රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි

රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි


රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි

(17.02.2024 – 22:09 +0530 – sinhala.adaderana.lk)

මැණික් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් බිලියන දෙකකට (2) ආසන්න මුදලක් වංචා කළ මාලදිවයිනේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

අදාළ සැකකරු මෙරට සිටියදී රුපියල් කෝටි 24 ක් වංචා කර ඇති බවට ඔහුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයට රුපියල් කෝටි 6 ක, රුපියල් කෝටි 36 ක, රුපියල් කෝටි 40 ක ආදී වශයෙන් මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබුණි.

පොලීසිය පැවසුවේ ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වනවිට සැකකරු සිය බිරිය හා පියා සමග මාලදිවයිනට පළාගොස් තිබූ බවය.

අනතුරුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුට ‘රතු වරෙන්තු’ නිකුත් කරනු ලැබීය.

ඒ පිළිබඳව නොදත් සැකකරු සිය සංචාරක වීසා කාලය අවසන් වීම හේතුවෙන් මාලදිවයින් ආගමන විගමන කාර්යලය වෙත ගොස් තිබුණේ නැවත වීසා කාල සීමාව දිගු කරගැනීම සඳහාය.

එහිදී සැකකරු අත්අඩංගුවට පත්වී ඇති අතර ඒ පිළිබඳව කළ දැනුම්දීම මත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ අංක 01 අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා සැකකරු මෙරටට ගෙන ඒම සඳහා මාලදිවයිනට ගොස් තිබුණි.

ඒ අනුව සැකකරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට රැගෙන ආවේය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු සතුව මැණික් ඇති බවත් ඒ සඳහා ආයෝජනය කරන ලෙස පවසා මැණික් ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කර ඇති බවය.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ෴


රනිල් හදපු ණය බෝම්බය පිපිරුවේ ගෝඨාභයගෙ උකුලේ ! – උදය ගම්මන්පිල (15.02.2024)

+


ලංකාව ඉන්දියාවේ කොටසක් ? – විමල් වීරවංශ (17.02.2024)

+


නඩුවලට උසාවි එන්නෙත් නැතුව තාඹුගල තවමත් විල්පත්තුව කපනවා | ආනන්ද සාගර හිමිගෙන් යළිත් චෝදනා (17.02.2024)

+++++++

තාඹුගලගේ කුලී මැරයෝ අපිව මරන්න හැදුවේ. සංගීත කණ්ඩායම් වලට කෝටි ගණන් පොලු (09.02.2024)

+++++++++

+


ඝාතනය කිරීමට නියමිතව සිටි එළ ගවයන් 09 ක්, මී ගවයන් 10 ක් බේරාගත් මෙහෙයුම

(18.02.2024 – 06:50 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම පොලිස් වසමේ දර්ගා නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

අලුත්ගම පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී මී ගවයන් දෙදෙනෙකුගේ (2) මස් කිලෝ ග්‍රෑම් 330 ක්, ඝාතනය කිරීමට නියමිතව සිටි එළ ගවයන් 09 ක්, මී ගවයන් 10 ක් සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් තීරෝද රථයක් සමග සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවකට තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකරුවන් මග්ගොන දර්ගා නගරය හා අධිකාරිගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර තිබෙනවා ෴


මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

(18.02.2024 – 07:10 +0530 – hirunews.lk/sinhala)

මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජයේ අවධානය යොමුවීම වඩාත් වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු අතර, ඖෂධ හෝ වෙනත් මත්වන ද්‍රව්‍ය දරුවන්ට ඇස ගැටෙන ලෙස නොතැබිය යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල – මදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු (4) මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

කුරුණෑගල – මදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු (1) විසින් ඔහුගේ පියා සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පෙරේදා (16) පාසලට ගෙන ගොස් තවත් සිසුන් තුන්දෙනෙකු (3) සමඟ පානය කිරීම නිසා ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙම දරුවාගේ පියා මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවෙකු වූ බවට අනාවරණ වී ඇති අතර, සිද්ධියට අදාළව පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු කුරූණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා ෴


කාමාතුර පාපතරයෙකු බිලිගත් තලෙයිමන්නාරමේ දැරියගේ දේහය නිවසට

(18.02.2024 – 07:34 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරම උතුර ප්‍රදේශයේදී අපයෝජනය කර ඝාතනය කළ දස (10) හැවිරිදි දැරියගේ මෘත දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.

මෙම දැරිය ලිංගික හිංසනයකට ලක්ව ඇති බවත්, ඝාතනය කර ඇත්තේ ගෙළ සිරකර බවත්, ඊයේ (17) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය, ඊයේ (17) පොලිසියට අවසර ලබා දුන්නා.

ඒ සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මිත්තනියගේ නිවසේ සිටි ඇය පසුගිය 15 වනදා පස්වරුවේ අසළ වෙළඳසැළකට ගොස් තිබුණේ බාල සහෝදරියට ආහාර රැගෙන ඒම සඳහායි.

එහි දී අදාළ දැරිය පසුපස ඇය පදිංචි පොල්වත්තේ මුරකරු ගමන් කරන ආකාරය සී.සී.ටී.වී. කැමරා වලද සටහන්ව තිබෙනවා.

ඇය, යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මිත්තනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව සිදුකළ විමර්ශනවලදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර 300 ක් පමණ දුරින් පිහිටි පොල් ඉඩමක තිබී හමුවුණා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් 55 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි මෙම පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවූවෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

+

මේ අතර කුරුණෑගල අලකොළදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව 55 හැවිරිදි අසල්වාසී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස පළමුවනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කෙරුණා.

අදාළ දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය සිය මිත්තණිය භාරයේ සිට ඇති බවටයි අනාවරණ වන්නේ ෴


මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමේ සිද්ධියට අනුබලදුන් දෙදෙනෙකු (2) අල්ලයි

(18.02.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැළක් තුළදී අයකැමි තරුණියකට වෙඩි තැබීමේ සිද්ධියට අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා යතුරු පැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම තරුණියට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් තිබුණා.

ඊයේ (17) දිනයේදී මෙම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගේ යතුරුපැදිය, හිස්වැසුමක්, පිහියක් සහ කමිසයක් සොයාගනු ලැබුවේ කඩවත කිරිල්ලවල අවන්හලක කාමරයක් තුළ සඟවා තිබියදියි.

ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවන්හලේ හිමිකරු සහ සැකකරුවන්ට නවාතැන් ලබාදුන් තවත් පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


අතවර සෙවීමට බස් රථයට නැඟි නිලධාරිනියටත් අතවරයක්

(18.02.2024 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවක්ද අතවරයට ලක්ව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙම ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුව එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.

+


නිවාස බිඳ භාණ්ඩ සොරකම් කරනා පුද්ගල කණ්ඩායමක් සොයා විමර්ශන ඇරඹේ

(18.02.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)

රාත්‍රි කාලයේදී නිවාස බිඳ භාණ්ඩ සොරකම් කරනා පුද්ගල කණ්ඩායමක් සොයා විමර්ශන ආරම්භකර ඇති බව පොලීසිය පවසනවා.

මෙම කණ්ඩායම වාහනවල අමතර කොටස් සොරාගැනීමේ ජාවාරමක ද නිරතවන බවයි වාර්තා වෙන්නේ.

මොවුන් රාත්‍රි කාලයේදී මෙම ක්‍රියාව සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

මෙම කණ්ඩායම සුරතල් සතුන්ට වස ලබා දී මෙම සොරකමේ නිරතවන අතර මේ පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


ජීවිත 04 ක් බිලිගත් මාරාන්තික අනතුර

(18.02.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala)

බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සේවකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයකට කිළිනොච්චිය පරන්තන් ඒ-35 මාර්ගයේදී මී ගවයින් රෑනක් ගැටීම නිසා බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් මී ගවයින් තුන් දෙනෙකු (3) මියගොස් තවත් හතර දෙනෙකු (4) තුවාල ලබා ඇති අතර එම අනතුරට මැදි වූ යතුරු පැදිකරුවකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම මීගවයින් රෑන එක්වරම මාර්ගය මැදට පැන මාර්ගය හරහා ගමන් කරන්නට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මී ගවයින් බස් රථයේ ගැටීමත් සමගම ඔවුන් කුලප්පු වී මාර්ගය පුරා දිව ගිය අවස්ථාවේදී එක් මී ගවයෙකු යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් දේවීපුරම් ගම්මානයේ පදිංචි 55 හැවිරිදි එස්. විනයාගම් නැමති අයෙක්.

කිළිනොච්චිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *