සෞදි රියාල් කෝටි 180 ක් මෙරට බැංකු­ව­ලට එවලා – අධි­ක­රණයට වාර්තා­වක් දෙන්නැයි බැංකු, මූල්‍ය සමා­ගම් 15 කට නියෝග

සෞදි රියාල් කෝටි 180 ක් මෙරට බැංකු­ව­ලට එවලා – අධි­ක­රණයට වාර්තා­වක් දෙන්නැයි බැංකු, මූල්‍ය සමා­ගම් 15 කට නියෝග


සෞදි රියාල් කෝටි 180 ක් මෙරට බැංකු­ව­ලට එවලා – අධි­ක­රණයට වාර්තා­වක් දෙන්නැයි බැංකු, මූල්‍ය සමා­ගම් 15 කට නියෝග

(20.02.2024 – dinamina.lk)

සෞදි අරා­බියේ සංවි­ධා­නා­ත්මක කප්පම් කල්ලි සාමා­ජි­ක­යන් පිරි­සක් විසින් නීති විරෝ­ධීව උප­යා­ගත් සෞදි රියාල් කෝටි 180 කට අධික මුද­ලක් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධ­ති­යට බැර ­කර ඇතැයි කියන බැංකු හා මූල්‍යා­ය­තන 60 ක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙරට ප්‍රධාන රාජ්‍ය හා පෞද්ග­ලික බැංකු හා මූල්‍යා­ය­තන 15 කට නියෝග කළේය.

මෙලෙස නියෝග නිකුත් වූයේ මහ­ජන බැංකුව, ජාතික ඉති­රි­කි­රීමේ බැංකුව, ලංකා බැංකුව, කොම­ර්ෂල් බැංකුව, අමානා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, හැටන් නැෂ­නල් බැංකුව ඇතුළු මෙරට ප්‍රධාන පෞද්ගල, රාජ්‍ය බැංකු සහ මුල්‍යා­ය­තන 15 ක ප්‍රධාන මෙහෙ­යුම් කළ­ම­නා­ක­රු­වන් වෙතය.

මෙම සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි සාමා­ජි­ක­යන් අදාළ මුදල් මෙර­ටට එවා ඇත්තේ මෙරට විවිධ ව්‍යාපා­රි­ක­යන්ට අයත් බැංකු ගිණු­ම්ව­ලට වීම හේතු­වෙන් එම බැංකු ගිණුම් හිමි­යන් කවු­රුන්ද යන්න සම්බ­න්ධ­යෙන් ද විම­ර්ශ­නය කරන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සෞදි අරාබි රාජ්‍යයේ තානා­පති කාර්යා­ලයේ අන්ත­ර්ජා­තික සහ­යෝ­ගිතා චෝදනා ඉදි­රි­පත් කිරීමේ අංශයේ ප්‍රධා­නියා විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙත කරනු ලැබ­තිබූ පැමි­ණි­ල්ල­කට අනුව පොලි­ස්පති නිය­ම­යෙන් අදාළ විම­ර්ශ­නය ආරම්භ කළ බව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන අංශය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණි. මේ වන විට සෞදි රාජ්‍යයේ රහස් පොලි­සිය සිදු­ක­රන ලද විම­ර්ශ­න­ය­කට අනුව එරට මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පන­තට අනුව අත්අ­ඩං­ගු­වට ගෙන එරට බන්ධ­නා­ගාර ගත කර සිටින ‘යූෂස් එයිඩ් කාල්ෆ් අල­තාෆ්’ සහ ‘බසාම්’ නමැති සැක­ක­රු­ව­න්ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදී මෙම මුදල් ගනු-දෙනු සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණය වී ඇති බවත් ඔවුන් එරට ප්‍රධාන පෙළේ සංවි­ධා­නා­ත්මක කප්පම් කල්ලි­යක ප්‍රබල සාමා­ජි­ක­යන් බවත් එම පැමි­ණිල්ලේ සඳ­හන්ව තිබූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

මේ වන විට සෞදි අරා­බියේ බන්ධ­නා­ගාර ගත කර සිටින එම සැක­ක­රු­වන් එරට විවිධ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් මහා පරි­මා­ණ­යෙන් ලබා­ගත් කප්පම් මුදල් සෞදි රියාල් කෝටි 160 කට අධික මුද­ලක් මෙරට බැංකු පද්ධ­ති­යට එවා ඇතැයි ද අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ සැක­ක­රු­වන් නීති­වි­රෝ­ධීව උප­යා­ගත් බව කියන එම සෞදි රියාල් 17,724,209.70 ක මුදල මෙරට මුද­ල්ව­ලින් රුපි­යල් කෝටි 180 කට අධික බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වන බැංකු වාර්තා ඇතු­ළත් සවි­ස්තර වාර්තා අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලෙසට අදාළ බැංකු හා මුල්‍යා­ය­ත­න­ව­ලට නියෝග කර­මින් නඩුව බහා තැබීය ෴


කොළඹ 7 ව්‍යාපාරික කතගේ නිරු­වත් ඡායා­රූප ගෙන බිය­ කර රුපි­යල් ලක්ෂ 25 ක් අරන් – නිවෙසේ සේව­ක­යාට නඩු

(20.02.2024 – dinamina.lk)

කුරු­දු­වත්ත ප්‍රදේ­ශයේ පන­ස්පස් (55) හැවි­රිදි කෝටි­පති ව්‍යාපා­රි­කා­ව­කගේ නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මාර්ග­යෙන් විවිධ පුද්ග­ල­යන් වෙත යොමු­ක­රන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25 ක මුද­ලක් බලෙන් ලබා­ගත් එම නිවසේ සේවය කළ සේව­ක­ය­කුට එරෙ­හිව කුරු­දු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (19) නඩු පැව­රීය.

මෙම සිද්ධි­යට අදා­ළව නිති­ප­ති­ව­ර­යා­ගෙන් ලද උප­දෙස් ප්‍රකා­රව අධි­ක­ර­ණය හමුවේ නඩු­ප­ව­රනු ලැබුවේ කුරු­දු­වත්ත පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආලෝක බණ්ඩාර සේනා­නා­යක මහතා විසිනි. ඒ අනුව මෙලෙස නඩු පව­රනු ලැබුවේ නො. 483/12, කිරි­ම­ණ්ඩල මාවත, නාරා­හේ­න්පිට, කොළඹ 05 පදිංචි ‘පල්ලි­යගේ දොන් අජිත් ප්‍රියන්ත’ (45) නමැ­ත්තා­ටය.

තම නිවසේ සේව­යට පැමිණී චුදිත සමඟ තමන් ප්‍රේම සම්බ­න්ධ­තා­වක් පැවැත්වූ බවත් පසුව ඔහු තමන්ගේ ඡායා­රූප රැගෙන මෙලෙස තර්ජ­නය කර බලෙන් මුදල් ලබා­ගත් බවත් පැමි­ණී­ලි­කා­රිය සිය පැමි­ණී­ල්ලෙන් දක්වා ඇතැයි කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම සිද්ධියේ උදෘත නිති­ප­ති­ව­රයා වෙත යොමු­කළ බවත් එහි­දී­නි­ති­ප­ති­ව­රයා චුදි­තට එරෙ­හිව නඩු පව­රන ලෙසට උප­දෙස් ලබා දී ඇති බව්ත කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මගින් විව­ධ­පු­ද්ග­ල­යන්ට පෙන්වන බවට සහ එම ඡෘයා­රෑප ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25 ක මුද­ලක් බලෙන් ලබා­ගැ­නීම, සාප­රාධී බිය ගැන්වීම සහ ලිංගික හිරි­හැර කිරීම යටතේ ලංකා දණඩ නිති සංග්‍ර­හයේ 373, 486 සහ 345 වගන්ති ප්‍රකා­රව චුදිට එරෙ­හිව චෝදනා තුනක් යටතේ නඩු පව­රන බව කුරු­දු­වත්ත පොලි­සියේ අධි­ක­රණ අංශයේ පොලි­ස්සැ­ර­යන් 18680 සමන් රාජ­පක්ෂ මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව කැදැවූ අව­ස්ථාවේ දී අධි­ක­ර­ණය විසින් චුදි­තට එරෙහි චෝදනා තුනක් (3) කියවා දෙනු ලැබූ අතර, එහි දී තමන් එම චෝදනා සම්බ­න්ධ­යෙන් නිවැ­රදි කරු බව චුදිත සඳ­හන් කළේය. ඒ අනුව නඩුව ලබන මාර්තු මස 25 වැනිදා තෙක් කල් තැබූ අධි­ක­ර­ණය පැමි­ණීල්ලේ පළමු, දෙවැනි සහ තුන්වැනි සාක්ෂි­ක­රු­වන්ට සිතාසි නිකුත් කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය ෴


අප­රි­ක්ෂා­කා­රීව රිය පදවා හසු වූ පුද්ග­ල­යෙක් පොලිස් මුර­කු­ටිය බිම පෙරළා යකා නටලා

(20.02.2024 – dinamina.lk)

අප­රි­ක්ෂා­කා­රීව රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරී­මට යාමේදී යතු­රු­පැ­දි­යක් මහ මඟ දමා පලා ගිය පැදි­ක­රු­වෙකු පසුව එම ස්ථාන­යට පැමිණ පොලිස් මුර­කු­ටි­ය­කට පහ­රදී එම මුර­කු­ටිය බිම පෙරළා හානි කිරී­මක් සම්බ­න්ධ­යෙන් කිලි­නො­ච්චිය පොලි­සිය විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර තිබේ.

මෙම සිදු වීම වී ඇත්තේ පෙරේදා (18) සවස් කාල­යේදී පර­න්තන් හන්දියේ දීය.

පර­න්තන් හන්දියේ පිහිටි මුර­කු­ටියේ සේවයේ නිරත පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු (2) පෙරේදා (18) සවස අප­රි­ක්ෂා­කා­රීව මහ මඟ ධාව­නය වෙමින් තිබුණු යතු­රු­පැ­දි­යක් නතර කිරී­මට සංඥා­කර ඇත්තේ නීතිය ක්‍රියා­ත්මක කිරීම සඳ­හාය. එම අව­ස්ථා­වේදී පැදි­කරු යතු­රු­පැ­දිය මහ මඟ දමා පලා ගොස් ඇති බව පොලි­සිය කියයි. පොලිස් නිල­ධා­රීන් දෙදෙනා (2) එම යතු­රු­පැ­දිය රැගෙන ගොස් කිලි­නො­ච්චිය පොලිස් ස්ථාන­යට ඉදි­රි­ප­ත්කර නැවත මුර­කු­ටිය වෙත පැමි­ණෙන විට පැදි­කරු මුර­කු­ටි­යට පහ­රදී බිමට පෙරළා හානි­කර තිබී ඇත ෴


මීවණපලානේ වේසිපුත්‍රයාගේ සත්‍ය කතාව | කස්සප හාමුදුරුවෝ අනාවරණය කරයි (19.02.2024)

https://www.youtube.com/watch?v=cEbVcMuBjgo

+


සපත්තු වවුචරය කඩයට විකුණලා තාත්තා කසිප්පු බීලා

(21.02.2024 – 07:38 +0530 – hirunews.lk/sinhala)

සපත්තු වවුචරය කඩයට ලබා දී පියෙකු විසින් එම මුදල්වලට කසිප්පු පානය කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශ‍යෙන් වාර්තා වෙනවා.

සපත්තු වවුචර ලබාදී තිබියදීත් සපත්තු නොදා පාසලට පැමිණෙන දරුවන් කිහිප දෙනකු කැඳවා ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීමකදී දරුවෙකු විසින් මේ පිළිබඳව පවසා තිබෙනවා.

එමෙන්ම තවත් දෙමාපියන් කිහිප දෙනෙකු එම සපත්තු වවුචරය විකුණා අල, පරිප්පු ආදිය නිවසට ගෙන ඒමට කටයුතු කර ඇති බවටත් මෙහිදී අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

සපත්තු වවුචර ලබාදී සපත්තු අනිවාර්ය කර තිබුණ ද එම දරුවන් විටින් විට පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සිදු කළ සොයා බැලීමක දී මෙම කරුණ අනාවරණය වූ බවයි තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දරුවන්ගේ දෙමාපියන් මතට ඇබ්බැහිවීම වැඩි වී ඇති අතර පාසල අවට මෙන්ම ප්‍රදේශය පුරා ව්‍යාජ මත්පැන්හල් දිනෙන් දින වැඩිවෙමින් පවතින බැවින් ඉන් දරුවන් ආරක්‍ෂා කර ගැනීමද ගැටලුවක් වී ඇති බවයි ෴


කාන්තාවන් ගෘහ සේවයට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය යෝජනාවලියක්

(21.02.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට කාන්තාවන්, ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සකස් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුම්දී තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකදියි.

ඒ අනුව වසර 10 ක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියාවන් සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් අදාළ යෝජනාවලිය සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ෴


රාගම වෙඩි තැබීමෙන් අයෙක් මරුට

(21.02.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

රාගම – මහබාගේ – ඇලපිටිවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිදුවූ වෙඩි තැබීම සිදු කර ඇත්තේ පසුගිය 16 වනදා රාත්‍රියේ මෝදර ලෙල්ලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තැබීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බවට පොලීසියට අනාවරණ වී තිබෙනවා.

මහභාගේ ඇලපිටිවලදී අද (21) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනා වන කඳාන – බටගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ‘දොන් සුජිත්’ නැමත්තෙක්.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

ඒ මියගිය පුද්ගලයා ඔහුට අයත් ඌරුමස් වෙළඳසැලක් තුල රැඳී සිටියදීයි.

+

https://www.youtube.com/watch?v=qKBtmhr8kvQ

+


රිය අනතුරින් 24 හැවිරිදි තරුණ කථිකාචාර්යවරිය ජීවිතක්ෂයට

(21.02.2024 – 09:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ දී ලොරි රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ‘ලක්මිණි බෝගමුව’ නමැති 24 හැවිරිදි කථිකාචාර්යවරියක්.

ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරුවීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී තිබෙනවා.

ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 වැනි පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී සිදුකර, අවසන් කටයුතු අද (21) සවස 05:00 ට තලවතුගොඩ, වැලි පාර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඇය පිළිබඳව මුහුණු පොතේ තැබූ සටහනක් පහතින් :

“2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යව වෙච්ච ලස්සන ගෑනු ළමයා කවුද කියල එදා හැමෝම කතා වුණා. හැමදේටම දක්ෂ ඔයා කොහොමද මේ විදියට අපිව තනි කරලා ගියේ ?”


උබලා මොනවද මේ ලංකාවට කරලා තියෙන්නේ | බිලියන ගානක දාපු සෙල්ලමක් මාට්ටු | මෙන්න ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව (21.02.2024)

+


මල්ලි මහණවෙලා මාස 3 කින් අයියත් මහණවුණේ ඇයි? සිඳු පොඩි හාමුදුරුවො සැබෑවට මහණවීමේ කතාවෙ ඇත්ත පැත්ත (21.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *