ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක්

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක්


ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක්

(17.02.2024 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් භාර දී තිබෙනවා.

ඒ, පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ.

එම ලිපිය පහතින් :


අන්තර්ජාලයේ සංසරණය වෙන කොරියානු භාෂා අයදුම්පතක් ගැන දැනුම්දීමක්

(17.02.2024 – 17:59 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලයේ සංසරණය වන 2024 වසරේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රය ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය අවධාරණය කළේ කොරියානු රජය විසින් ද එය නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.

එබැවින් ව්‍යාජ අන්තර්ජාල දත්ත පත්‍රිකා වෙත තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු විභාග සම්බන්ධ උපදෙස් මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසත් නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා පමණක් එහි පළකෙරන බවත් එම කාර්යාංශය ප්‍රකාශ කළා ෴


රත්මලාන රබර් පර්යේෂණ ආයතනය ‘හරිත මකන’ නිෂ්පාදනය අරඹයි

(17.02.2024 – 17:26 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන රබර් පර්යේෂණ ආයතනය හරහා ‘හරිත මකන’ නිෂ්පාදනය මේ වන විට අරම්භ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

පාසල් දරුවන් භාවිත කරන ඇතැම් මකන වර්ග පරිසරයට මෙන්ම සිරුරට ද හානිකර බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස සිදු කෙරෙන මෙම ‘හරිත මකන’ මුළුමනින්ම ‘ක්‍රේප් රබර්’ වලින් නිෂ්පාදනය කෙරෙන බව සඳහන් ෴


සැමියා පවුල් ආරවුලට බිරිඳගේ කකුල් දෙකම කපලා

(17.02.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

බුස්ස මැදවල ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (17) පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ කකුල් දෙකම කපා තිබෙනවා.

පොලිසිය පවසන්නේ 34 හැවිරිදි බිරිඳ ගුරුවරියක වන අතර, මේ වනවිට ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි.

මෙම ආරවුලෙන් පසුව සැමියා නිවසේ තිබු යතුරුපැදිය හා ජංගම දුරකථන ද රැගෙන පලාගොස් තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් පරීක්ෂණ පවත්වන බවයි ෴


තරුණියකට නිරුවත පෙන්වූ තරුණයා රිමාන්ඩ්

(17.02.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තරුණියකට නිරුවත පෙන්වා අසභ්‍ය පණිවුඩ ජංගම දුරකතනයක් මඟින් යැවූ පුද්ගලයෙක් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

අදාළ සැකකරු වයසින් අඩු තරුණියකට ඇඳ සිටි තුවායක් ගලවා නිරුවත පෙන්වා ඇති අතර අවසානයේ ජංගම දුරකතනයක් මඟින් අසභ්‍ය පණිවුඩ යවා ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පොලිසියේ මෙම කරුණු දැක්වීම්වලින් පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


වල්ගුරෙක් පාසලේදී සිසුවෙකුට නිරුවත් දර්ශන පෙන්වලා

(17.02.2024 – 13:53 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

පරිගණක කාමරයේදී බාල වයස්කාර සිසුවෙකුට නිරුවත් දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් තෙල්දෙණිය පාසලක වල්ගුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 53 ක් වන වල්ගුරෙක් බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සිසුවා විසින් තෙල්දෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් සැකකාර වල්ගුරා අත්අඩංගුවට ගත් බවයි.

සිසුවා වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කර ඇති අතර තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


සුළං බලාගාර හේතුවෙන් සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් අවදානමට

(17.02.2024 – 13:57 +0530 – hirunews.lk/sinhala)

‘ඉන්දීය අදානි සමාගම’ මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බවයි.

මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බවත්, ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි පරිසරවේදී නයනක රන්වැල්ල තවදුරටත් කියා සිටියේ ෴


සිව් (4) මසක් තිස්සේ තරුණි‍යක් අතුරුදන්

(17.02.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

රැකියාවකට යන බව පවසමින් මීට මාස 4 කට පමණ පෙර නිවසින් පිටව ගිය කඩවත ප්‍රදේශයේ අවුරුදු 18 ක තරුණියක් මෙතෙක් යළි නොපැමිණි බව එම තරුණියගේ මව පවසනවා.

ඇය පවසන්නේ සිය දියණියගේ ජීවිතයට යම් අනතුරක් සිදුවී ඇද්දැයි සැක මතුවන බවයි.

කඩවත – සූරියපාළුව ප්‍රදේශයේ 18 හැවිරිදි ‘එම්.ඒ. උදානි තත්සරණි’ නැමැති තරුණිය මහාබාගේ ප්‍රදේශයේ රැකියාවට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබුණේ පසුගිය වසරේ (2023) නොවැම්බර් මස 04 වැනිදායි.

එහෙත් මේ වන තෙක් ඇය නැවත නිවසට පැමිණ නැහැ.

ඇය රැකියාවේ නිරත වී තිබුණේ මහාබාගේ රෝහලේ පුහුණුවන හෙදියක් ලෙසයි.

කෙසේ වෙතත් අතුරුදන් තරුණියගේ පෙම්වතා බව පැවසෙන 23 හැවිරිදි ‘සසංක පූර්ණ’ නමැත්තෙකු උදානිගේ මවට පවසා ඇත්තේ ඇය සුරක්ෂිතව තමන් ලඟ සිටින බවයි.

ඒ පිළිබඳව මව දැක්වූයේ මෙවන් අදහසක් :

“මට සැකයක් ආවා මේ පුද්ගලයා තමා කියලා. අන්තිමට පස්සේ පස්සේ කිව්වා ඔව් මං ගාව ඉන්නවා කියලා. දුව ගැන හිතලාම තාත්තා ලෙඩ වුණා. මගෙන් දුවවම ඉල්ලුවා. මම දුව හොයන්න ගියා. එක දවසක්වත් මට දුව හම්බවුණේ නැහැ . කල්පනා කරලා-කරලාම 10 වැනිදා තාත්තා නැති වුණා. තාත්තාගේ මරණය කිව්වා මේ පුද්ගලයාට; දුවව එවන්න කියලා‍. නැහැ; දුව මොනවත් දකින්න කැමති නැහැ කියලා කිව්වා.”

කෙසේ වෙතත් උදානිගේ මව කුලියාපිටිය , පෑලියගොඩ සහ කඩවත පොලිස් ස්ථානවලට සිදු කළ පැමිණිලිවලින් අනතුරුව ඇගේ පෙම්වතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නමුත් මේ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවයි එහිදී ඔහු පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගේ පවුලේ ඥාතීන් ගැනද සැක මතුවන බවයි මව පවසන්නේ.

+


බස් වංචාවට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම්

(17.02.2024 – 16:16 +0530 – sinhala.adaderana.lk)

ධාවනයෙන් ඉවත්කළ ලංගම බස් රථ නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමේදී අම්පාර ඩිපෝව සිදුකළ වංචාවට සම්බන්ධ සියලුදෙනාගේ වැඩ තහනම් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, අලුත්වැඩියාව සඳහා අවශ්‍ය මුදල් ගෙන ධාවනය කරමින් තිබූ බස් රථයක අංක තහඩු වෙනස්කර අලුත්වැඩියා කළ බවට ඉදිරිපත් කරමින් සිදුකර තිබූ වංචාවක් සම්බන්ධයෙනි.

ධාවනයෙන් ඉවත්කළ බස් රථ 200 ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි (2) අදියර පසුගිය 09 වනදා පැවැත්වුණි.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 270 කි.

ඒ යටතේ අම්පාර ඩිපෝවට ද බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා ලක්ෂ 20 ක මුදලක් හිමිවී තිබුණි.

ඒ ධාවනයෙන් ඉවත්කර තිබූ NB-5430 දරන බස් රථය අලුත්වැඩියා කිරීම සඳහාය.

නමුත්, බස් රථය අලුත්වැඩියා කරන මුවාවෙන් අම්පාර ඩිපෝ බලධාරීන් සිදුකර ඇත්තේ, ධාවනය වෙමින් තිබූ බස් රථයකට NB-5430 අංක තහඩුව සවිකර උත්සව අවස්ථාවට එක්කිරීමය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ‘ලංකා ගමනා ගමන මණ්ඩලය’ පරීක්ෂණයක් සිදුකරයි.

+


රාජකාරි වැටලීමකදී බිබිල අඩවි වන කාර්යාලයට අයත් ක්ෂේත්‍ර නිලධාරියෙක් දියේ ගිලී අතුරුදන්

(17.02.2024 – 15:44 +0530 – sinhala.adaderana.lk)

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (16) උදෑසන කරාඩුගල පිහිඹියාව ප්‍රදේශයේ ගල්ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 53 හැවිරිදි බිබිල අඩවි වන කාර්යාලයට අයත් ක්ෂේත්‍ර නිලධාරියෙකි.

බිබිල අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පිහිඹියාව ප්‍රදේශයේ වැටලීම් රාජකාරියක් සඳහා ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත.

අතුරුදන්වූ නිලධාරියා සොයා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *