වෙඩි තැබීම්, මිනී මැරුම් කළ අය අතරින් එක් පුද්ගලයෙකු හැර අන් සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා – මහජන ආරක්ෂක ඇමති

වෙඩි තැබීම්, මිනී මැරුම් කළ අය අතරින් එක් පුද්ගලයෙකු හැර අන් සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා – මහජන ආරක්ෂක ඇමති


වෙඩි තැබීම්, මිනී මැරුම් කළ අය අතරින් එක් පුද්ගලයෙකු හැර අන් සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා – මහජන ආරක්ෂක ඇමති

(21.02.2024 – 21:07 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී ඩෙඩි තැබීම්, මිනී මැරුම් කළ අය අතරින් එක් (1) පුද්ගලයෙකු හැර අන් සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ දක්වා යුක්තිය මෙහෙයුම තුළින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7 ඉක්මවන බවයි.

+

+

+

+


බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට මෙහෙයවන හෙරොයින් ජාවාරමක්

(21.02.2024 – 20:58 +0530 – hirunews.lk/sinhala)

රාගම මහබාගේ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ අද (21) උදෑසන සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් මියගියේ ‘වැල්ලේ සාරංග’ ලෙස හඳුන්වන පාතාල කල්ලි නායකයාගේ මස්සිනා වන ‘දොන් සුජිත්’ නමැත්තායි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ‘ඩුබායි නිපුන’ගේ පාර්ශ්වය විසින් බවද හෙළිවී තිබෙනවා.

රාගම – මහබාගේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අළෙවි කරන වෙළෙඳ සැලක් තුළදී අද (21) පෙරවරු 07:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබු බව පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි වෙළඳ සැල් සේවකයෙක් තුවාල ලැබු අතර, ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබෙනවා.

මියගොස් තිබුණේ කදාන බටගම ප්‍රදේශයේ පදිංචි ‘හෙට්ටිආරච්චිගේ දොන් සුජිත්’ හෙවත් ‘උක්කුවා’ ලෙස හදුන්වන පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා ‘වැල්ලේ සාරංග’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මස්සිනා බව හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම මෙම වෙඩි තැබීම දැනට විදේශ ගතව සිටින ‘ඩුබායි නිපුන’ගේ මෙහෙයවීම මත සිදුව ඇති බවටද පොලිසිය සැකකරනවා.

පසුගිය 16 වැනිදා මෝදර ලෙල්ලමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබු අතර, එහි චෝදනාව එල්ල වුණේ ‘වැල්ලේ සාරංග’ නමැත්තාටයි.

‘ඩුබායි නිපුන’ගේ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයෙකු එම වෙඩි තැබීමේ ඉලක්කය වි තිබු බවත්, ඊට පළිගැනීමක් වශයෙන් ‘ඩුබායි නිපුන’ගේ පාර්ශ්වය විසින් ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනාට මෙලෙස වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරනවා.

+

මේ අතර, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට මෙහෙයවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරමේ නිරත ‘අක්කා’ නමින් හඳුන්වන කාන්තාවක් සහ ඇගේ සැමියා අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වි ඇත්තේ එම කාන්තාව බූස්ස බන්ධනාගාරයේ සිටින ‘රැවුල් කුමාර’ හෙවත් ‘මහින්ද කුමාර’ නමැති පුද්ගලයා සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.

මේ එම කාන්තාව බන්ධනාගාරයේ සිටින අදාළ පුද්ගලයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක හඩ පටයක් :

+


හිමිකරුවෙක් නොමැති මල්වානේ පිහිටි සුඛෝපභෝගී නිවස

(21.02.2024 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද ‘මල්වාන නිවස’ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට අද (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී.

2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළ හෙයින් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම රජයට පවරා ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

+


අවශ්‍යව සිටි සැකකරුවන් 13 දෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට

(21.02.2024 – 19:12 +0530 – sinhala.adaderana.lk)

මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග පවසයි.

ඒ අතර බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් කියන ‘ඌරගහ මයිකල්’ නැමැත්තා ද සිටින බව වාර්තා වේ.

මේ අතර, මීට වසර 10 කට පමණ පෙර බොරැල්ල ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අපරාධකරුවකු වන ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට (4) පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ කිහිපයක් බොරැල්ල පොලීසිය භාරයේ තිබිය දී අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර ඇත.

එම නඩුව ලබන මැයි 06 වනදා දක්වා කල්තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු සහ හත්වන (7) සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කර තිබේ.

2014 වසරේ අගෝස්තු පළමු වනදා (01) ‘හෙට්ටිආරච්චිගේ දුමින්ද’ හෙවත් ‘චානක’ නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ ‘දෙමටගොඩ චමින්ද’, ‘එස්.එෆ්. සරත්’ ඇතුළු සිව් දෙනෙකුට (4) නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි ෴


කඩුවෙල අධිකරණයෙන් දුන් නියෝගය හෝමාගමින් වෙනස් කරයි

(21.02.2024 – 18:08 +0530 – sinhala.adaderana.lk)

‘වැලිවිට සුද්දා’ නමැත්තාට අයත් බව කියන රථ වාහන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (21) දින නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් යළි අයිතිකරුවන්ට භාරදෙන ලෙස නියෝග කරන ලද රුපියල් කෝටි 10 ක් පමණ වටිනා රථවාහන ය.

‘යුක්තිය මෙහෙයුම’ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් මෙවා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන මාස 02 කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින රුපියල් කෝටි 10 ක් පමණ වටිනාකමකින් යුත් රථවාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත යළි ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඉකුත් 16 වනදා නියෝග කර තිබුණි.

එම නියෝගය මත අදාළ රථවාහනවල ලියාපදිංචි අයිතිකරුවන් විසින් අදාල රථවාහන මුදාගෙන රැගෙන ගොස් තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් අද (21) දින හෝමාගම මහාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් අදාළ රථවාහන මිලදී ගැනීම සඳහා වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට එවායේ ලියාපදිංචි අයිතිකරුවන් බව කියන එච්.එම්. හීන්මැණිකේ යන අය අපොහොසත් වී ඇති බව දැනුම්දුනි.

මෙම රථවාහන නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සාක්ෂි ලැබී ඇති බවත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රැගෙන ගිය අදාළ රථවාහන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත යළි භාරදෙන ලෙස මහාධිකරණය මගින් නියෝග කළේය.

කඩුවෙල පොලීසිය මගින් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන ‘මළලගේ සුදත් කිත්සිරි’ නොහොත් ‘වැලිවිට සුද්දා’ නමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන ‘එච්.එම්. හීන්මැණිකේ’ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ 05 ක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබාදීමට කටයුතු කර තිබුණි ෴


මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

(21.02.2024 – lankadeepa.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් (70%) පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් අද (21) ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසුවේ සාමාන්‍ය මිනිස්සුන්ට රුපියල් සීයක් දෙසීයක් වැඩි කරන්න ගියාම මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශය අය පට්ට විදියට විරුද්ධ වෙන බවයි.

එහෙම කරන අය ඒගොල්ලන්ට ලක්ෂ ගණනින් බෙදාගෙන ඇති බවත් මෙය මහා අපරාධයක් බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තු බලය පාවිච්චි කර සැමට සාධාරණයක් කරන්න යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

“ඒ අයගේ පඩි වැඩි කරගන්න හැකියාව තියෙන්නෙ මොන පනතෙද. මට පෙන්නන්න වගන්තිය. සියයට 70 කින් පඩි වැඩිකරගෙන තියෙනවා. එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවලා මේ ගැන අහන්න ඕන.”

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා :

“මේ ගැන පාර්ලිමේන්තු බලතල අනුව කටයුතු කරන්න පුළුවන් මුදල් කාරක සභාවට කැඳවන්න පුළුවන්. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ.

මේ ආර්ථික වැඩපිළිවෙලට මුදල් අමාත්‍යාංශය වගේම මහා බැංකුව විශාල දායකත්වයක් දැක්වූවා. මහා බැංකුවේ අනූ දෙනකු (90) පිටරට ගිහිල්ලා. ඒ අය රඳවා ගන්න අපිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා.

ජනතාවට අමාරුම යුගය අපි පහු කරනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගන්න වෙලා තියෙන්නෙ බදු වලින්. රාජ්‍ය ආදායම ශක්තිමත් කරන්නේ කවුරුන් වෙනුවෙන්ද. මළ ගෙදර සූදු කෙලින්න ලෑස්ති වෙන්න එපා.”

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *