වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට


වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

(16.02.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලේ අනාරක්ෂිතව සවිකර තිබූ ජල ටැංකියක් කඩා වැටී 52 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ දෛනික කුලී පදනම මත සේවය කරමින් සිටි තැනැත්තියක බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඇය වලස්මුල්ල, මහයාය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය වසර 14 ක් තිස්සේ අදාළ හෝටලයේ සේවය කර ඇති අතර සුපුරුදු පරිදි ඊයේ (15) පස්වරුවේදීත් හෝටලයේ මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිට තිබෙනවා.

එහිදී හෝටලයේ ඉහළ මහලේ අඩි 12 ක් පමණ උසකින් පිහිටි අඩක් නිම කළ කොන්ක්‍රීට් තට්ටුවක් මත අනාරක්ෂිතව සවිකර තිබූ ජල ටැංකිය මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි ඇගේ හිස මතට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කඩිනමින් රෝහල්ගත කළත් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් තිබුණා.

ගොඩනැගිලිවල ඉහළ මහලේ ජල ටැංකි අනාරක්ෂිතව රඳවා තැබීම නිරන්තරයෙන් මෙවැනි අනතුරුවලට හේතුවන බවයි ඉදිකිරීම් ඉංජිනේරුවරුන් සිහිපත් කරන්නේ.

+


පොලිස් කූඩුවේ සිටි දෙදෙනාට (2) වස දුන් හැටි හෙළිවෙයි

(16.02.2024 – 21:11 +0530 – sinhala.adaderana.lk)

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) වස ලබාදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් වැලිසර හා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත අද (16) ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

ආදුරුප්පුවීදිය පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකුට (2), ඔවුන් බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් වස සහිත කෑම ලබාදී තිබුණේ පසුගිය 07 වනදා ය.

වස ශරීරගතවී රෝහල්ගත කළ පුද්ගලයා මේවන විට සුවය ලබා ඇති අතර සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු (3) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුනි.

මේ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුට වස සහිත කෑම ලබාදුන් බව පැවසෙන තැනැත්තා ඊයේ (15) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම ප්‍රධාන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි ‘මදුර්ෂන්’ නැමැති 26 හැවිරිදි අයෙකි.

‘කුඩු සෙල්වි’ගේ පුත්‍රයා සහ ‘කංජිපානි ඉම්රාන්’ දුරකථනයෙන් ඔහු අමතා උදව්වක් ලෙස එම කෑම ගෙනගොස් දෙන මෙන් ඉල්ලා ඇති බව පොලීසිය කළ මූලික විමර්ශනයේදී හෙළිවී තිබුණි.

සැකකරු සතුව තිබූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

මේ අතර ප්‍රධාන සැකකරුට වස මිශ්‍ර කෑම ලබාදුන් මෙම රූප රාමුවල සිටින ‘රත්නකුමාර් නිශාන්තන්’ නැමැති 31 හැවිරිදි පුද්ගලයා ද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටහේන ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පවසා ඇත්තේ, වෙනත් පුද්ගලයෙක් තමන්ට ‘වස මිශ්‍ර ආහාර පාර්සලය’ ලබාදුන් බවය.

එම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවත් මෙම පුද්ගලයා වසර 4 ක් පමණ ඖෂධහලක සේවය කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර සැකකරුවන් දෙදෙනා (2) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද (16) ඉදිරිපත් කරනු ලැබීය.

ඉන්පසුව ප්‍රධාන සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

අනෙක් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සැකකරුද දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

මේ අතර ඊයේ (15) දිවයිනට රැගෙන ආ ‘කුඩු සළිඳු’ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පියුමා’ නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) අවසර ලබාදුන්නේය.

‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන්නේ ද මහජන පැමිණිලි අංශය මගිනි.

මේ අතර ‘පියුමා’ නැමැති සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද (16) දහවල් ඉදිරිපත් කරනු ලැබීය.

+++++++++

+

+


Press Release – SRI LANKA POLICE (pdf files)

+


නොදන්න අයට ATM Card දෙන්නේ බලාගෙනයි – මුදල් අරන්දෙන මුවාවෙන් ලක්ෂ ගණනක මුදල් වංචා කරලා (16.02.2024)

+


හොර ID තොග පිටින් හැදූ මොළකරු බඩු එක්කම කොටුවෙයි (16.02.2024)

+


පංච (5) පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකුගේ (3) විස්තර එළියට

(16.02.2024 – 22:13 +0530 – sinhala.adaderana.lk)

අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ (3) ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට (5) වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මොවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකරුවන්ගේ පහත සඳහන් තොරතුරු හා ඡායාරූප පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් දැනුම් ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක :

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගල්ල කොට්ඨාසය : 071 859 1488
ස්ථානාධිපති / බෙලිඅත්ත : 071 859 1497

සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ :

  1. නම : ‘මහගමගේ දිනේෂ් ප්‍රියංකර’ නොහොත් ‘චුටියා’ නොහොත් ‘මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර’
    ලිපිනය : ඩෙන්මාර්ක් කොළණි, වෑරගොඩ, කහව, අම්බලන්ගොඩ
    ජා.හැ. අංකය : 892362890V

+++++

  1. නම : නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්
    ලිපිනය : අංක 80, යාය 4, තඹුත්තේගම | අංක 84, ගල්පාත, අඟුරුවැල්ල.
    ජා.හැ. අංකය : 740744330V

+++++

  1. නම : රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා
    ලිපිනය : අංක 107/2/බී, පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ.
    ජා.හැ. අංකය : 832190942V

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *