සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි

සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි


සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි

(19.02.2024 – 10:54 +0530 – sinhala.adaderana.lk)

රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරිනියකගෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට මාසයකට පමණ ඉහතදීය.

ඉන් කියැවුණේ සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරව ඇතුළු වී ඇති බවත් එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවත්ය.

රජයේ නිලධාරිනිය සිය සැමියා වෙනුවෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දැරූ සැමියා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතව සිටි බැවිනි.

ඇයගේ පැමිණිල්ල භාරගත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඊට අදාළ විමර්ශන ඇරඹීය.

මාසයකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් වෙහෙසවීමේ අවසාන ප්‍රතිඵලය වූයේ සමාජ මාධ්‍ය උපයෝගීක කරගනිමින් මහා පරිමාණයෙන් කළ ජාවාරමක් පිළිබඳ හෙළිදරව් කරගැනීමට හැකිවීමය.

රජයේ නිලධාරිනියගේ පැමිණිල්ලට අනුව ඇයගේ සැමියාගේ Gmail, WhatsApp සහ Facebook ආදි සියලු ගිණුම් නන්නාඳුනන අයකුගේ සන්තකයට පත්වී තිබිණි.

ඇයගේ පැමිණිල්ල අනුව විමර්ශන ඇරඹූ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වංචනිකයන් හඳුනාගැනීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කර ඇත.

එහිදි අනාවරණය වූ කරුණු මත කඩවත, වෑබඩ පදිංචිකරුවකු සහ ඔහුගේ ගෝලයකු සැකපිට එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු බවද අනාවරණය වී ඇත.

කලක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ ජාවාරමක සුලමුල හෙළිවූයේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරිනියගේ සැමියාගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයෙන් දුටු සැකකරුවන් ඔහු උසස් රැකියාවක නිරත වන අයකු බව අනුමාන කර ඇත.

එපමණක් නොව ඔහුගේ බැංකු ගිණුම්වල මුදල්ද වැඩිපුර ඇතැයි සිතා ඔහු ගැන තවත් තොරතුරු සෙවීම ද අරඹා තිබිණි.

පෞද්ගලික තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවි වලින් ඔහු පිළිබඳව තොරතුරු ලබාගෙන ඇති සැකකරුවන් පළමුව පැමිණිලිකාරියගේ සැමියාගේ විද්‍යුත් තැපැල් ගිණුමට රහසිගතව ඇතුළු වීමට උත්සාහ දරා ඇත.

ගිණුම්හිමියාගේ ගිණුමට ඇතුළුවීමේදී ලැබෙන ආරක්ෂිත පණිවුඩය ලද සැනින් මේ බව දැනගත්තත් හෙතෙම සිය බැංකු ගිණුමේ වූ මුදල් වෙනත් ගිණුමකට බැර කර තිබේ.

පසුව සැකකරු පැමිණිලිකාරියගේ සැමියාගේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වී අනතුරුව බැංකු ගිණුමටද ඇතුළු වී තිබිණි.

එහෙත් සැකකරුට පෙර ගිණුම්හිමියා ඉක්මන් වූ බැවින් ඔහුගේ ගිණුමෙන් වංචනිකව ලබාගැනීමට හැකිව ඇත්තේ රුපියල් 550 ක් පමණි.

මේ අතර ගිණුම් හිමියාගේ WhatsApp ගිණුම ද හිටිහැටියේ ක්‍රියාවිරහිත වී තිබිණි.

මෙම ගිණුම්හිමියාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයෙන් ලබාගෙන ඔහුගේම තොරතුරු ඇතුළත් කර ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සාදා ඇති සැකකරු එය පෙන්වා සිම්පතක් මිලදී ගෙන එමගින් මෙම WhatsApp ගිණුමට සැකකරු ඇතුළු වී තිබේ.

එහෙත් ගිණුම්හිමියා අදාළ දුරකථන සමාගමට ගොස් තමන්ගේ නමින් තිබූ WhatsApp ගිණුම යථා තත්ත්වයට පත්කරගත්ත ද යළිත් වරක් මෙම සැකකරු විසින් එම WhatsApp ගිණුම තමා සන්තකයට ගෙන තිබේ.

කප්පම් මුදල් ඉල්ලා සැකකරු විසින් ගිණුම්හිමියාගේ බිරිඳට පණිවුඩ එවා ඇත්තේ ද ඒ අංකය මගිනි.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් රුපියල් පන්දහසක් (5000) වැනි මුදලකට ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම කාලයක සිටම කර ඇති බවයි.

ඉන් නොනැවතුණු ඔවුන් සමාජ මාධ්‍යයෙහි ඇති ඡායාරූප හා පෞද්ගලික තොරතුරු යොදාගෙන බැංකු ගිණුම්වලට ඇතුළු වී මුදල් ජාවාරම් කර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ දෙමහල් නිවෙසෙහි මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබිණි.

පෞද්ගලික රැකියාවක නිරතව සිට ඇති එම සැකකරු පසුව අනතුරක් හේතුවෙන් ඉන් ඉවත්ව ඇතැයි පොලීසිය පැවසීය.

සිය ආදායම් මාර්ගය අහිමිවීම හේතුවෙන් ඔහු මෙම නීතිවිරෝධී ව්‍යාපාරය ආරම්භ කර ඇති බවත් 27 හැවිරිදි තවත් පුද්ගලයකු ද ඔහුගේ සහායට සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරුගේ නිවෙසේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් 28 ක්, රියැදුරු බලපත්‍ර 32 ක්, විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප 100 ක් පමණ, අධ්‍යාපන සහතික, වැලි ප්‍රවාහන බලපත්‍ර, රබර් මුද්‍රා, රියැදුරු බලපත්‍ර ආකෘති පත්‍ර 2 ක්, ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ආකෘති 16 ක්, තාවකාලික රියැදුරු බලපත්‍ර 2 ක්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික පිටපත් 7 ක්, වාහන ආදායම් බලපත්‍ර 8 ක්, ඒටීඑම් කාඩ්පත් 8 ක්, ඒටීඑම් කාඩ්පත්වල රහස්‍ය අංක, සිම්පත් 1 ක්, බැංකු පොත් සහ ව්‍යාජ ලිපිලේඛන සෑදීමට යොදාගත් පරිගණකයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ‘අයිස්’ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූවන් වන අතර මෙම ජාවාරමෙන් උපයාගන්නා මුදලින් ඔවුන් ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇතැයි විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමපෙරුම පැවසුවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරිගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම, ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහින්ද, උප පොලිස් පරීක්ෂකවරු වන හෙට්ටිආරච්චි හා මහානාම, පොලිස් කොස්තාපල්වරු වන චතුරංග, ලක්ෂාන් සහ අවිනාශ් ඇතුළු පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකළහ ෴


මංජු නිශ්ශංක හරීන්ගේ ඇමති පට්ටන් ගලවා දමයි – කතා කියලා මදිවට පස්සෙ ඇවිත් ඒවා සුද්ද කරනවා (19.02.2024)

+

20-02-2024

Swarnavahini Ira | ඉර | 2024-02-19 | Udaya Gammanpila

+


‘Amul කිරි බීලා’ ඉන්දියාවේ ‘හුරතල් බබ්බු’ වුණු ජවිපෙ නායකයෝ කරන පාවාදීම ගැන විමල්ගෙන් සැර කතාවක්! (20.02.2024)

+

“හරීන්ගේ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතයද?” – මැතිසබය උණුසුම් කරමින් විමල් ආණ්ඩුවෙන් විමසයි! (20.02.2024)

+

රාජපක්ෂලායි, බොරළුගොඩ සිංහයොයි අද පූස්පැටව් වගේ… පොහොට්ටුවෝ 69 ලක්ෂයට ‘පස්ස’ වෙනුවට හරවන දේ… (20.02.2024)

+


ඇමති හරීන්ගේ ඉන්දීය ප්‍රකාශයෙන් සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටත් විරෝධතාවයක්

(20.02.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශට විරෝධය පළ කරමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අද (20) කොල්ලු‍පිටියේ පිහිටි සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුණා.

‘හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇමතිකමින් නෙරපනු – ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

+

+


අනවසරයෙන් ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ චෙක් ජාතික ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

(20.02.2024 – 11:49 +0530 – hirunews.lk/sinhala)

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කැමරාවක් සහිත ඩ්‍රෝනා යානයක් කල්පිටිය – කන්දකුලිය තුඩාව ප්‍රදේශයේදී ගුවන් ගත කළ 67 හැවිරිදි චෙක් ජාතික ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්දකුලිය – තුඩාව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී අදාළ විදේශිකයා එම ඩ්‍රෝනා යානාව ගුවන් ගත කර ඇති බව සඳහන්.

ස්වභාවික පරිසරය රූගත කිරීම සඳහා පමණක් කැමරාව සහිත ඩ්‍රෝනා යානාව ගුවන් ගත කළ බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අවසරයකින් තොරව චෙක් ජාතික ඉංජිනේරුවරයා රූගත කළ සියලු පටිගත කිරීම් මකා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා ෴


විශ්‍රාම යාමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව වෛද්‍ය බෙල්ලන කියයි

(20.02.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)

සුළු සේවකයින්ගේ අණසක යටතේ වෛද්‍යවරුන්ට කටයුතු කිරීමට සිදුව ඇති වාතාවරණයක් උද්ගතව ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මේ හේතුවෙන් රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේ ඵලක් නොමැති බවත්, ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යාමට සූදානම් බවත්, ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

‘ඩැට්’ දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය පසුගිය දිනවල කොළඹ ජාතික රෝහලේ ඇතුළු දිවයිනේ රෝහලවල වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වී තිබෙනවා.

මෙම වර්ජනයේ නියුතු කාර්ය මණ්ඩලයේ ක්‍රියාකලාපය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන අවස්ථා ගණනාවකදී දැඩි ලෙස විවේචනයට ලක්කළා‍.

අනතුරුව පසුගිය සිකුරාදා පස්වරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී රුක්ෂාන් බෙල්ලනව රෝහල් සේවකයින් විසින් කාර්යාල අඩස්සියට පත්කරනු ලැබුවේ, ඔහුගේ ප්‍රකාශවලට විරෝධය පළකරමින්.

+++++++++

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *