ගම්පොළ ප්‍රදේශයේ සිසුවියක ගෙන් කප්පම් ඉල්ලූ අඹුසැමි යුවල ශරීර ඇප මත මුදා හැරේ
ගම්පොළ ප්‍රදේශයේ සිසුවියක ගෙන් කප්පම් ඉල්ලූ අඹුසැමි යුවල ශරීර ඇප මත මුදා හැරේ
(19.02.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala)
ගම්පොළ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියකට පහරදී ඇගෙන් කප්පම් මුදල් ලබාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ පාසල් යන වයසේ සිට රැකියාවක නිරත වන තුරුම එම තරුණියගෙන් ඔවුන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.
ගම්පොළ උඩහේන්තැන්න මැදගොඩ පදිංචි 23 හැවිරිදි තරුණියකගෙන් පාසල් යන සමයේ සිට ඇය පාසල් ගිය බස් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳ මුදල් ලබාගෙන තිබුණා.
පසුකාලීනව ඇයට තර්ජනය කිරීමෙන් සහ බිය ගැන්වීම් හරහාද මුදල් ලබාගත් මෙම අඹුසැමි යුවළ දැරියට පහරදීම් පවා සිදුකර තිබෙනවා.
මෙම තරුණියගේ පියා සතුව බේකරියක්, සිල්ලර වෙළෙඳසැලක්, තේ වතු ඇතුළු ව්‍යාපාර කිහිපයක්ම තිබූ බැවින් මුදල් ලබා ගැනීම මොවුන් දිගටම සිදුකර ගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඇය පාසල් ගමන නිමා කර රැකියාවක නිරත වන අතරතුර ද මුදල් ඉල්ලා අඹුසැමි යුවළ දිගින් දිගටම සිදුකරන පහර දීම් හමුවේ ඇයට රෝහල්ගත වීමට සිදුවූ අතර ඒ සමඟ පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා.
එහිදී හෙළි වුණේ වසර 5 ක කාලයක් පුරා ඇය මෙම අඹුසැමි යුවළට කප්පම් ලබා දී තිබූ බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ තරුණිය ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදුන් අඹුසැමි යුවළ ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඹුසැමි යුවළ අද (19) පස්වරුවේ ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.
+
නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් පේරාදෙණි පොලීසිය වටලයි
(19.02.2024 – 22:50 +0530 – hirunews.lk/sinhala)
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති සම්බාහන මධ්‍යස්ථානයක් පේරාදෙණි පොලීසිය වටලා තිබෙනවා.
එහිදී එම සම්බාහන මධ්‍යස්ථානයේ සිට ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන වයස අවුරුදු 25, 28 සහ 30 වයසේ කාන්තාවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එහි කළමනාකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම වැටලීම සිදුකරන අවස්ථාවේදී සරසවි සිසුන් කිහිප දෙනෙකු ද එහි සිට ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
වෛද්‍ය බෙල්ලනට පාතාලේ සම්බන්ධකම් තියෙනවා – රවි කුමුදේශ් | දැන් රට කරන්න්නේ රවි කුමුදේශ් – වෛද්‍ය බෙල්ලන (19.02.2024)
+
බොරැල්ලේ වෙඩි තැබීමක්
(20.02.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 38 ක් වයසැති කොළඹ නාගලගන්වීදිය ප්‍රදේශයේ පදිංචි ‘බින්සර අමල් ප්‍රසාද් ගුණසේකර’ නමැත්තෙක්.
ඔහු පසුගිය 05 වනදා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කළා ෴
++++++++
+
+
දෛනික විදුලි ඉල්ලුම ඉහළට
(20.02.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසන්නේ ජල විදුලි බලාගාර ආශ්රිත ජල ධාරිතාව 83% ක් වන අතර, මේ දිනවල ජල විදුලි උත්පාදනය, 21% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනවා ෴
2024 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයින් 236 දෙනෙකු ඊශ්‍රායලට
(20.02.2024 – 07:17 +0530 – hirunews.lk/sinhala)
2024 වසරේ ගතවූ කාලය තුළ සාත්තු සේවයේ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් 236 දෙනෙකු ඊශ්‍රායලට පිටත්ව ගොස් තිබෙනවා.
එලෙස රැකියා හිමිවූ තවත් ශ්‍රමිකයින් 149 දෙනෙකුට ගුවන් ටිකට් පත් ප්රදානය කිරිම ඊයේ (19) සිදු කෙරුණේ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.
සාත්තු සේවයේ රැකියා හිමිවු 54 දෙනෙකුට සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා හිමිවු 95 දෙනෙකුට එහිදී ගුවන් ටිකට් පත් පිරිනැමුණා.
විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සහ රජය ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මේ වන විට 602 දෙනෙකුට කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහ 1070 කුට සාත්තු සේවයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවයි ෴
ඉන්දියාවේ ලොකු ලූනු නැවතත්
(20.02.2024 – 07:33 +0530 – hirunews.lk/sinhala)
අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ ලොකු ලූනු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
සීමිත තොග ප්‍රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල රජයන් වෙත අපනයනය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව, නැවතත් ඉන්දියානු ලොකු ලූනු මෙරටට ගෙන්වීමත් සමඟ මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන් වෙනවා ෴
දීමනා ගැන සලකා බලන්න සෞඛ්‍ය කමිටුව අද (20) රැස්වේ
(20.02.2024 – 07:39 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරුන් සදහා වැඩි කළ රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාවට සාපේක්ෂව තමන්ටද දීමනාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද (20) රැස්වනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධානත්වය දරණ මෙම කමිටුවට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයන් ද ඇතුළත්.
වෛද්‍යවරුන් සදහා වැඩි කළ රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාවට සාපේක්ෂව තමන්ටද දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් පසුගිය දිනවල වර්ජනයක් දියත්කළා.
පසුගිය 15 වනදා එම වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ වෘත්තිය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දෙන බවට දුන් එකඟතාව මතයි.
ඒ අනුව අදාළ සාකච්ඡාව ඊයේ (19) පැවති අතර එහිදී තීරණය කෙරුණේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර අද (20) සාකච්ඡා කිරීමටයි.
මේ අතර තමාට නිල වශයෙන් ස්ථාන මාරුවක් ලැබුණහොත් ඒ අනුව කටයුතු කිරීමට තමන් බැදී සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළා.
ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ.
පසුගියදා වර්ජිත සෞඛ්‍ය සේවකයින් සම්බන්ධයෙන් මොහු සිදුකළ ප්‍රකාශ හේතුවෙන් එම සේවකයින් කියා සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ තනතුරෙන් ඉවත් කළ යුතු බවයි ෴
තිදෙනෙකුට (3) මරු කැදවූ ආරච්චිකට්ටුව දුම්රිය අනතුරේ ගේට්ටු මුරකරු ගැන පරීක්ෂණයක්
(20.02.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)
ආරච්චිකට්ටුව – මයියාව දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටී එහි ගමන් ගත් මවක සහ ඇගේ දරුවන් දෙදෙනා (2) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගේට්ටු මුරකරු අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සිට නොමැති බවටයි.
කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගියේ ආරච්චිකට්ටුව අඩිප්පල ගඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තිදරු මවක් සහ අවුරුදු 08 සහ 09 යන වයස්වල පසුවන ඇගේ දරුවන් දෙදෙනා (2) යි.
මෙම දරුවන් ආරච්චිකට්ටුව හැළඹවටවන ජාතික පාසලේ දෙවන (2) සහ 4 වන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අතර මව විසින් දරුවන් යතුරුපැදියෙන් උපකාරක පන්තියකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
දරුවන්ගේ පියා ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙක් ෴
++++++++
+
පැල්මඩුල්ල දී සිදුවුණු මාරක රිය අනතුර
(20.02.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)
පැල්මඩුල්ල, නෝනගම මාර්ගයේ දී ධාවනය වූ කැබ් රථයක් පදික කාන්තාවක් දෙදෙනෙකු (2) හා ගැටී, නවතා තිබු ටිපර් රථයක ද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු පදික කාන්තාවන් දෙදෙනා (2) කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් (1) කාන්තාවක් ජිවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 48 ක වඩුගෙදර, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පොලිසිය සඳහන් කළේ තුවාල ලැබු අනෙක් කාන්තාව නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්, අදාළ කැබ් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴
විභාග ප්‍රශ්න පත්‍රයක දෙමළ දේශපලන පක්ෂ තේමා පාඨයක්
(20.02.2024 – 08:51 +0530 – hirunews.lk/sinhala)
උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා 11 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක් හා එම පක්ෂයට අදාල ඡායාරූපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පවසනවා.
‘එක රටක් ජාතීන් දෙකක්’ යන වැකිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? යනුවෙන් ප්රශ්නයේ සඳහන්ව ඇති අතර, එම වැකිය උතුරේ ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂයක තේමා පාඨය බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ එම ප්‍රශ්නයට පසු ඊළඟ ප්රශ්නය සඳහා ඡායාරූපයක් පලකොට තිබූ බවත් එම ඡායාරූපය ඉහත කී දෙමළ දේශපාලන පක්ෂයේ පක්ෂ ලාංඡනය බවයි.
එහිදී සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි ලෙස විවේචනය කරමින් මෙම ප්‍රශ්න දෙක (2) එම පක්ෂයට හිතවත් අයෙකු විසින් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කොට ඇති බවට චෝදනා නගා තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉහළ යාමත් සමඟම පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවයි වාර්තාකරු සඳහන් කළේ ෴
සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඩීසල් ටොන් 40,000ක් ලබා දෙයි
(20.02.2024 – 09:26 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වීම සඳහා ජපානය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
මෙහි අරමුණ වන්නේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් රට පුරා අඛණ්ඩව ප්‍රවාහනය කිරීමයි.
කොළඹ වරායේ ඊයේ (19) පැවති ‘ඩොල්ෆින් ජැටියේ’ පැවති උත්සවයක දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ප්රදානය නිල වශයෙන් භාර දී තිබෙනවා.
ජපන් රජය විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන නිසි ලෙස භාවිතා කිරීම සහතික කරමින් අදාළ සියලුම ක්‍රියාකාරකම් කෙරෙහි සෘජු අධීක්ෂණයක් පවත්වනු ලබන බව සෞඛ්‍ය ඇමති ප්‍රකාශකලා ෴
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
(20.02.2024 – 10:05 +0530 – hirunews.lk/sinhala)
‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ’ විධි විධානවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධනවලට යටත්ව පමණක් සරළ බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව නියෝජය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ එම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාගේ නිවේදන යටතේ පාර්ලිමේන්තුවට දැනුම් දෙමින්.
කෙසේ වෙතත් එම සංශෝධනවලින් තොරව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව නියෝජය කථානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴