‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…”

‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…”


‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…”

(18.02.2024 – sinhala.adaderana.lk)

‘දෙරණ’ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් ‘සිඳු’ ටෙලි නාට්‍යයේ ‘පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ’, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.

සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනික මතකයක් බවට පත්වූ ‘කවීෂ් විහඟ’, මේ ‘සෝරත පොඩි හාමුදුරුවන්’ගේ චරිතය හරහා රංගනයක නිරත වනවාද යන්නත් ඇතැම් අවස්ථාවල ප්‍රේ‍රක්ෂකයාට අමතකව ගොස් තිබුණි.

වයස අවුරුදු 5 හේ දී ‘සෝරත පොඩි හාමුදුරුවෝ’ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ‘කවීශ්’ වසර 5 ක්ම එම චරිතය තුළ ජීවත් වුණි.

ප්‍රේක්ෂකයා ප්‍රාර්ථනා කළේ සැබෑම ‘සෝරත පොඩි හාමුදුරනමකි’.

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි ‘කවීශ්’ අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

ඒ ‘සෝරත’ නමින් නම් නෙවෙයි.

ඒ ‘පිළියන්දල සමිද්ධිරතන’ පොඩි හාමුදුරුවෝ නමිනි.

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී ‘කවීශ් විහඟ’ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

ඒ වසර 5 ක් පුරාවට ‘සෝරත පොඩි හාමුදුරුවෝ’ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

මීට මාස තුනකට (3) ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම ‘කවීශ්’ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

+

+

+

12-12-2023

19 හැවිරිදි තරුණියට ලිංගික අතවර කළ සිසුවෙක් අත්අඩංගුවට

(19.02.2024 – 17:24 +0530 – hirunews.lk/sinhala)

19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙක්.

මෙම දෙදෙනාම (2) එකම ප්‍රදේශයක පදිංචිව සිටි ඇති අතර ආරවුලක් නිසා මෙම අතවරය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

19 හැවිරිදි තරුණියගේ මව පොලිසියට පැමිණ සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සිදුවීම සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

(19.02.2024 – 16:55 +0530 – hirunews.lk/sinhala)

අද (19) දඹුල්ලේදී පැවැත්වෙන තරගය සහ මීළඟ පන්දුවාර 20 තරගයේ ද සියළුම ප්‍රවේශපත්‍ර මේවන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළා.

එලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළත් අද (19) පෙරවරුවේදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රවේශපත්‍ර විකිණීමට කටයුතු කර තිබුණා.

එක් අයෙකුට ප්‍රවේශපත් දෙකක් (2) මෙහිදි ලබා දීමට කටයුතු කළ අතර එහිදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවැනි පන්දුවාර 20 තරගය අද (19) රාත්‍රී 07:00 ට ආරම්භවීමට නියමිතයි ෴


යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් තිදෙනෙක් (3) ජීවිතක්ෂයට

(19.02.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි වාර්තා වෙන්නේ.

එම අනතුරින් එකම පවුලේ තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මවක් සහ දරුවන් දෙදෙනා (2) යි ෴


කොස්තාපල්වරියට අතවර කළ ලිපිකරු අත්අඩංගුවට

(19.02.2024 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන පාදුක්ක මාදුලාව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්තාපල්වරිය රාජකාරී විවේකය වාර්තාකර කොළඹ සිට තම නිවස වෙත ලංගම බස් රථයෙන් යමින් සිටියදී සැකකරු මෙම ලිංගික අතවරය කර තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුව අධිකරණය වෙත ඉදරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබුණා ෴


කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම නියම කෙරේ

(19.02.2024 – 15:06 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි විත්තිකරුට අද (19) මරණ දඩුවම නියම කෙරුණා.

ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින්.

2012 වසරේ ජුලි මස 19 වනදා මෙම සිද්ධිය වාර්තා වූ අතර අද මෙලෙස මරණ දඩුවම නියම කෙරුණේ අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැත්තෙකුටයි ෴


දුම්රිය මගට බිලිවන මෙහෙණි ආරාමයේ සෝචනීය ඉරණම

(19.02.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව සිට අනුරාධපුරය දක්වා ඇති දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ධම්මික සිල්මාතාරාමය ඉවත් කිරීමේ අවදානමක් එල්ල වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ, සීලමාතාරාමයට බලපෑමක් එල්ල නොවන පරිදි දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදුකරන ලෙසයි.

ගල්ගමුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු මේ දිනවල ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් තඹුත්තේගම ධම්මික සිල්මාතාරමයේ රෝපිත බෝධීන් වහන්සේ, බුද්ධ මන්දිරය, චෛත්‍යරජාණන් වහන්සේ මුළුමනින්ම කඩා ඉවත් කිරීමට සිදුවන බවට දුම්රිය බලධාරීන් තමන්ට දැන්වූ බවයි එහි වැඩ සිටින මෙහෙණින්වහන්සේ සඳහන් කළේ.

ගම්වාසීන් පවසන්නේ, 1993 වර්ෂයේ ඉදිකළ ධම්මික සිල්මාතාරාමය හරහා තමන්ට විශාල ආගමික සේවාවක් සිදුවන බවයි.

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිල්මාතාරාමයට හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන ලෙසට ද ඔවුන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+


දේශීය කිරි නිෂ්පාදන වලට ගැසූ බද්ද නිසා මන්දපෝෂණ ගැටලු වැඩි වේවි ද?

(19.02.2024 – 14:36 +0530 – hirunews.lk/sinhala)

දේශීය කිරි නිෂ්පාදන සඳහා 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස කිරි නිෂ්පාදකයන් කළ ඉල්ලිම රජයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධර්මා වන්නිනායක කියා සිටියේ, VAT බද්ද රජයේ ප්‍රතිපත්තියක් බැවින් කිරි ගොවිපළ ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාවට කිසිදු VAT බදු නිදහස් කිරීමක් කළ නොහැකි බවයි.

බදු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රජය සඳහා නියෝග දී තිබෙන අතර එයින් ගැළවීමට ඔවුන් අපනයන වෙළඳපොළ සොයායන බව පැල්වත්ත කිරි නිෂ්පාදන ආයතනයේ සභාපති වික්‍රමනායක පවසනවා.

AIDA අවධාරණය කරන්නේ බදු පදනම පුළුල් කිරීම අරමුණු කර ගෙන වැට් බදු ඉහළ නැංවීම, කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නැංවීමේ රජයේ ඉලක්කයට පටහැනිව බවයි.

මෙමඟින් කිරි නිෂ්පාදනවල දැරිය හැකි මිලට බාධාවක් ඇති විය හැකි බවත්, පරිභෝජනය පහත වැටීමට එය හේතු විය හැකි බවත් ඔවුන් පවසනවා.

මෙරට මහජන සෞඛ්‍යය දැඩි අවදානමට කිරීමටත්, පවතින මන්දපෝෂණ ගැටලු තීව්‍ර කිරීමටත් මෙම බද්ද හේතුවිය හැකි බව වැඩිදුරත් ඔවුන් අවධාරණය කර සිටියා.

මේ අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ලාභදායී ලෙස පවත්වාගෙන යාමට මෙරටට හැකියාවක් තිබුණ ද රජයට අවශ්‍ය වී ඇත්තේ එය විකුණා මුදල් සොයා ගැනීමට බවයි එහි සභාපති වික්‍රමනායක පෙන්වා දෙන්නේ ෴


පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

(19.02.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව එම අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.

ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදුකරනු ලබන බවද එම නිවේදනයේ සඳහන්.

එසේම පාසල්වල 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරන බවද අධ්‍යාපන අමත්‍යාංශය පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම වසරේ (2024) පළමු (1) ශ්‍රේණිය, පහ (5) සහ හය (6) වන ශ්‍රේණිය හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයඳුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


වෛද්‍ය බෙල්ලන ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

(19.02.2024 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින් අපහසුතාවයට පත්වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකළ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෛද්‍ය බෙල්ලනට විරෝධය පළ කරමින් සෞඛ්‍ය කාර්ය සහායකයින් අදත් (19) ජාතික රෝහල් පරිශ්‍රයේ සාමකාමී විරෝධතාවයක නිරත වුණා.

වෛද්‍යවරුන්ට අනුමත කළ ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් එක්ව ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අතරතුර සිය වෘත්තියට අපහාසයක් වන අන්දමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදුකළ ප්‍රකාශවලට එරෙහිව සෞඛ්‍ය කාර්ය සහායකයින් පසුගිය 16 වැනිදා විරෝධතාවයක නිරත වුණා.

එහිදී ඔවුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කාර්යාල අඩස්සියේ රඳවා ගත් අතර ඔහුව රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියේ පොලිසිය ද මැදිහත් වීමෙන් අනතුරුවයි.

ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

අද (19) පෙරවරුවේත් කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක ඒකකය පරිශ්‍රයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් රැස්ව සිටි අතර ඔවුන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව සාමකාමී විරෝධතාවයක නිරත වුණා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට යළිත් සේවයට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන බවට සෞඛ්‍ය කාර්ය සහායකයින් පැවසුවද හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ තමා අද (19) දිනයේ සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *