දා (28) ආප­ණ­ශා­ලාව වසා නිවෙ­සට ගොස් ඇති අතර පසුව පාසලේ ගුරු­ව­ර­යකු පැමිණ ආප­ණ­ශා­ලාවේ විදුලි පහන් නිවා­දමා නැති බව පවසා තිබෙනවා.

ඇය විදුලි පහන් නිවා­දැ­මීම සඳහා ප.ව. 03:40 ට පමණ පාස­ලට ගොස් ඇති අතර විදුලි පහන් නිවා දමා දොර­ගුළු වසා නිවෙ­සට යෑමට සූදා­නම් වූ අව­ස්ථාවේ විදු­හ­ල්ප­ති­ව­රයා ඇයට කාර්යා­ල­යට එන ලෙස දන්වා එසේ පැමිණි පසු ලිංගික අත­වර කර තිබෙන බවටයි පැමි­ණි­ල්ලෙහි දැක්වෙන්නේ.

විදු­හ­ල්ප­ති­ව­රයා 53 වැනි වියෙහි පසු වන අයෙක්.

සිද්ධිය පිළි­බ­ඳව දොඹ­ග­හ­වෙල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි ෴


පොල් මිල ඉහළට

(02.03.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පොල් මිලද ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටියේ ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150 ක මිලකට අලෙවි වන බවයි.

+


කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු (3) රෝහලේ

(02.03.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මීගහකිවුල ප්‍රදේශයේ දී කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් තිදෙනෙකු (3) තුවාල ලබා තිබෙනවා.

පහර කෑමට ලක් වූ මෙම කාන්තාවන් ප්‍රථීකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසුව එක් (1) කාන්තාවක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම ආරවුලට හේතුව පැරණි කොන්තරයක් දුරදිග ‍යාම හේතුවෙන් බවයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴


සබරගමුවේත් වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවුණාදැයි පරීක්ෂණ

(02.03.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාතේ පාසල්වල අනිද්දා (04) පැවැත්වීමට නියමිත 2023 වාර අවසන් විභාගයේ 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාව දෙවන (2) කොටස බව පැවසෙන ප්‍රශ්න පත්‍රයක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වනවා.

ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර ගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ පිටවී ඇති ප්‍රශ්න පත්‍රය නිවැරදි එකක්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඉදිරි පියවර ගන්නා බවයි.

බස්නාහිර පළාතේ පාසල්වල තුන්වන (3) වාරයට අදාළව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට ලබාදුන් විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවීමේ සිද්ධියක්ද ඊයේ (01) වාර්තා වුණා.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීරට උපදෙස් ලබා දුන් බවයි.

එමෙන්ම මෙරට ජාතික විභාගයක් වන 2023 උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු (1) සහ දෙවැනි (2) කොටස් සමාජ මාධ්‍යයට නිකුත් වීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍ර දෙක (2) අවලංගු කර යළි එම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

+


පොලිසියේ නිලධාරීන් පිරිසක් සිංහල චාරිත්‍රානුකූලව සමාව ඉල්ලයි

(02.03.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ, ඔවුන්ට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබූ පාර්ශ්වයකින් සිංහල චාරිත්‍රානුකූලව සමාව ඉල්ලා සිටියා.

ඒ, පෞද්ගලික සමාගමක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

පොලිසියට පාතාලය මෙන් ක්‍රියා කළ නොහැකි බවයි අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලාෆාර් මහතා එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ.

පෞද්ගලික සමාගමක් කොල්ලුපිටිය පොලිසියට එරෙහිව ගොනු කළ රීට් පෙත්සමක් ඊයේ (01) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනා.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලාෆාර් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළා.

අදාළ නඩුව ඊයේ (01) කැඳවූ අවස්ථාවේදී පෞද්ගලික සමාගමේ නීතීඥවරයා සඳහන් කළේ කොල්ලුපිටිය පොලිසියයේ ආයුධ සන්නද්ධ පිරිසක් තම ආයතනයේ විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර පුද්ගලයෙකු රඳවාගෙන සිටින බවට ලද පැමිණිල්ල මත එම ස්ථානයට කඩා වැදුණු බවයි.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කලහකාරී ලෙස හැසිරුණු බවටත් මෙම පැමිණිලිකරුවන් චෝදනා කර තිබුණා.

මෙහිදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් සිංහල චාරිත්‍රාණුකූලව පෙත්සම්කාර පාර්ශ්වයෙන් නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ සමාව ගැනීමෙන් පසු නඩු විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *