ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව

ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව


ක්‍රිෂ් ගනුදෙනුවේ නඩු විභාගය – ‘බී වාර්තා 18න් 15 ක් නොමග යවලා’

(28.02.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිෂ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවට අදාළව විමර්ශන කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු කළ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර අල්ලස් ගෙන විමර්ශන නිසියාකාරව සිදු කර නොමැති බවට පැමිණිලිකාර ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා අධිකරණයට කරුනු දැක්වූවා.

“රවී විද්‍යාලංකාර විමර්ශන නොමග යවා තියෙනවා. බී වාර්තා 18 න් 15 ක් නොමග යවලා. 2016.7.11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇප නොදෙන ලෙසත් ක්‍රිෂ් ගොඩනැගිල්ල පරීක්ෂා කර ලේඛන අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඊට පසු දිනම රවී විද්‍යාලංකාර ක්‍රිෂ් ආයතනයට ලිපියක් යොමු කරමින් ‘මෙහි වංචනික ගනුදෙනුවක් සිදු වී නැති’ බව දැනුම් දී තිබෙනවා, යනුවෙන් අධිකරණයට කරුණු දක්වා සිටියා. විමර්ශන යටගසමින් අල්ලස් ලබා ගෙන නිවාස පවා ලබා ගෙන වරදාන ලබා ගෙන ඇති රවී විද්‍යාලංකාර 2022 වනවිට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙස කටයුතු කළා. රාජ්‍ය මුදල් අවභාවිත කළ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ගරු අධිකරණයේ අවධානයට යොමු කරනවා”

යනුවෙන් පැමිණිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ක්‍රිෂ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව විමර්ශන කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ එවක ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

+


වයස අවුරුදු 13 ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට (2) ලිංගික අපයෝජනයක් කල වල්සාදුවා

(28.02.2024 – 20:42 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට (2) ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත වල්සාදුවෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.

හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කෙරුණු සැකකාර වල්සාදු රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

වල්සාදුවා අතින් අපයෝජනය වී ඇතැයි වාර්තාවන්නේ වයස අවුරුදු 13 ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකි (2).

චෝදනාවට ලක්වූ වල්සාදුවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කරන බවද වාර්තා වෙයි.

අපයෝජනයට ලක්වූ බව කියන කුඩා දරුවන් දෙදෙනා (2) ගෙන් එක් (1) දරුවෙක් මීට දින කිහිපයකට පෙර අසනීප වී ඇති අතර ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා එම මව්පියන් දරුවා මෙම වල්සාදුවා හමුවට රැගෙන ගොස් තිබේ.

දරුවා දින කිහිපයක් එහි රඳවාගෙන පූජාවක් පැවැත්විය යුතු යැයි සැකකාර වල්සාදුවා එහිදී මව්පියන්ට පවසා ඇති අතර ඒ අනුව ඔවුන් සිය දරුවා එහි රඳවා ගොස් ඇති බව පොලීසිය පවසයි.

පසුව නිවුන් දරුවන්ගෙන් අනෙක් දරුවා සිය සොයුරා නොමැතිව අසනීප වී ඇති අතර සැකකරු මෝටර් රථයකින් නිවසට පැමිණ එම දරුවාවද රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.

එහිදී සැකකාර වල්සාදුවා දරුවන් දෙදෙනාම (2) අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇත.

ඒ අනුව මේ පිළිබඳ කළ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

නිවුන් දරුවන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

+


ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

(28.02.2024 – 19:40 +0530 – sinhala.adaderana.lk)

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය.

‘අද දෙරණ 24’ නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා :

“අපි ලංසු කැදවා තිබෙනවා මාර්තු 05 වැනිදා උදෑසන 10 සිට සවස 2 දක්වා ඔවුන්ට පැමිණිය හැකියි. එය සජීවීව සිදුකරනු ලබනවා. පස්වරු 2 වන විට ලංසු විවෘත කර ඇගයීම ලක්කළ හැකියි. ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද සිටිනවා. ඔවුන් එම ලංසු ඇගයීම සිදුකරනු ලබනවා. අවසානයේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මට අවශ්‍ය අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනයක් සිදුකළ හැකි ශක්තිමත් ආයෝජකයෙකු පැමිණීමයි. ඒ වගේම ගුවන් සේවයේ 6,000 කගේ රැකියාවන් සුරක්ෂිතභාවයට පත්කිරීමත් අවශ්‍ය වනවා.”


කඩුවෙල අහස වසාගත් කළු දුමට හේතුව මෙන්න

(28.02.2024 – 18:08 +0530 – sinhala.adaderana.lk)

කඩුවෙල බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් ජලනළ ගබඩා කර තිබූ ඉඩමකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න පාලනය කරමින් සිටින බවය.

ගින්න හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ ජලනළ රැසකට දැඩි හානි සිදුව තිබේ.

එසේම ගින්නත් සමග නැගුණු විශාල කළු දුමාරය ප්‍රදේශ කිහිපයකට දිස්වූ අතර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග ඒ පිළිබදව විශාල කතාබහක් ඇතිවිය.

++++++++++

+


‘ඩිනාල්’ගේ අභිරහස් මරණය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(28.02.2024 – 14:45 +0530 – sinhala.adaderana.lk)

එංගලන්තයේ ජීවත්වූ ශ්‍රී ලාංකික සිසුවෙකුගේ අභිරහස් මරණය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඈත්තේ ‘ඩිනාල් ද අල්විස්’ නමැති 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකි.

Croydon හි Whitgift පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩිනාල් අති දක්ෂ සිසුවෙකි.

පාසලේදී දක්ෂ පාපන්දු සහ රගර් ක්‍රීඩකයෙකු වූ ඩිනාල්ගේ බලාපොරොත්තුව වී තිබුණේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදෑරීමය.

මෙම සියලු සිහින බොඳ කරමින් ඔහු වෙත මරුවා ළඟා වන්නේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වනදාය.

අභිරහස් ලෙස මියගොස් සිටි ඩිනාල්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට විනිශ්චය කළ ද එයට හේතුව සොයා අඛණ්ඩව විමර්ශන කටයුතු සිදුකළේය.

එම විමර්ශනවලට අනුව තොරතුරු අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට කළ තර්ජනයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවය.

අදාළ තර්ජනය එල්ලවී ඇති පුද්ගලයා හෝ ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් සැකපළ කරන්නේ VPN තාක්ෂණය භාවිත කරමින් නයිජීරියාවේ සිට ඩිනාල් වෙත මෙම පණිවුඩය එවා ඇති බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කප්පම් ඉල්ලා ඇති පුද්ගලයා ඔහු වෙත නිරුවත් ඡායාරූප දෙකක් (2) යොමුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

විමර්ශකයින් සැකපළ කරන්නේ ඔහු මීට පෙර ලබාගත් ඡායාරූප දෙකක් (2) මෙලෙස සැකකරුවන් අතට පත්ව ඇති බවටය ෴


‘ටෙලිකොම්’ හා ‘ලංකා හොස්පිටල්ස්’ ආයතනවල කොටස් පැවරීමට අදාළව අධිකරණ නියෝගයක්

(28.02.2024 – 07:25 +0530 – sinhala.adaderana.lk)

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ‘ශ්‍රී ලංකා ටෙලිකොම්’ ආයතනයේ සහ ‘ලංකා හොස්පිටල්ස්’ ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

‘ශ්‍රී ලංකා ටෙලිකොම්’ ආයතනය වෙනුවෙන් ‘ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල්.’ සමාගම සහ ‘පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල්’ සමාගම මෙන්ම ‘ලංකා හොස්පිටල්ස්’ ආයතනය වෙනුවෙන් ‘ලයිකා ලීසිං හෝල්ඩිං’ සමාගම සහ ‘හයිම්ස් ඉන්ටනැෂනල්’ සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් (2) සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50.23 ක කොටස් හා ලංකා හොස්පිටල්ස් ආයතනයේ සියයට 51.34 ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවය.

එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව’ තීරණය කළ බව පෙත්සම්කාර සමාගම් චෝදනා කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් නොපිළිගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බව සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

අනතුරුව මෙම අතුරු තහනම් නියෝග අධිකරණය විසින් නිකුත් කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කාර සමාගම් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත්ව සිටි බව සඳහන්ය ෴


ඇල්ල විදේශිකයන් ගෙන් පිරෙයි…. දුම්රියෙත් ඉඩ මදිවෙයි (28.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *