11 හැවිරිදි දැරියක අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ 62 හැවිරිදි සැකකරුවෙක් පොලිසිය පැමිණෙන විට ගෙළ වැළලාගෙන

11 හැවිරිදි දැරියක අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ 62 හැවිරිදි සැකකරුවෙක් පොලිසිය පැමිණෙන විට ගෙළ වැළලාගෙන


11 හැවිරිදි දැරියක අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ 62 හැවිරිදි සැකකරුවෙක් පොලිසිය පැමිණෙන විට ගෙළ වැළලාගෙන

(23.02.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

යාබද නිවසේ වෙසෙන 11 හැවිරිදි දැරියකට අතවර කළ බවට චෝදනා එල්ලවූ පානදුර, අලු‍බෝමුල්ල ප්‍රදේශයේ 62 හැවිරිදි පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා දැරියව සිය නිවසට ගෙන්වාගෙන ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ඇයව අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පානදුර – අලු‍බෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි දෙදරු පියෙක්.

අපයෝජනයට ලක්වූ දැරිය සිය සහෝදරයා සහ මව්පියන් සමග ජීවත් වූ ඇත්තේ එම නිවසට යාබද නිවසකයි.

දැරියගේ මව්පියන් නිවසේ නොමැති අවස්ථාවලදී එම පුද්ගලයා විසින් දැරිය සිය නිවසට ගෙන්වාගෙන ඇති බව සදහන්.

එහිදී දැරියට ජංගම දුරකථනය ඔස්සේ අසභ්‍ය දර්ශන පෙන්වා පසුව ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් දැරිය සිය මවට පවසා ඇති අතර මව ඒ සම්බන්ධයෙන් අලු‍බෝමුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව විමර්ශනය සඳහා පොලිසිය පැමිණි අවස්ථාවේදී අතවර කළ බව පැවසෙන සැකකරු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි පොලිසියට දැක ගැනීමට හැකිවී ඇත්තේ.

මේ අතර අතවර චෝදනා එල්ල වූ පුද්ගලයා විසින් අවස්ථා කිහිපයකදී මෙම දැරියගේ වැඩිමහල් සොහොයුරාවද ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අතවරයට ලක්වූ දැරිය මේ වනවිට පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලු‍බෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල බැතිමතුන් පිරිසක්

(23.02.2024 – 17:20 +0530 – hirunews.lk/sinhala)

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය කරන මගි දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කර ඇති බවයි.

එම දුම්රියවලින් හැටන් දුම්රිය ස්ථානය දක්වා ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන අතර ඔවුන්ට නල්ලතන්නිය ගමන් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැටන් ඩිපෝව මඟින් අමතර බස් රථ යොදවා ඇති බව සඳහන් ෴


මහවැලි ගොවින්ට නිරවුල් ඔප්පු

(23.02.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ඉඩම්වල පදිංචිකරුවන් 2,07,000 ක් සඳහා ‘උරුමය ඉඩම් ඔප්පු’ ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව නිරවුල් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මහවැලි බල ප්‍රදේශ 10 ම ආවරණය කරමින් මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමට මහවැලි අධිකාරිය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ තුළින් මහවැලි ජනපදවල පදිංචි ගොවි ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴


චීනයේ අධිවේගී මාර්ගයක වාහන 100 ක් ගැටී බිහිසුණු අනතුරක්

(23.02.2024 – 18:04 +0530 – hirunews.lk/sinhala)

චීනයේ Suzhou නගරයේ අධිවේගී මාර්ගයක අයිස් සහිත ප්‍රදේශයක මෝටර් රථ 100 කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තවද, වීදුරු සහ සුන්බුන් තැනින් තැන විසිරී තිබෙනු දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

+


‘ගංජා’ මිශ්‍ර ‘මදනමෝදක’ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

(23.02.2024 – 18:56 +0530 – hirunews.lk/sinhala)

‘ගංජා’ මිශ්‍ර ‘මදනමෝදක’ තොගයක් අලෙවියට සුදානමින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) වන දින හිඟුරක්ගොඩ නගරයේ දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී යි.

එහිදී බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671 ක් අලෙවි කරමින් සිටි සමඟ වයස අවුරුදු 25 ක හිතුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්‍ය බලකාය සඳහන් කර සිටියේ ෴


පොලිසියට පාට් දැමූ හරීන්ගේ හිටපු ලේකම් රිමාන්ඩ්

(23.02.2024 – 20:46 +0530 – hirunews.lk/sinhala)

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකුව පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ලේකම්වරයෙකු යැයි පවසන ‘G.R. ඕවිටිගල’ නැමැත්තෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (22) අලුයම 12:30 ට පමණ බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී මාර්ගයේ ගමන්ගත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් නවතා පරීක්ෂාකර තිබෙනවා.

එහිදී එම රථයේ රියැදුරු බීමත්ව සිටි බවට පොලිස් නිලධාරීන් හඳුනාගැනීමෙන් අනතුරුව, රියැදුරා අත්අඩංගුවට ගෙන මෝටර් රථයත් සමඟ පොලිසිය ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී පැමිණි තවත් රථයක් මෙම මෝටර් රථය හරස්කර නවතා එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මෙලෙස පැමිණි රථයේ සිටි පුද්ගලයෙකු තමා අමාත්‍ය හරීන්ගේ ලේකම්වරයා බවත්, මෙලෙස අත්අඩංගුවට ගත් බීමත් රියැදුරා නිදහස්කරන ලෙසත් පවසා ඒ වනවිට රියදුරු අසුනේ සිටි පොලිස් සැරයන් විජේරත්න නමැති නිලධාරියා ඉන් පිටතට ඇද දමා බීමත් රියදුරාද රැගෙන පලාගොස් තිබෙනවා.

අනතුරුව මෙරට ප්‍රධාන මූල්‍ය සමාගමක සේවය කරන බව පැවසෙන මෙම බීමත් රියදුරා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙලෙස පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහරදී තමාව රැගෙන යනු ලැබුවේ අමාත්‍ය හරීන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා බව පවසා තිබෙනවා.

ඒ අනුව අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම, පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යාම හා පලායෑමට සැලැස්වීම ඇතුළු චෝදනා යටතේ එම ලේකම්වරයා අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියෙල් මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ වූ බීමත් රියදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැරීමට නියෝග කළ බවයි අප කළ විමසීමකදී පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ ෴


වැල්ලවාය – කොළඹ පාර වසා මෘත දේහයක් හරස් කර උද්ඝෝෂණයක්

(23.02.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය – ඇතිලිවැව ආරියසිරි මංසන්ධියෙන් අවහිර කරමින් අද (23) පස්වරුවේ සිට විරෝධතාවක් පැවැත්වෙනවා.

මීට දින දෙකකට (2) පෙර ඝාතනයකින් මියගිය බවට සැකකෙරන පුද්ගලයකුගේ මෘත දේහයක් මාර්ගයේ හරස් කර තබා ගෙනයි මෙම විරෝධතාවය සිදු කෙරෙන්නේ.

මියගිය පුද්ගලයාගේ වාඩියට පැමිණි පුද්ගලයින් පිරිසක් පොරවකින් පහරදී ඝාතනය කර, වාඩියද ගිනිබත්කර විනාශ කර ගොස් ඇතිබවත්, ඒ සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් සැකකරුවන් දේහය වළදැමීමටත් පෙර නිදහස් කර ඇති බව පවසමින් ෴


පොළොන්නරු ඉතිහාසය උඩු යටිකුරු කරමින් පොළොව යට වැළලී ඇති පෞරාණික නගරයක්

(23.02.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ නව පරිච්ඡේදයක යටගියාව අනාවරණය කරමින් පොළොන්නරුව ඓතිහාසික නගරයේ පොළොව අභ්‍යන්තරයෙහි තවත් පෞරාණික ඉදිකිරීම් රැසක ශේෂයන් පවතින බව සොයාගෙන තිබෙනවා.

මීටර තුනක (3) පමණ පොළොව අභ්‍යන්තරයේ පවතින මෙම තොරතුරු සොයාගැනීමට හැකිවී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ පොළොව විනිවිද දැකිය හැකි විශේෂ රේඩාර් යන්ත්‍රයක ආධාරයෙන්.

පොළොන්නරු යුගය අතීත ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන අවධියක් සටහන් කළ බවට අප දන්නා ඉතිහාසය සාක්ෂි දරනවා.

කෙසේ වෙතත් පොළොන්නරු ඉතිහාසය ගැන තවත් සැඟවුණු තොරතුරු සොයා බැලීමට පුරා විද්‍යා පර්යේෂකයින් පිරිසක් මේ දිනවල පොළොන්නරුව පුරාවිද්‍යා භූමියට අයත් ඇතුළු නුවර ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

GPR නම් සුවිශේෂී යන්ත්‍රයක් භාවිත කරමින් මෙම පර්යේෂණය සිදුකරන අතර එම යන්ත්‍රයට මීටර් පහක් (5) පමණ ගැඹුරින් පොළොව විනිවිද ගවේෂණය කිරීමේ හැකියාව පවතිනවා.

පොළොන්නරුව පෞරාණික නගරය මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතින අතර, පොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙසයි ඇතුළු නුවර සැළකෙන්නේ.

රේඩාර් යන්ත්‍රය මඟින් පරික්ෂාවට ලක්කර ඇත්තේ, එම ප්‍රදේශයයි.

එහිදී හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන :

“පොළොන්නරුවේ පොළව යට වැළලී ඇති පෞරාණික ඉදිකිරීම්වල නටඹුන් හෙළිකර ගැනීමට අපට හැකිවී තිබෙන්නේ පොළව විනිවිද බලන රේඩාර් යන්ත්‍රයෙන් ලැබුණු සංඥා වලින්. ඉන් අපට එහි සැකසුම් පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. කිසිම කැණීමකින් හෝ හානි කිරීමකින් තොරව මේ තාක්ෂණය මඟින් අපිට පැරණි ගොඩනැගිලි, පොකුණු වගේම උඳුන් වගේ දේවල් පවා වෙන්කර හඳුනාගන්න පුළුවන් වුණා.”

කැළණිය විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම පර්යේෂණය යටතේ සිදුකෙරන මෙම ස්කෑන් පරීක්ෂණ ලබන 26 වැනිදායින් අවසන් කෙරෙනවා.

ජුලි මාසයේදී එහි දෙවැනි (2) කැණීම් ආරම්භ කිරීමට නියමිතයි.

+


‘ඊ සිගරට්’ ගැන අවධානයෙන් සිටින ලෙසට දෙමාපියන්ට උපදෙස්

(23.02.2024 – 23:17 +0530 – hirunews.lk/sinhala)

විවිධ පළතුරු සුවඳ වහනය වන පරිදි නිපදවා ඇති ‘ඉලෙක්ට්‍රික් දුම්වැටි’ හෙවත් ‘ඊ සිගරට්’ භාවිතය සඳහා පාසල් ළමයින් වැඩි වශයෙන් හුරුවී ඇති බැවින් ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය ප්‍රකාශ කළා.

එසේම අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය පවසන්නේ, ‘ඊ සිගරට්’ තුළ ‘නිකොටින්’ නමැති ඇබ්බැහිකාරකය ඇති බැවින් පාසල් දරුවන්ට අලෙවි කිරීම සපුරා තහනම් බවයි.

මේවා ඔන්ලයින් ක්‍රමය හරහා සහ විවිධ ක්‍රම මගින් පාසල් දරුවන්ට අලෙවි කිරිමට කටයුතු කරන අතර, ඒ හරහා ඔවුන්ගේ පෙනහළුවල සිට මොළය දක්වා සෛල විනාශ වී විකෘතිතාවයන්ට පත්විය හැකියි.

එවැනි පසුබිමක රුපියල් ලක්ෂ 30 ක වටිනාකමකින් යුත් ‘ඉලෙක්ට්‍රික් දුම්වැටි’ තොගයක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයෙදී පුද්ගලයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී ‘ස්මාර්ට් වොච්’ ආකාරයට සකස් කළ ‘ඉලෙක්ට්‍රික් දුම්වැටි’ කිහිපයක්ද සොයාගත් බවයි සුරාබදු නිලධාරීන් සඳහන් කළේ.

කලක පටන් සැකකරු මෙම ජාවාරම Online මාර්ගයෙන් සිදුකර ඇති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ‘ඉලෙක්ට්‍රික් දුම්වැටි’ වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ පාසල් ළමයින් සහ තරුණ තරුණියන් අතර බවයි.

මෙම එක් ඉලෙක්ට්‍රික් දුම්වැටියක දුම්වාර 50,000 ක් 60,000 ක් අතර ප්‍රමාණයක් අන්තර්ගත වන බවයි සුරාබදු නිලධාරීන් පවසන්නේ.

ලෝකයේ පුරා රටවල් රැසක් ‘ඊ සිගරට්’ භාවිතය තහනම් කර ඇත්තේ ඒ හරහා සිරුරට සිදුවන අන්තරායක බලපෑම සැලකිල්ලට ගනිමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *