අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි

අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි


අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි

(27.02.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 7 ක ගමන් වාර අද (26) දිනයේ දී අවලංගු කළ බව කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා කියා සිටියේ අදාළ ගුවන් යානා 7 ප්‍රමාද වීමක් පමණක් සිදු වී ඇති බවයි.

කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළ ආකාරයට අද (27) අලු‍යම 01:10 ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්. 173 දරණ යානය සහ අලු‍යම 01:15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්. 402 දරණ යානය මෙලෙස අවලංගු කර තිබෙනවා.

එසේම අද (27) පස්වරුවේ තවත් ගමනාන්ත 4 ක් වෙත ළඟා වීමට සැලසුම් කළ ශ්‍රී ලංකන් ගුවන් ගමන් 4 ක්ද අවලංගු කර තිබෙනවා.

ඒ අනුව, අද (27) පස්වරු 01:45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත යූ.එල්. 127 දරණ ගුවන් යානය, පස්වරු 05:10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත යූ.එල්. 143 දරණ යානය ද අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව අද (27) පස්වරු 06:30 ට සෞදි අරාබියේ දමාම් බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 263 දරණ ගුවන් යානය සහ අද (27) රාත්‍රී 06:50 ට අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත යූ.එල්. 207 දරණ ගුවන් යානය ද මෙලෙස අවලංගු කර තිබෙනවා.

ඊට අමතරව අද (27) පස්වරුවේ චෙන්නායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ වෙනත් ගුවන් සේවයට අයත් යානයක් ද අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් අදාළ ගුවන් යානා ප්‍රමාද වී ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි ‘අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව’ කියා සිටියේ.

+

++++++++

+


PHI සංගමයේ භාණ්ඩාගාරික ඝාතනය ගැන දුරකතන වාර්තා ඔස්සේ විමර්ශන

(27.02.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ‘රොෂාන් කුමාර විතානගේ’ වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි සැකකරුවන් ඝාතනයෙන් පසු ලබාගත් දුරකතන ඇමතුම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් යළි පළා යන අවස්ථාවේ දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති බවට CCTV දර්ශන ඔස්සේ ලැබුණු තොරතුරුවලට අනුවයි.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් මුහුණ ආවරණය කරගෙන පැමිණි අදාළ නාදුනන පුද්ගලයින් දෙදෙනා ඊයේ (26) උදෑසන ‘රොෂාන් කුමාර’ට මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඇල්පිටිය – පතිරාජවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇතුලුවීමෙන් පසුවයි.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඔවුන් එම යතුරුපැදියෙන්ම පළා ගොස් තිබුණා.

දෙමහල් නිවසක් වන අදාළ නිවසේ ප්‍රධාන දොරටුව ඒ වන විට විවෘත කර තබා ඇත්තේ, රොෂාන් කුමාරගේ බාල පුතු පළමු වසරට භාර දීම සඳහා සූදානම් කර තිබීම හේතුවෙන්.

එම අවස්ථාවේ දොරට සැකකරුවන් තට්ටු කිරීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බැලීමට ඔහු ඉදිරිපසට පැමිණෙනවාත් සමග වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියෙන් ඇල්පිටිය නගරය හරහා ඌරගහ මංසන්ධිය දෙසට ගමන් කර පසුව අතුරු මාර්ගයකට හැරී තිබෙනවා.

ඒ ඔස්සේ CCTV දර්ශනද උපයෝගි කර ගනිමින් අදාළ යතුරුපැදිය සෙවීම තවදුරත් සිදු කරන බවයි පොලිසිය කියා සිටියේ.

වෙඩි තැබීමෙන් පසු පොලිසිය අසල්වැසියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, රොෂාන් කුමාර මිය යෑමට පෙර ලබා ගත් දුරකථන ඇමතුම්ද පරීක්ෂා කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ ෴


පැරණි ආරවුලක් නිසා පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට

(27.02.2024 – 10:36 +0530 – hirunews.lk/sinhala)

මිහිරිපැන්න තල්පේ ප්‍රදේශයේ සිදුවුණු පැරණි ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම ආරවුලේ දී පුද්ගලයින් පොලු මුගුරු භාවිතා කර ඇති බව වාර්තා වෙනවා.

මියගිය පුදගලයා වයස අවුරුදු 21 ක මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ෴


ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරෙකු නොමැතිව කිලෝමීටර් 70 ක් ධාවනය වෙයි

(27.02.2024 – 11:35 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරෙකු නොමැතිව කිලෝමීටර් 70 කට වැඩිදුරක් ධාවනය වූ සිදුවීමක් ආසන්න ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන අන්දමට පසුගිය 25 වැනිදා ජම්මු කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දක්වා ධාවනය වූ දුම්රියකුයි මෙලෙස රියදුරෙකු නොමැතිව ධාවනය වී ඇත්තේ.

කෙසේ හෝ දුම්රිය නවත්වා ගැනීමට නිලධාරීන් සමත්ව ඇති බවත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවත් එම වාර්තාවල සඳහන්.

ගල් කැබලි රැගත් වැගන් 53 සහිත දුම්රිය ජම්මු සිට පන්ජාබ් වෙත යමින් සිටියදී කාර්ය මණ්ඩලයේ වෙනසක් සඳහා කතුවා හි නවත්වා තිබෙනවා.

අනතුරුව දුම්රිය රියදුරු සහ ඔහුගේ සහායකයා දුම්රියෙන් පිටතට පැමිණ ඇති අතර, බෑවුමක් සහිත එම ප්‍රදේශයේදී දුම්රිය ධාවනය වීමට පටන් ගෙන ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

පැයට කිලෝමීටර් 100 කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් (5) පමණ පසු කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නට නියෝග කර ඇති බව‍යි සඳහන්.

+


උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරය අත්හරී

(27.02.2024 – 11:46 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

කථානායකවරයා සඳහන් කළේ ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි.

රංගන ශිල්පියෙක් වූ උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඔහු විසින් කථානායකවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් :

++++++++

උද්දික ප්‍රේමරත්න වෙනුවට මැති සබයට චන්ද්‍රසිරි මුතුකුමාරණ

(27.02.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, ඉල්ලා අස්වීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම මන්ත්‍රී අසුන හිස්ව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය යාන්ත්‍රණය තුළ රැදී සිටියද සක්‍රීය කාර්යක නියැලීමේ අවස්ථාවක් තරුණ නායකයෙකු ලෙස තමන්ට නොලැබුණු බව මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊට අදාළව කථානායකවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබුණා.

පෞද්ගලිකව තම දේශපාලන අපේක්ෂා මෙම වාතාවරණය තුළ යථාර්තයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

එබැවින් තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී මනාප ඡන්ද 1,33,550 ක් ලබා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් ලැයිස්තුවේ 3 වන ස්ථානයට පත් වෙමින් ඔහු පාර්ලිමේන්තුවට තේරි පත් වුණා.

ඒ පාර්ලිමේන්තු විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් ලෙසින්.

2020 සිට 2024 වසරේ මේ දක්වා පාර්ලිමේන්තුව රැස්වූ දිනවලින් දින 193 කට ඔහු පැමිණ ඇති අතර, දින 153 කදී ඔහු පැමිණ නැහැ.

පසුගිය දිනක ඔහු පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරියේදී කටයුතු කරන බව ද කියා සිටියා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ පිහිටි නිවස අසළදී ඔහුගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිසියට හැකි වූයේ නැහැ.

උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ මනාප 39,895 ක් ලබාගෙන පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි මුතුකුමාරණ යි.


එළවලු මිලෙහි මාස 6 කට පසුව අඩුම මිල ගණන් අද (27)

(27.02.2024 – 12:52 +0530 – hirunews.lk/sinhala)

එළවලු මිල මාස 6 කට පසුව වාර්තාගත ලෙස අඩුම මිල ගණන් අද (26) වාර්තා වී තිබෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *