අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු

අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු


අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු

(29.02.2024 – dinamina.lk)

අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණය පතු­රු­ව­මින් මත්කුඩු බෙදා­හැ­රීමේ ජාවා­රම මෙහෙ­ය­ව­මින් පාතාල අප­රා­ධ­වල නිර­තව සිටින ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වකු වන ‘මන්නා රමේෂ්’ සිය බිරිය සමඟ සාජා පොලි­සි­යට දින තුන­කට (3) පෙර හසුවී ඇතැයි මෙරට ආර­ක්ෂක අංශ වෙත ඊයේ (28) වන විට තොර­තුරු ලැබී තිබිණි.

මෝටර් රථ­ය­කින් සාජා සිට ඩුබායි බලා ‘මන්නා රමේෂ්’ සිය බිරිය සමඟ ගමන් කර­මින් සිටි­යදී සාජා පොලි­සිය එම රථය නතර කරන ලෙස සංඥා කළ අව­ස්ථා­වේදී ඊට වෙට්ටු­වක් දමා යන්නට ගොසින් පොලි­සි­යට හසුවී ඇති බව එර­ටින් ලැබෙන තොර­තු­රු­වල සඳ­හන්ය. සාජා පොලි­සිය ‘මන්නා රමේෂ්’ පද­වා­ගෙන යමින් සිටි මෝටර් රථය නතර කර ඇත්තේ ඒ තුළ මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කරන බවට ලද තොර­තු­ර­කට අනු­වය. එම තොර­තුර ‘මන්නා රමේෂ්’ එරට පොලි­සි­යට කොටු­කර දීම සඳහා තවත් පාතා­ල­යේම අප­රා­ධ­ක­රු­වකු විසින් ලබා­දුන් ව්‍යාජ තොර­තු­රක් බව සඳ­හන්ය. ඒ ‘මන්නා රමේෂ්’ට ජාත්‍ය­න්තර පොලි­සිය මඟින් රතු නිවේ­ද­න­යක් ඇති බැවින් එරට පොලි­සිය විසින් ඔහුව පරීක්ෂා කරන විට ඔහු ‘රතු වරෙ­න්තු­ක­රු­වකු’ බව හෙළි­වන බැවිනි.

‘මාක­ඳුරේ මධූෂ්’ නමැති පාතා­ලයේ ප්‍රබ­ල­යාව ඩුබායි පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගත්තේ ද මෙවැනි ඔත්තු­ව­කට අනු­වය. ඩුබා­යිහි සුපිරි හෝට­ල­යක සිය දිය­ණි­යගේ උපන් දින සාදය පැවති අව­ස්ථා­වේදී එම සාදය පැවති ශාලා­වට මත්ද්‍රව්‍ය දමා ඩුබායි පොලි­සිය යොදා වැට­ලී­මක් කර ‘මාක­ඳුරේ මධූෂ්’ ඇතුළු පිරිස අල්ලා දී තිබුණේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු විසිනි. ‘අන්නාසි මොරිල්’ නමැති මත්කුඩු ජාවා­ර­ම්කරු එම ඔත්තුව දී තිබුණු බව එකල සඳ­හන් විය. ඊට මුල්වී ඇත්තේ ‘අන්නාසි මොරිල්’ මෙර­ටට එවූ මත්කුඩු කිලෝ 200 ක් පමණ ‘මාක­ඳුරේ මධූෂ්’ සිය ගෝල­යන් යොදා පොලිස් වෙසින් කොල්ලකා තිබී­මක් හේතු­වෙන් බව ද එකල කියැ­විණි. ‘මාක­ඳුරේ මධූෂ්’ හා ‘අන්නාසි මොරිල්’ එකට මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටි අය බව කියැවේ. ‘මන්නා රමේෂ්’ සහ ඔහුව මෙසේ පාවා දුන් පාතාල අප­රා­ධ­කරු ද ඩුබා­යිහි එකට සිටි දෙදෙ­නකු (2) බව බුද්ධි අංශ නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. එම පාතාල අප­රා­ධ­කරු ‘කුරු­ණෑ­ගල දරුන්’ නමැති අයකු බව ද ඔහු පැව­සීය. දෙදෙනා (2) අතර ඇති­වුණු ගැටු­ම­කින් අන­තු­රුව ‘මන්නා රමේෂ්’ව ඔහු සැල­සු­ම්ස­හ­ග­තව පොලි­සි­යට හසු­කර දී ඇති බව ද එම බුද්ධි අංශ නිල­ධා­රියා කීය.

‘මන්නා රමේෂ්’ට එරෙ­හිව මිනිස් ඝාතන හා ඝාතන තැත් කිරීම් 10 කට වැඩි ප්‍රම­ණ­යක් ඇති බව පොලිස් වාර්තා සඳ­හන් කරයි. ත්‍රිරෝද රථ­යක නැඟී මළ ගෙද­රක යමින් සිටි තරු­ණ­යන් සිව්දෙ­න­කුට (4) පසු­ගිය වසරේ සැත්තැ­ම්බර් 20 වැනිදා රාත්‍රි­යේදී තල්දූ­වේදී වෙඩි තබා තිදෙ­නකු (3) ඝාත­නය කරනු ලැබුවේ ද ‘මන්නා රමේෂ්’ ඩුබායි සිට සිය ගෝල­බා­ල­යන්ව මෙහෙ­ය­ව­මිනි.

එම ඝාතන සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට ද ‘මන්නා රමේෂ්’ ඩුබායි සිට තර්ජ­නය කර තිබුණේ දරු­වන්ට හානි කරන බව කිය­මිනි. අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණ­යක් පතු­රු­වා­ගෙන සිටි මෙම අප­රා­ධ­කරු මෙර­ටට ගෙන්වා ගැනී­මට ඇති හැකි­යාව සාජා පොලි­සිය සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ජාත්‍ය­න්තර පොලි­සිය මඟින්ද මෙම අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ තොර­තුරු විමසා ඇති බවද එම නිල­ධා­රියා කීය. මෙයට දින කිහි­ප­ය­කට පෙර ඩුබා­යිහි රාත්‍රී සමාජ ශාලා­වක ඇති­වුණු යම් සිදු­වී­මක් මුල්ක­ර­ගෙන ‘ඌර­ගහ මයි­කල්’ නමැති පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­කරු ඇතුළු පිරිස ඩුබායි පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. ඒ අය සම්බ­න්ධ­යෙන් ගන්නා ඉදිරි ක්‍රියා­මාර්ග මෙතෙක් ඩුබායි පොලි­සිය ජාත්‍ය­න්තර පොලි­සිය මඟින් මෙරට දැනු­වත් කර නැත.

ගයාන් කුමාර වීර­සිංහ

++++++++

+


කර­න්දෙ­ණියේ PHI ඝාත­නය : සැක­ක­රු­වන් අල්ලන්න CCTV දර්ශන 100 ක් පරීක්ෂා කර අව­සන්

(29.02.2024 – dinamina.lk)

ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සංග­මයේ භාණ්ඩා­ගා­රික සහ කර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ‘දිලීප රොෂාන් කුමාර’ මහ­තාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තු­රක් අනා­ව­ර­ණය කර ගැනීම සඳහා සීසී­ටීවී දර්ශන 100 කට ආසන්න ප්‍රමා­ණ­යක් මේ වන විට පරී­ක්ෂා­වට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

එකී පරී­ක්ෂණ කට­යුතු සඳහා කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරී­ක්ෂක එස්.එස්.පී.ජේ. නිශාන්ත හා ලසන්ත ධර්ම­රත්න මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කණ්ඩා­යම් දෙකක් (2) ඇල්පි­ටි­යට ගොස් ඇත.

මීට වස­ර­කුත් මාස­ය­කට පෙර ශ්‍රී ලංකා පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සංග­මයේ භාණ්ඩා­ගා­රික තන­තුර භාර ගන්නා අව­ස්ථා­වේදී ගිණුමේ තැන්පත්ව තිබූ මුදල් සම්බ­න්ධ­යෙන් අඩු­වක් තිබී ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් යම් මත­භේ­ද­යක් තිබූ බවට තොර­තුරු ලැබී ඇතැයි ද විම­ර්ශන නිල­ධා­රි­යෙක් පැව­සීය.

ප්‍රධාන තන­තු­රක් සම්බ­න්ධ­යෙන් ඔහුගේ නම යෝජනා වීම සම්බ­න්ධ­යෙන්ද? විම­ර්ශන නිල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුවී ඇති අතර ඒ සෑම තොර­තු­රක් ඔස්සේම දිගු විම­ර්ශ­න­යක් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

පැහැ­දි­ලි­වම මෙම ඝාත­නය කොන්ත්‍රා­ත්තු­වක් මත සිදු කළ එකක් බවට පරි­පා­ලන නිල­ධා­රි­යාගේ පසු­බිම පිළි­බඳ පරීක්ෂා කිරී­මේදී පැහැ­දිලි වන බවත් ඔහු ඉතා හොඳින් රාජ­කාරි ජීවි­තය මෙන්ම පෞද්ග­ලික ජීවි­තය පව­ත්වා­ගෙන ගිය අයකු බවට ඕනෑ­ව­ටත් වඩා තොර­තුරු ලැබී ඇති බව ද පරී­ක්ෂණ පව­ත්වන නිල­ධා­රි­යෙක් පැව­සීය. රාජ­කා­රිය අකු­ර­ටම ඉටු කළ නිල­ධා­රි­යකු වූ ඝාත­න­යට ලක්වූ ‘දීලිප රොෂාන් කුමාර’ මහතා ජන­තා­වගේ ජීවිත ආර­ක්ෂාව වෙනු­වෙන් විවිධ කර්මාන්ත ශාලා­වන්ට එරෙ­හිව පැවරූ නඩු ඔහුගේ ජීවි­තය අහිමි කිරී­මට තරම් ඒවා නොවන බවත් එම නඩු සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මේදී පැහැ­දිලි වන බව එම නිල­ධා­රියා කීය.

ඔහුගේ පෞද්ග­ලික ජීවිතේ ඉඩ­ක­ඩම් නඩු හෝ වෙනත් එදි­රි­වා­දි­ය­කු­ගෙන් තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් පවුලේ සමී­ප­ත­ම­ය­න්ගෙන් හෝ දැන ගැනී­මට ලැබී නැතැයි ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් කීය ෴


පැල් රකින උපාධිධාරිනිය

(29.02.2024 – 07:36 +0530 – hirunews.lk/sinhala)

රැකියාවක් නොමැති වීම නිසා වගා කරමින් එම වගා අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිදාරිනියක් පිළිබඳ තොරතුරු අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නමින් ඩී.පී. චතුරිකා දර්ශනී වන ඇය මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.

උසස් පෙළ කඩඉමට අති සාර්ථක ලෙස මුහුණ දෙන මෙම තරුණිය 2014 ව‍ර්ෂයේ විශ්වවිද්‍යාල වරම් ලබනවා.

වසර 4 ක විශේෂ උපාධියක් හැදෑරීමෙන් පසුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ වෙහෙසුණද ඇයට සුදුසු රැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීවත් වීමට මාර්ගයක් නොමැති වීම නිසා ඇය ගොවිතැනට යොමු වී තිබෙනවා.

දහවල් කාලයේ වගා කටයුතු සිදු කරන මෙම තරුණිය එම වගාවන් අලින් ඇතුළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාත්‍රී කාලයේ පැල් රකින බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ ෴


මොණරාගලදී බිහිසුණු අනතුරක්

(29.02.2024 – 08:41 +0530 – hirunews.lk/sinhala)

මොණරාගලදී ලංගම බස් රථයක් පෙරලීමෙන් ළමුන් ඇතුළු මගීන් 36 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.

මෙසේ තුවාල ලැබූ පිරිස සියඹලාන්ඩුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරු පැවසුවේ අද (29) උදෑසන 06:45 ට පමණ කොඩයාන වංගුව අසළදී මෙම අනතුර සිදුව ඇති බවයි.

+

+


අධික උණුසුම මැයි තෙක්

(29.02.2024 – 09:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසය දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එවැනි පසුබිමක අද (29) සහ හෙට (01) ත් පාසල් දරුවන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් වාර්තා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැකවුණේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.

පවතින උණුසුම් කාලගුණය ජනතාවගේ දෛනික කටයුතුවලටද බලපෑම් එල්ල කර තිබෙනවා ෴


නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

(29.02.2024 – 10:45 +0530 – hirunews.lk/sinhala)

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළා.

ඔහු ගොනුකළ පැමිණිල්ලේ තීන්දු ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීතිපද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

2014 වසරේදී මොහු ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් යොමුකරමින් එක්තරා විනිසුරුවරුන් කිහිපදෙනෙකු දූෂිත බැවින් ඔවුන් ඉදිරියේ නඩු නොකැඳවන ලෙස ඉල්ලීමක් කළා.

ඒ හරහා මොහු විෂමාචාරය නමැති වැරැද්ද සිදුකර ඇති බව තීන්දු කරමිනුයි විනිසුරු මඩුල්ල මෙම තීන්දු ලබා දුන්නේ ෴

++++++


මාර්තු 04 සිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ඩිජිටල්කරණය වෙයි

(29.02.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් මාර්තු මස 04 වනදා සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ‘තමන් පදිංචි දිස්ත්‍රික් දුරකතන කේතය’ 2117116 යන දුරකතක අංකය ඉදිරියට යොදා ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමට හැකියාව ලැබෙන බවයි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
( https://dmt.gov.lk/ ) හරහා ද මෙම සේවාවන් ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමට හැකියාව පවතිනවා ෴


නවතා දමා ඇති මාර්ග පාලම් ව්‍යාපෘති අප්‍රේල් මාසයෙන් පසු යළි ඇරඹේ

(29.02.2024 – 12:30 +0530 – hirunews.lk/sinhala)

නවතා දමා ඇති මාර්ග, පාලම් ඇතුළු අනෙකුත් ව්‍යාපෘති අප්‍රේල් මාසයෙන් පසු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හෝමාගම ප්‍රදේශයේදී මාර්ග කිලෝමීටර් 1500 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ පලමු (1) අදියරේ සමාරම්භයට අද (29) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴


ජපන් රැකියා සඳහා විශේෂ අවස්ථාවක්

(29.02.2024 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වන අතර එම ශ්‍රමිකයින් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ (2024) ජුනි මාසයේදී ආරම්භ වන බවට තොරතුරු වාර්තා වෙනවා.

අමාත්‍යවරයා සහ ‘ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කරන්නන්ගේ සංගමය’ අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී මේ බව අනාවරණය වූ අතර සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විෂයභාර එරට අධිකරණ අමාත්‍යවරයාට මනුෂ නානායක්කාර සිය ස්තූතිය ද පුදකර සිටිනවා.

‘එන් 4’ මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට ‘SSW කාණ්ඩය’ යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් (2) සමත්විතව බවයි වාර්තා වෙන්නේ.

එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වෙනවා.

ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ ‘SSW පරීක්ෂණය’ සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවයි.

ඒවා ජනතාව අතරට ගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින්ට ‘SSW 2’ මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇති අතර මෙම සාකච්ඡාව සදහා ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ ෴


වී සඳහා ගොවීන් සහතික මිලක් ඉල්ලයි

(29.02.2024 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මෙවර වී අස්වනු සඳහා කිලෝවකට අවම වශයෙන් රුපියල් 150 ත් 200 ත් අතර සහතික මිලක් නියම විය යුතු බව ගොවීන් පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු සියයට 80 කින් පමණ මේ වනවිට අවසන්ව තිබෙනවා.

ගොවීන් ප්‍රකාශ කළේ වසර 3 කට පසු මෙවර ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවයි.

එසේ තිබියදීත්, සිය අස්වනු මිල දී ගැනීමට රජයෙන් මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් අරඹා නොමැති බවට ගොවීන් චෝදනා කරනවා.

ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රජයෙන් මුදල් වෙන් කරන බව පැවසුවද, මෙතෙක් තමන්ට කිසිදු මුදලක් ලැබී නැතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් එස්.ජී. ගුණදාස පවසනවා.

මේ අතර, කාබනික පොහොර භාවිතය මෙරට ජාතික පොහොර ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම සභාව අවධාරණය කළේ කාබනික පොහොර යොදා ගනිමින් ගොවිතැන් කරන ආදර්ශ කෘෂිකාර්මික ගොවිපළ වෙත සෘජුවම ගොස් එහි තත්ත්වයන් සොයා බැලීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, පොහොර භාවිතය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළහොත් සාධනීය වෙනසක් ඇති කළ හැකි බව ද ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *