ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට

ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට


ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට

(09.02.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට (1) තවත් පුද්ගලයෙකු (1) විසින් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබෙනවා.

තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදු වී ඇති අතර, ඔහු මේවන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආණමඩුව, තට්ටෑව මාර්ගයේ සුසාන භූමිය ආසන්නයේ දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි වැදීමෙන් ඔහුගේ වම් බාහුවට තුවාල සිදු වී ඇති අතර, ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අද (09) අළුයම වැඩිදුර ප්‍රතිකාර සදහා පූත්තලම මූලික රෝහලට මාරු කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද ආණමඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා (2) අතර කලක පටන් පැවති අමනාපයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති අතර, වෙඩි තැබීම සඳහා බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කළා.

කෙසේ වෙතත් සැකකරු මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

++++++++

https://www.youtube.com/watch?v=8fWleGnyfUk

+


කෝවිල හදන්න දීපූ රුපියල් කෝටි පහකට වැඩි මුදලක් සමඟ පූසාරියෙක් අතුරුදන්

(09.02.2024 – 12:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහකට (5,00,00,000) වැඩි මුදලක් සමඟ යාපනය, කොකුවිල්, පොල්පති පිල්ලයාර් කෝවිලේ පූසාරියා දින කීපයකට පෙර අතුරුදන් වී තිබෙනවා.

මෙම මුදල කෝවිලේ ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරව පූසාරියා විසින් දායකයන්ගෙන් ලබාගෙන තිබෙන බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල්, විදෙස් රටවල සිටින දායකයින් පවා එවා ඇති බවටයි වාර්තා වන්නේ.

පූසාරියා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ කෝවිලේ විශාල බිත්ති කීපයක්ද කඩා දමමිනි.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල් දිනයේ මුදල් ගෙවූ පූසාරියා පසුදින සිට අතුරුදන්ව ඇති අතර ඔහුගේ ජංගම දුරකතන ද්විත්වයද ක්‍රියා විරහිතකොට ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා ෴


කිලිනොච්චියේ වැඩි මිලට බඩු විකුණපු වෙළඳුන්ට වැඩ වරදී

(09.02.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් සිදුකළ වැටලීම්වලින් වෙළෙන්ඳන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම, පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම යන චෝදනා යටතේ බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෙළෙන්ඳුන් සියලු දෙනාට දඩ මුදලක් නියම කර ඇති බවයි.

ඒ, රුපියල් තුන් ලක්ෂ හැට අට දහසක (3,68,000) මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

එම නිලධාරීන් පවසන්නේ මෙම වැටලිම් කිලිනොච්චිය ප්‍රදේශවාසින් විසින් සිදු කරන ලද පැමිණිවලට අනුව සිදුකළ බවයි ෴


සංචාරකයින් රැගත් වෑන් රථයක් හා ලොරි රථයක් අධිවේගී මාර්ගයේදී අනතුරට

(09.02.2024 – 10:59 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල අතර 187 වන කිලෝමීටර කණුව අසල වෑන් රථයක් හා ලොරි රථයක් අද (09) අනතුරට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම අනතුරින් රුසියන් ජාතික සංචාරකයින් හතර දෙනෙකු (4) තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබු මෙම පුද්ගලයින් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිදුරටත් පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


ආදුරුප්පු වීදිය පොලිසිය තුළ සැකකරුවන් දෙදෙනෙකුට (2) වසදීමේ සිද්ධියේ සුලමුල හෙළිවේ

(09.02.2024 – 09:25 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පු වීදිය පොලිස් සිරමැදිරිය තුළදී සයිනයිඩ් මිශ්‍ර කිරි ලබාදී රැඳවියන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු (1) සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පූකුඩු ඛන්නාගේ’ ගෝලයෙකු බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

පසුගිය 24 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ‘පූකුඩු ඛන්නා’ගේ පාර්ශවයේ සැකකරුවන් දෙදෙනෙකුට (2) මෙලෙස වස ලබාදී තිබුණා.

ඔවුන් මේ වනවිට බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ වෙඩි තැබීමෙන් ‘කුඩු සෙල්වි’ගේ පාර්ශවයේ පුද්ගලයෙකු තුවාල ලැබූ අතර, සයිනයිඩ් මිශ්‍ර කිරි පැකට් ලබාදීමට පැමිණි ‘පූකුඩු ඛන්නා’ගේ පාර්ශවය සම්බන්ධ පුද්ගලයාට ‘සෙල්වි’ පාර්ශවය විසින් මුදල් ලබාදී එම ක්‍රියාව සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) ජල සැපයුම අත්හිටුවයි

(09.02.2024 – 09:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (10) සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

හෙට (10) සවස 05:00 සිට පසුදින (11) උදෑසන 08:00 දක්වා පැය 15 ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා ෴


පවුල් ආරවුලක් දුරදිග ගිහින් සැමියා බිරිඳව ඝාතනය කරලා

(09.02.2024 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) උදෑසන තෝපුර් 07 ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනයට ලක් වී ඇති බව, පොලිසියට වාර්ථා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වන අල්ලේ නගර්, තෝපූර් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ .

පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියකගේ පුරුෂයා විසින් ගෙල සිර කළ මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිස් පරීක්ෂණ වල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකල වයස අවුරුදු 33 ක් වූ සැකකාර සැමියා මූතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මූතූර් පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴


‘ජෙරම් පුතා’ සොයන්න මැදිහත්වන්නැයි ඉල්ලීම්

(09.02.2024 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ධීවර වරායෙන් ධීවරයින් සිව් දෙනකු (4) සමග මුහුදු ගිය ‘ජෙරම් පුතා’ නැමති බහුදින යාත්‍රාව පිළිබඳව දින 22 ක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

මෙම පිරිස මසුන් ඇල්ලී සඳහා ගොස් තිබුණේ පසුගිය මස 17 වැනි දායි.

අදාළ ධීවරයින් මීගමුව – වැල්ලවිදීය සහ තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් පිළිබඳ සොයා බලා කඩිනම් මැදිහත් වීමක් කරන ලෙසයි එම ධීවරයන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ.

+


දරුවෙකු යොදා ගෙන සිදු කළ සොරකමක තොරතුරු හෙළි වෙයි

(09.02.2024 – 20:24 +0530 – hirunews.lk/sinhala)

දරුවෙකුට යහ මඟ පෙන්වීම වැඩිහිටියන්ගේ වගකීමක්. එහෙත් එම වගකීම පසෙක තබා දරුවන් නොමග යවන වැඩිහිටියන් ද අප අතර නැතිවාම නොවේ.

එවැනි පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අප වෙත ලැබුණු ආරක්ෂිත කැමරාවක සටහන් වූ දර්ශන පෙළක සටහන් වූයේ, කොම්පඤ්ඤ වීදියේ පිහිටි ගෑස් වෙළඳසැලකට කාන්තාවන් දෙදෙනෙකු (2) සහ දරුවන් දෙදෙනෙකු (2) පැමිණෙන අයුරුයි.

එහිදී එක් (1) කාන්තාවක් සමඟ පැමිණි කුඩා දැරියක් (1) වෙළඳසැලේ හිමිකරුගේ දියණියගේ අත් බෑගය සොරා ගෙන එය තම මවට ලබාදෙන අයුරු එම දර්ශනවල දක්නට ලැබෙනවා.

ඔවුන් මෙම ගෑස් වෙළඳසැලට පැමිණ ගෑස් සිලින්ඩරයේ මිල ගණන් විමසා රුපියල් 20,000 ක් ඇති බවත්, ඉතිරි රුපියල් තුන්දහසක (3000) මුදල කිසිවෙකු විසින් රැගෙන එන බවත් පවසා වෙළඳසැලෙහි රැඳී සිටිමිනුයි මෙම සොරකම සිදුකර ඇත්තේ.

පසුව ඔවුන් අදාළ සම්පූර්ණ මුදල ගෙවා ගෑස් සිලින්ඩරය වෙළඳසැලෙන් රැගෙන යන අයුරු ද ආරක්ෂිත කැමරාවේ සටහන් වූ දර්ශනවල දැක්වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැලේ හිමිකරු කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිලි කළද මේ දක්වා ඔවුන් අත්අඩංගුවට ගෙන නැහැ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත්වන බව රහසක් නොවේ. නමුත් රටක අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර නිසි මග යැවීම අත්‍යාවශ්‍ය කරුණක්.

දරුවන් වැරදි ක්‍රියා සදහා යොදා ගැනීම පාලනය කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

+


තිදෙනෙකු (3) රෝහලට යැවූ දුම්රිය ප්‍රවේශ පත්‍රය

(09.02.2024 – 20:35 +0530 – sinhala.adaderana.lk)

කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා දුම්රියෙන් ගමන් කළ තරුණියකට කොටුව දුම්රිය ස්ථානයෙන් හුණුපිටිය දක්වා පමණක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබීම නිසා ඇය ව ගම්පහ දී පරීක්ෂාවට ලක් කළ පරීක්ෂකවරුන් දඩමුදලක් බව පවසා මුදලක් අයකිරීමට උත්සාහ කර තිබේ.

එහි දී ඇතිවූ ගැටුමකින් තරුණියගේ සහෝදරයකු සහ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බව අප කළ විමසීමක දී දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පවසා ඇත.

+


පුතුගේ දිවි බේරා පියා අවසන් ගමන් යයි

(09.02.2024 – 22:13 +0530 – sinhala.adaderana.lk)

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ දී තම පුතු පාසල් බස් රථයට නැංවීමට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අද (09) උදෑසන අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය අසල සිටි එම පුද්ගලයාගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වර්ණකුලසුරිය ජානත තිසේරා නම් එක්දරු පියෙකි.

හලාවත ප්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන එකම පුතුව පාසැල් යැවීම සඳහා නිවසේ සිට රැගෙන විත් මාර්ගය මාරුවී පාසැල් බස් රථය පැමිණෙන තුරු අනතුරට පත්වූ පුද්ගලයා මාර්ගය අසල රැඳී සිට ඇත.

එකවරම ‘වැගන්ආර්’ වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් එන අයුරු දැක බියට පත්වී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති පියා, පුතාව එකවරම අතින් ඈතට තල්ලු කර තිබේ.

ඒ සමගම එම ස්ථානයෙන් පිටවීමට පියා උත්සාහ කරනවාත් සමග මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබිණි.

පුතා ආසන්නයේ තිබූ අගලකට වැටී සිටි බවත් පියා ලේ විලක් මැද සිහිසුන්ව සිටි බවත් ප්‍රදේශවාසීන් පවසයි.

මෝටර් රථයට යටවී බරපතළ තුවාල ලබා සිටි පියා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් අනතුර සමග පියාගේ වියෝව හේතුවෙන් පුතා මේ වනවිට දැඩි කම්පනයකට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

පියා විසින් සිදුකළ ක්‍රියාව හේතුවෙන් පුතාගේ ජීවිතය අනූනවයෙන් බේරුණු බවත් නැතිනම් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වීමට ඉඩතිබුණු බවත් පොලීසිය පැවසීය.

මෝටර් රථ රියදුරුට එකවර නින්ද යෑම සහ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *