පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි

පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි


පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි

(21.02.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා.

මීට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නද එය ක්‍රියාත්මක මට්ටමක පැවතියේ නැහැ.

ඒ අනුවයි උදය ගම්මන්පිල විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇත්තේ ෴

++++++++

+

37 වසරකට පසු පළාත් සභාවෙන් පොලිස් බලතල ඉවත් කිරීමේ සූදානමක්පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂාවක් සූදානම් (15.02.2024)

+


මීගොඩ ආර්ථීකයේ මුදල් කොල්ලයට තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(21.02.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ තරුණියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොඩගම සහ හෝමාගම ප්‍රදේශවල දී ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32 සහ 45 ක් වයසැති දෙදෙනෙක්.

මොවුන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

ඒ අනුව මෙම සිද්ධියට මේ වනවිට 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 12 වනදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) එහි වෙළඳසැලක සිටි තරුණියකට වෙඩි තබා රුපියල් 45,000 කට වැඩි මුදලක් පැහැරගෙන තිබුණා ෴


විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

(21.02.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

උඳු, මුංඇට, කව්පි, මෙනේරි, බඩඉරිගු සහ කුරක්කන් ආනයනයට අදාළව විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ද්‍රව්‍ය ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය මත පමණයි සිදුකළ හැකි වන්නේ.

ඒ අනුව, කුරුට්ට ඉවත් කළ පියලි කළ හෝ පියළි නොකළ මෙන්ම ඕනෑම උඳු වර්ගයක් ආනයනයේදී කිලෝග්‍රෑමයකට රුපියල් 300 ක බද්දක් පනවා තිබෙනවා.

මුංඇට, කව්පි, මෙනේරි මෙන්ම සියලුම වර්ගවල බීජ කුරක්කන් සඳහා ද රුපියල් 300 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති බද්ද රුපියල් 25 ක්. ඊයේ (20) දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මකයි ෴


අනියම් පෙමක් නිසා 5 දෙනෙකු රෝහලට

(21.02.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ඒහිදී තියුනු ආයුධවලින් පහරදීම් සිදුකරන ලද පුද්ගලයින් 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි රාමනාදපුරම් පොලීසිය පවසන්නේ.

කල්මඩු නගර් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ එක් පාර්ශවයක් අතර සිටි කානත්වක් අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇතැයි පවසමින් ඇති වූ බහින්බස් වීමත් සමඟයි.

එම බහින්බස් වීමට පුද්ගලයින් දෙදෙනෙකු (2) ද මැදිහත් වී ඇති අතර අනතුරුව මෙම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් අනෙක් පාර්ශවයේ පිරිමින් විසින් තියුණු ආයුධවලින් පහර දී පලාගිය බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී බරපතල කැපුම් තුවාල සහිතව කාන්තාවන් තිදෙනෙකු (3) හා පිරිමින් දෙදෙනෙකු (2) කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ අතර ඉන් දෙදෙනෙකුගේ (2) තත්වය බරපතල වූ හෙයින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්හි පසුවන පිරිමින් දෙදෙනෙකු (2) හා අවුරුදු 28, 30 සහ 50 වයස්හි පසුවන කාන්තාවන් තිදෙනෙක් (3).

පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් කිලිනොච්චිය සහ වට්ටකච්චි ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් තිදෙනෙකු (3) සැකපිට අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


අනුරාධපුරයේ පාසල් දරුවන් අතරින් සියයට 60 කගේ පෙනීම දුර්වලයි

(21.02.2024 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 60 කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා පවතින බව අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම දරුවන් බොහෝ දෙනෙකු ඇස් කන්නාඩි ලබා ගැනීමට නොහැකිව සිටින බවයි අක්ෂි රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න පෙන්වා දුන්නේ.

අක්ෂි විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධාන කළ ඇස්පෙනීමේ දුර්වලතා ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනකදී ඇය මේ බව සඳහන් කළා ෴


මහකනදරාව ගොවීන්ගේ මැසිවිල්ල

(21.02.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇතත් එම අස්වනු මිලදී ගැනීම සඳහා රජය මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවට මිහින්තලේ – මහකනදරාව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

අක්කර 8500 ක පමණ ප්‍රදේශයක මේ වනවිටත් අස්වනු නෙළා අවසන් කරමිනුයි පවතින්නේ.

එහෙත්, එම වී අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් පීඩාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා ෴


දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

(21.02.2024 – 16:33 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාතේ හා ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (22) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර වැඩබිම්වල සෙවණ ඇති ස්ථානවල හැකි පමණ රැදී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර මෝටර් රථ තුළ තනිවම කුඩා ළමුන් රඳවා නොතබන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් හැකි සෑම අවස්ථාවකම භාවිත කරන ලෙසයි ෴


‘ජාතික ජන බලවේගයේ’ (NPP) ලියාපදිංචිය නීතිවිරෝධී බවට මෝසමක්

(21.02.2024 – 17:25 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිසම විසින් ‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

මෙම මෝසම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (21) කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ‘නීතීඥ නාගානන්ද කොඩිතුවකු මහතා’ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස නියෝග කෙළේය.

‘විනිවිද පෙරමුණ’ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.

එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ‘ජනතා විමුක්ති පෙරමුණේ’ කොටසක් වන ‘ජාතික ජන බලවේගය’ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත ෴

++++++++++

From

මාලිමා නායකයාගේ (අනුර දිසානායක/ අනුර කුමාර දිසානායක) මැතිවරණ වංචා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කිරීම, මැතිවරණ වලදී අයුතු වාසි ලබා ගැනීමට මහින්ද දේශප්‍රිය සමග කුමන්ත්‍රණය කර තම නම පවා වෙනස් කර නීති විරෝධීව පක්ෂ දෙකක් (2) ලියාපදිංචි කර පක්ෂ දෙකේම (2) නායකයා ලෙස පෙනී සිටීම, සම්බන්ධ නඩුව අද (21) විභාගයට කැදවන ලද අතර එය විභාගයට ගැනීම ලබන මාර්තු 04 වන දිනට අද (2024.02.21)දින කල් තැබිණ.

+

+


රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන අධිකරණ නියෝගයක්

(21.02.2024 – 15:49 +0530 – sinhala.adaderana.lk)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 03 හැවිරිදි දරුවෙක් වකුගඩු සැත්කමකින් අනතුරුව මිය යාමේ සිද්ධිය මිනීමැරුමක් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ විමර්ශනයක් පවත්වා නොමැති බවත් ය.

මෙම පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් මියගිය දරුවා වකුගඩු දෙකක් (2) සහිතව රෝහල්ගත වූ බවත් සැත්කමෙන් පසුව එම වකුගඩු දෙකම (2) ඉවත් කර තිබෙන බව චෝදනා කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරු විදේශ රටකට පළාගොස් ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා, මෙය සම්පූර්ණයෙන්ම මිනීමැරුමක් බවත් කියා සිටියේය.

මීට අදාළව තම සේවාදායකයින් පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළත් පොලීසිය මේ දක්වා විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙහිදී බොරැල්ල ‍පොලීසියේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන්නේ නම් සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන බවය.

මෙවැනි විමර්ශනයක් සිදුකිරීම සඳහා අධිකරණ නියෝගය අවශ්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් පොලීසියට නියෝග කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *